රනිල්ව විවේචනය කරලා, බයිලා ගහලා රට ගොඩ ගන්න බෑ.

Published in පුවත්
Monday, 02 September 2024 11:59

වැටුණු රට ගොඩ ගැනීමට ජාත්‍යන්තර සහයත්, පලපුරුද්ද හා අද්දැකීම් ඇති එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා  පැවසීය.

නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ ජා ඇල පැවති ජන රැලියකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිමල් ලාන්සා මහතා,

“මේ රට වැට්ටුවේ ගෝඨාභය රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ රාජපක්ෂ පවුලම මේ රට වැට්ටුවා. අද මෙතන ඉන්න සියලු දෙනාම එතුමන්ලාව බලයට ගේන්න වැඩ කළා. නමුත් ඒ අය රට, ජනතාව, අපිව නන්නත්තාර කළා. ඒ වට්ටපු රට අවුරුදු දෙකෙන් ගොඩ ගත්තේ රනිල් වික්‍රමසිංහ. වට්ටපු රට ගොඩ ගන්න සජිත්ට එන්න කිව්වා අවේ නැහැ. අනුරට එන්න කිව්වම ආවේ නැහැ. තනි රනිල් වික්‍රමසිංහ වගකීම භාර අරන් රට ගොඩගත්තා.

ඒ නිසා අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා කළගුණ සලකන්න. හෘද සාක්ෂියට අනුව කළගුණ සලකන්න ඕන. පාරේ බැහැලා යන්න බැරුව ඉන්නකොට, අපිට ඉන්ධන ටිකක් ගන්න, බෙහෙත් ටික නැතිව ඉන්නකොට, රෝහල්වල මිනිස්සු මැරෙද්දි, පොහොර ටික නැතුව ගොවියන්ට ගොවිතැන කරන්න බැරුව ඉද්දි, අපේ ළමයින්ට පාසල් යන්න බැරුව තිබුණු මේ රට භාරගන්න එක මිනිහෙක් ඉදිරිපත් වුණේ නෑ. අවුරුදු දෙකකට ඉස්සෙල්ලා රට තිබුණු තත්ත්වය අපි හැමෝටම හොඳට මතකයි. ඒ තත්ත්වය පොඩ්ඩක් මතක් කරලා බලන්න. ප්‍රභාකරන් කියලා තියෙනවා අපිට කෙටි කාලයයි මතක කියලා. මේ රට භාරගන්න සජිත් ඉදිරිපත් වුනෙත් නෑ. අනුර කුමාර ඉදිරිපත් වුනෙත් නැහැ. තනි මන්ත්‍රී ධූරයක් තිබුණු රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වුණා. බය නැතුව ඉදිරිපත් වෙලා භාර ගත්තා. ඒ වෙලාවේ රට බාරගන්න බයයි. ගෙවල් ගිනි තියෙනවා. මම ගියා සජිත් එක්ක සාකච්ඡාවට මේ රට බාරගන්න කියන්න. අම්මෝ මේකට කර ගහන්න බෑ කිව්වා.

රනිල් වික්‍රමසිංහ මහතා භාර ගත්තට පස්සේ මොකද වුනේ. ඉන්ධන, විදුලිය, ගෑස්, පොහොර ටික තියෙනවා. පාසල් විවෘත කරලා. විභාග ටික පැවැත්වෙනවා. රට සාමාන්‍ය තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එහෙමනම් අපි සියලු දෙනාටම වගකීමක් තියෙනවා අපි අමාරුවේ වැටිලා හිටපු වෙලාවේ මේ රට ගොඩගන්න තනියම ඇවිල්ලා, රට බාරගත්ත රනිල් වික්‍රමසිංහට කළගුණ සලකන්න.

දැන් එතුමාව විවේචනය කරනවා. බයිලා ගහලා රටවල් ගොඩ ගන්න බෑ. විවේචනය කරලා රටවල් ගොඩ ගන්න බෑ. ටෝක් දීලා රටවල් ගොඩගන්න බෑ. බොරු කියලා රටවල් ගොඩගන්න බෑ. රට ගොඩගන්න පුළුවන් එකම කෙනා රනිල් වික්‍රමසිංහ මහතා පමණයි. අද ජාත්‍යන්තරය සහයෝගය නැතුව මේ රට ගොඩ ගන්න බැහැ. එහෙමනම් රනිල් වික්‍රමසිංහ මහතාට ලගින් තියන්න පුළුවන් කෙනෙක් මේ රටේ නෑ. සජිත් මහත්තයා මොනවද විකාර කතා කියමින්, විහිලු කතා කියමින් රට වටේ යනවා. දෙන්න බැරි පොරොන්දු දිදී යනවා. පොරොන්දු දුන්නට මේ රට ගෙනියන්න නම් හොඳ මොලයක් තියෙන්න ඕනේ. ජාත්‍යන්තර සබඳතා තියෙන්න ඕනේ. මනා අත්දැකීම්, පලපුරුද්ද තියෙන්න ඕනේ. කළ පුරුද්ද තියෙන්න ඕනේ. සජිත්ට පලපුරුද්ද නැහැ. අනුරට පළපුරුද්ද නැහැ. කරපු දෙයක් නෑ. කතා කරන්න විතරයි පුළුවන්. මේ රට ගොඩ ගන්න පුළුවන් රනිල් වික්‍රමසිංහ මහතා නැවත ආවොත් විතරයි. මං හිතනවා ඉදිරියේදී විශාල වශයෙන් මේ රට ගොඩගන්න පුළුවන් කියලා. අපි මැතිවරණ ව්‍යාපාරය කල් ගිහින් පටන් ගත්තත් අද ඉදිරියෙන් ඉන්නේ රනිල් වික්‍රමසිංහ මහතා. ඒ නිසා අපේ රට ගොඩ ගන්න පුළුවන් එකම නායකයා වන රනිල් වික්‍රමසිංහ මහතාට මේ රට ඉදිරියට ගෙනියන්න නැවත වරක් ජනාධිපතිධුරයට පත් කළ යුතුයි.”

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us