ලංකාවේ දේශපාලනය ගැන අත්විඳින අපිත් මුහුණදීලා ඉන්නේ මේ වගේම සන්තෑසියකට කියලයි මට හිත්තෙන්නේ. අපි හිතනවා අපි දේශපාලනයේ නියම කොටස්කාරයෝ කියලා; මුහුණු පොතේ සහ අනෙකුත් හැම තැනකම අපි වීරයෝ වගේ ලියනවා. එහෙත් ගේම ගහන්නේ අපි දැකලවත් නැති පිරිසක්. ඒ පිරිස කරන්නේ කාලෙන් කාලෙට එකේක විදිහේ රැළි හදන එක; ඒ රැළි වල නාද්දී අපට ඇත්ත අමතක වෙනවා. එහෙම අමතක වුණාම අපිව මෙහෙවන්න ලේසියි. ඉස්සර මිනිසුන්ට ඇත්ත අමතක කරන්න දඬුවම් දුන්නා; එකෙක විදියේ වාරණ දැම්මා; පොත් පිච්චුවා, දැන් එහෙම ඕන නෑ; ඕනෑම එක්කෙනකුට ඕනෑම පිස්සුවක් කියන්න, ලියන්න වගේම නටලා පෙන්නන්න අවශ්‍යය නිදහස දෙනවා.
මේක හදිසියෙවත් බ්ලොක් කළොත්, ජූලි චෑන් කෙළින්ම ට්වීට් (එක්ස්) පණිවිඩයක් ගහනවා ලංකාවේ භාෂණයේ නිදහස අවහිර කරලා කියලා. ඒ නිදහසත් එක්ක පුදුම සොම්නසක් ලැබෙනවා. ඒ සොම්නස අපි හිතනවා පරම නිදහස කියලා. එහෙත් සිද්ධ වෙන්නේ ඒ සොම්නස හරහා අපිව අපට නොදැනිම පාලනය කරන එක. මේක කාලයක් තිස්සේ සිද්ධ වුණාම අපිට අපිව අමතක වෙනවා. එවැනි තැනක සාධනීය සමාජ සංවාද වෙනුවට, එකිනෙකාට නින්දා කරගන්න වචන හුවමාරු සුලබ වෙනවා. එවැනි තැන් වල හට ගන්නේ හිස් පුරසාරම් විතරයි.
ජාතික ජනබලවේගයේ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" නමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය දැන් පොඩ්ඩකට කලින් එළි දක්වනු ලැබුවා. තාමත් වැඩේ යනවා. ඒ අතර තුරේදී ඒක ගැන කෙටියෙන් හරි වචනයක් ලියන්න හිතුනා. ඒ පොත නිර්මාණය කිරීමේ දී අනුන්ගේ සේයාරූ; ගැෆික් හොරකම් කරලා බුද්ධිමය දේපල අමු අමුවේ මංකොල්ල කළා ඒ පොත හදලා තියෙන්නේ.
ඒ වගේම ලංකාවේ මිනිස්සු ගැන කියන තැන්වල සුදු සහ වෙනත් විදෙස් මිනිස්සුන්ගේ සේයාරු සහ ඉන්දීයානුවන්ගේ ෆොටෝ අරගෙන තමයි ඒක හදලා තියෙන්නේ. බුද්ධිමය දේපළවල වැදගත්කම ගැන දන්නා හරිණි එතකොට වෙනත් උගත් මහාචාර්යවරුන් රාශියක් ඉන්න සන්ධානයක මේ වගේ ප්‍රාථමික කැත වැඩ සිදුවීම හිරිකිතයි. අනෙක් පක්ෂවල ඉන්නේ කොහොමත් හොරු කියලා හැමෝම දන්න එකේ, පාරිශුද්ධ චරිතවලින් සැදුම්ලත් මේ බලවේගයත් මෙහෙම කරනවා කියන එකෙන් කියන්නේ මේ කල්ලියත් කරන්නේ මවා පෑමක් කියලද?
කොහොම වුනත් මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන වචන ගැන විතරක් නෙමෙයි අනෙකුත් පක්ෂවල් ප්‍රතිපත්ති ප්‍රකාශ ගැනත් සාධනීය සංවාද විවාද සිදුවෙන්න ඕන. මේ පිටු 230ට වැඩි පොතේ අනෙකුත් කරුණු ගැන වෙනම දවසක ලියන්න ඕන. ඒ වුණත් පොතේ 214 වැනි පිටුවේ ලංකාව බෙන්ගාල බොක්ක මැද පිහිටි රටක් යැයි හඳුන්වමින් මෙසේ සඳහන් කර තිබෙනවා. " ඕනෑම රාජ්‍යයක විදේශ ප්‍රතිපත්ති තෝරා ගැනීමට බලපාන සාධක වන්නේ භූගෝලීය පිහිටීම, ජනගහනය, ඉතිහාසය, ආර්ථික සම්පත්, දෘෂ්ටිවාදය, රජයේ කාර්යක්ෂමතාව, රාජ්‍ය තාන්ත‍්‍රිකත්වයේ ගුණාත්මකභාවය, අර්බුද සහ ක්ෂණික සිදුවීම්, තාක්ෂණික දියුණුව, ජාත්‍යන්තර නීතිය සහ ආයතන යනාදියයි." භෞතික කරනා අතර "දෘෂ්ටිවාදය" වගේ වචනත් තිබීම පුදුමයි.
