තැපැල් ඡන්දයේ වාසිය රනිල්ට.. සජිත් හාන්සියි.  

Published in Gossip
Wednesday, 04 September 2024 21:26

අද සවස මහව පැවැති ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජන රැළියක දී ඔහු පවසා සිටියේ අද දින පැවැති තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේදී තමාට වැඩි වාසි අත්පත් වී ඇති බවට ආරංචි ලැබී තිබෙන බවය. එමෙන්ම එම රාජ්‍ය සේවකයන්ට ස්තුතිය පුද කරන බවත් පැවැසුවේය.

ඒ කෙසේ නමුත් අද දින දහවල් වන විටම රජයේ කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන ලෙස ලැබී තිබෙන නිරීක්ෂණ අනුව ජනාධිපති රනිල් කෙරෙහි වැඩි කැමැත්තක් ප්‍රකාශයට පත්ව ඇති බවය.

විශේෂයෙන්ම මෙවර රාජ්‍ය සේවක ඡන්ද වැඩි වශයෙන් ජාතික ජන බලවේගයේ අනුර කුමාර වෙත ලැබීමේ ප්‍රවණතාවයක් තිබෙන බවට විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත්ව තිබුණ ද ඡන්ද ප්‍රකාශ වන අවස්ථාව වන විට එවැනි තත්තවයක් දකින්න තිබුණේ නැත. අනුරට යම් වාසියක් ඇති බව නිරීක්ෂණය ගුරු ක්ෂේත්‍රයේ පමණි. සජිත් ප්‍රේමදාසට ඡන්දය ප්‍රකාශ වූවාද නැද්ද යන්නවත් දැන ගැනීමට නැති වීමත් සුවිශේෂීය.

මේ අතර සජබ ජාජබ දේශපාලන විසින් මෙහෙය වන වෘත්තීය සමිති වල නායකයන් සහ එම නියෝජිතයන් තුළින්ද පරාජිත හැඟීම් ඇතිව තිබෙන බවත් අද දින නිරීක්ෂණය විය. සමාජය තුළ දේශපාලන මතයක් ප්‍රකාශයට පත් නොකර සිටි පිරිස් ජනාධිපති රනිල් වෙත කැමැත්ත ප්‍රකාශය කිරීම සිදුවෙනු ඇති බවට විශ්වාසයක්ව තිබු අතර අද තැපැල් ඡන්දයේ දී එය මැනවින් පෙන්වා තිබු බව මැතිවරණය නිරීක්ෂණයේ සිටි අය පෙන්වා දෙයි.

කෙසේ නමුත් සමස්තයක් ලෙස අද දින ඡන්දය පාවිච්චි කළ රාජ්‍ය සේවකයන් අතරින් සියයට 50 ක පමණ පිරිසක් ජනාධිපති රනිල්ට කැමැත්ත ප්‍රකාශයට පත් වීම අහම්බයක් නොවේ. මන්ද රජය සේවක වැ‍ටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ගත් පියවර රාජ්‍ය සේවකයන් බහුතරයකගේ පැහැදීමට හේතුවක් වී තිබුණු බැවිනි. මීට පෙර 2016 දිත් පසුගිය වසරේදී රු 10,000 බැගින් වැ‍ටුප් වැඩි වීමක් ලබා දී තිබුනේද රනිල් වික්‍රමසිංහ විසින්ය.

එසේම ආර්ථික අර්බුද සමයේදී වැ‍ටුප් කප්පාදුවකින් හෝ සේවයෙන් ඉවත් කිරීමක් හෝ නොකර රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂමව පවත්වාගෙන යෑමට ජනාධිපති රනිල්ට හැකිව තිබිණි. එසේම රට ගොඩ නැගීමේ දුෂ්කර වෑයමේ දී රාජ්‍ය සේවකයන්ට පැවැරෙන වැදගත් කර්තව්‍ය පිළිගනිමින් රාජ්‍ය සේවකයන් දිරිමත් කරමින් සහ කෘතගුණ දැක්වීමේදී ජනාධිපති රනිල් කැපී පෙනිනි.

මෙරට මැතිවරණයක තැපැල් ජන්දය යනු රාජ්‍ය සේවකයින්ගේ ගේ කැමැත්ත ප්‍රකාශට පත්වන ඡන්ද විමසුමකි. ලක්ෂ 14ක් වූ රාජ්‍ය සේවකයින් අතරින් 7ත් ලක්ෂයක් තැපැල් ජන්දය සදහා මෙවර මැතිවරණයේදී සුදුසුකම් ලබා තිබිණි. තත්වය එසේ තිබියදී නිරීක්ෂණ වාර්තා අනුව මෙවර තැපැල් ජන්ද ප්‍රකාශය වීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැඩිම මනාපයක් සහිතව සිටින බව පැහැදිලි වීම දෘෂ්ටි මායාවක් වත්, අතිශයෝක්තිජනක පුවතක්වත් වෙන අමුතු ප්‍රාතිහාර්යයක් වත් නොව..මහා පොළොවේ යථාර්තය ඒ අයුරින් පිළිඹිබු වීමක් බව පැවැසිය හැකිය.

යුතුකම් දන්නා ජාතියකට අමුතු අටුවාටිකා කයිවාරු කතාන්දර ,සුරංගනා ලෝක අදාල නැත. රටේ රාජ්‍ය සේවකයින්ගේ ප්‍රශ්න වලට නිවැරදිව ඇහුම්කන් දුන්නේ ජනාධිපති රනිල්ය.

රාජ්‍ය සේවකයින් තුරුම්පු කොට ගෙන තම සංගම් වල කුඨ දේශපාලන අභිප්‍රායන් වෙනුවෙන් රාජ්‍ය සේවකයින් ගොදුරට ගත් ජෝශප් ස්ටාලින්ලා, මහින්ද ජයසිංහලා වැනි ෂයිලොක්ලාට අල්ලේ නටවන්න බැරි වුණු එකම නායකයා රනිල් වික්‍රමසිංහ බවත් නැවත මතක් කළ යුතුය. අද රාජ්‍ය සේවකයා රනිල් වෙනුවෙන් සිය යුතු කම සහ වගකීම ඉටු කර ඇත. එහි ප්‍රතිලාභයන් නියත ලෙසම ඔවුන්ට ලැබෙනු ඇත.

Leave a comment

 

ld add copy

ක්‍රීඩා

Connet With Us