ඇමති අරුන්දික ප්‍රනාන්දු ස්වාධින වෙයි

Published in පුවත්
Wednesday, 04 September 2024 10:47

නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ස්වාධීනව කටයුතු කරන බව දැනුම් දුනි.

අද (04) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඒ මහතා සඳහන් කර සිටියේ ජනාධිපතිවරයාට සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හැකිනම් එක්ව කටයුතු කරන ලෙසය.

වැඩිදුරටත් අදහස් දැක්වු අරුන්දික ප්‍රනාන්දු මහතා,

"අද රාජ්‍ය නිලධාරීන් තැපැල් ඡන්දයට යනවා. ලක්ෂ 14ක් රාජ්‍ය නිලධාරීන් ඉන්නවා. රාජ්‍ය නිලධාරීන්ගේ ඔළුව සම්පූර්ණයෙන්ම හෝදලා. රාජ්‍ය සේවකයින් ළඟ බොරුව වපුරලා. මේ රටේ කැරලි දෙකක් නිසා 1971 සහ 1989 දී. විශේෂයෙන් 89 දී 60,000ක් තරුණයින් විනාශ වුණා. උතුරෙත් එහෙමයි. ආදරණීය උතුරේ තරුණ පිරිසක් එල්.ටීටී.ඊ එක එක්ක රට විනාශකාරී තැනකට අරන් යන්න යද්දි විශාල තරුණ සංහාරයක් වුණා. දැන් ඉලක්කය තරුණයින්. සමාජ මාධ්‍ය ජාලා හරහා මේ විදියට තරුණයින්ගේ මනස විනාශ කරන තැනකට මේක අරගෙන යනවා. 

අපි අද ඉඳලා අපි බලනවා මේකේ දිනන්න බැරිනම් කථානායකතුමනි, දිනනවා ද ? පරදිනවා ද ? කියන ප්‍රජාතන්ත්‍රවාදය. හැබැයි පැරදුනාට කියනවා නම් නැවත වතාවක් විනාශකාරී තැනකට ගේන්න අරගල කරන්න, පාර්ලිමේන්තු ගිනිතියන්න කතා කරනවා නම්, මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට මේ රට විනාශකාරී කණ්ඩායම පරාජයට පත්කරන්න පුළුවන්, අයත් එක්ක කතා කරන්න පටන් ගන්නවා. මම කවදාවත් මම සජිත් ප්‍රේමදාස මහත්තයාව හම්බවෙලාවත් නෑ. අග්‍රාමාත්‍යතුමා දන්නවා අපි මේ වැඩ කරන්නේ සත්භාවයෙන්. මේ විනාශයෙන් වෙන වෙලාවේ මම අත්දෙක එකතු කරලා ඉල්ලනවා පුළුවන් නම් විපක්ෂ නායකතුමයි ජනාධිපතිතුමයි එකතු වෙන්න. පුළුවන් නම් මේ කණ්ඩායම් දෙක එකතු කරන්න. මම අවසාන වශයෙන් එකක් කියනවා මම අද ඉඳලා ස්වාධීන මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ අශුද්ධ සංවිධානයට විරුද්ධව පරාජයට පත්කරන්න පුළුවන් ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරනවා කියලා කියනවා."

Last modified on Wednesday, 04 September 2024 11:07

Leave a comment

ld add copy

Gossip

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

Connet With Us