මෛත්‍රී ට එරෙහි ගොනුකල පෙත්සමේ කැදවීම අද

Published in පුවත්
Monday, 02 September 2024 12:13

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහිව ගොනුකර ඇති පෙත්සමක් සලකාබැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම අද (02) අභියාචනාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී වගඋත්තරකාර මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි  ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව සඳහන් කළේය. 

ඒ අනුව ඔහු සභාපති ධුරයේ අඛණ්ඩව කටයුතු කිරීමක් නොකළ බවත් ඔහු අධිකරණ නියෝග උල්ලංඝනය කරමින්  අපහාසයක් සිදුකර නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය. 

එම අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ ශාන්ත ජයවර්ධන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. 

ඒ අනුව අදාළ පෙත්සම සලකා බැලීම සඳහා මේ මස 27 වනදා කැඳවන ලෙසත් අධිකරණය නියෝග කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටු සාමාජිකයකු වන මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබූණි.

පෙත්සම්කරු කියා සිටින්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත් අප්‍රේල් මස අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ බවයි.

එවැනි අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමෙන් පසුව මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

ඒ අනුව මෛත්‍රිපාල සිරිසේන මහතාට සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

 

- ada derana 

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us