උතුරු පළාතේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසිවාර කිහිපයක් ඇති විය හැකිය.

අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනඟන සැලැස්ම සහ දැක්ම ඇතුළත් තම ප්‍රතිපත්ති ප්‍රකාශය අගෝස්තු 29 වන බ්‍රහස්පතින්දා රටට ඉදිරිපත් කරන බවත්, සියලු ජනතාවට යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන සහ තරුණ තරුණයින් වෙනුවෙන් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කරන වැඩපිළිවෙළ එහි ඇතුළත් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

දැනට ක්‍රියාත්මක ආර්ථික වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකේදී අප අත්විඳි අන්දමේ ආර්ථික සහ සමාජීය අර්බුදයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා නාරාහේන්පිට පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත අද (27) පෙරවරුවේ පැමිණ අග්ගමහා පණ්ඩිත මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නා හිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

සජබය නියෝජනය කරන ප්‍රබල කාන්තා චරිතයක් වන හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ඊයේ සාකච්ඡාවක් පවත්වා ඇතැයි සමාජ මාධ්‍ය වල තොරතුරු වාර්තා වෙයි.

2025 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල සඳහා බඳවා ගන්නා විදේශීය සිසුන් ප්‍රමාණය තවත් අඩු කිරීමට එරට රජය කටයුතු කර තිබේ.

වී ගොවීන් සඳහා ලබාදෙන පොහොර සහනාධාරය ඉහළ නැංවීම රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසා සිටියි.

රට හමුවේ ඇති ඕනෑම අභියෝගයක් ජය ගත හැකි ශක්තිමත් සහ දක්ෂ කණ්ඩායමක් තමා සමඟ සිටින බවත්, රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාම වෙනුවෙන් රජය ආරම්භ කළ වැඩපිළිවෙළ සාර්ථක අවසානයක් කරා මෙහයවීමට හැකි පරිසරයක් උදා කර දීම රටේ ජනතාවගේ වගකීම බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.


රාජ්‍ය ආදායමෙහි ප්‍රධාන මූලාශ්‍ර තුනක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව සහ සුරාබදු දෙපාර්තමේන්තුව ආශ්‍රිතව විශාල හිඟ බදු ප්‍රමාණයක් ඇති බවට ගෙන යන ප්‍රචාර මිත්‍යා සහගත බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ.ගුණසිරි මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක  පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්ව තිබේ.

Connet With Us