මේ වචනේ සඳහන් වෙන්නේ මුළු ප්‍රතිපත්ති ප්‍රකාශනයේම මෙතන විතරයි. මෙතනදී තමයි මම ඉස්සර වෙලා කියපු රතු තීන්ත නැති නිසා නිල් තීන්ත වලින් ලියන කතාව වැදගත් වන්නේ. අපේ හිස් කම වහගන්න අපි වචන පාවිච්චි කරනවා. ඒත් ඒවා ගැන මෙලොව හසරක අවබෝධයක් අපට නෑ.
කොහොම වුනත් අනුර ගැන ලොකු කතා බහත් රටේ තියෙනවා. ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන සමහරුන් කතා කරන්නේ මන්ද මානසික කුහකකමත් සමාජය ඉස්සරහ නිරුවත් කරමින්. ඇතැම් සිංහලයින්ට තමන්ගේ ජාතියේ " හැදිච්ච කම සහ පන්සල ප්‍රමුඛ කරගත් සාරධර්ම මතක් වෙලා," බොහෝ කතා ලියලා-කියලා තිබුණා. "මීට කලින් හිටිය අය තමන්ගේ බිරිඳ වේදිකාවට ගෙනාවා.. රටේ නායකයා වෙන්න ඉන්නව නම්, ඒවා ගැනත් දැනගන්න රටේ ජනතාවට අයිතියක් තියෙනවා, " කියා එක සිංහලයෙක් මේ ළඟදී වට්ස්ඇප්ස් ග්රූප් එකකට පණිවිඩයක් දමා තිබුණා. එය අනුමත කරමින් බොහෝ දෙනෙක් ඊට ප්‍රතිචාර දක්වා තිබුණා. හිටි හැටියේම අපේ අයියාලා මාරම ලස්සන පවුල් ජීවිත ගතකරන; ගුණවත් ස්වාමිපුරුෂයන් වී ඇති අයුරු හරිම අපුරුයි. මේ සිංහලයාගේ නියම කුණු ගතියයි.
මට නම අනුර බැඳලා හිටියත්, නොබැඳ හිටියත්, ලිහාගෙන හිටියත් ප්‍රශ්නයක් නෑ. මොකද ඔය කාගේත් පෞද්ගලික ජීවිත කුණු කන්දල් වලින් පිරී ඉතිරිලාය. සාදු චරිත රටේ සාදුලා ළඟවත් නැතිකොට පැලවත්තේ ජවිපෙ කාර්යාලයෙන් මතු වෙන්න විදිහක් නෑ. වැදගත් වෙන්නේ, අනුර මේ රට පුරා කියාගෙන යන දේවල් වල අර්ථයක් තිබේද? ඔහු කියන හැටියට ඔහුට රට හැදීම සඳහා හැකියාවක් තිබේද? ඒ සඳහා ඔහුට මොකක් හරි තනතුරක් ගන්න ඔහුගේ වටේ මුඛ ඇරගෙන රෝද-බැඳගෙන ඉන්න හිස් පුරසාරම් කාරයින්ට අමතරව වැඩක් කළ හැකි පිරිසක් සිටීද? ඔහු ළඟ ඉන්න පිරිස බටහිර රටවලට පැනලා එහේ ජීවිතය හදාගෙන, මෙහේ රට හදන්න එන දෙබිඩ්ඩෝ පිරිසක්ද? යන ගැටලු තමයි මට වැදගත්.
ඇත්තටම ජාතික ජන බලවේගයේ දේශපාලන දෘෂ්ටිවාදය (අයිඩියෝලොජි එක) මොකක්ද? අනුරගේ එකම කතාකවකින්වත් ඒ ගැන මට අහන්න ලැබුණේ නෑ? ඒවගේම බුද්ධිමතුන් කියා එම බලවේගය වටා ඒකරාශී වී සිටින කිසිම පුද්ගලයෙක් ඊට උත්තර දීලත් නෑ? ඒවගේම ගෙවුණු කාලය පුරාම අනුර එහෙම ගැඹුරු දෙයක් ලියපු බවක් පෙනෙන්නටත් නෑ.
අනුර මහන්සියෙන් ඉගෙන ගන්න උත්සහ කරපු බවක් පේනවා; ඔහු විද්‍යා විෂය ධාරාවෙන් ඉගෙන ගත්තත් ඔහු එතරම් කියවීමට රුචියක් දක්වන පුද්ගලයෙක් වගේ පේන්නේ නෑ. තමන්ටම ආවේණික වූ දේශපාලන දෘෂ්ටිවාදයක් නැතුව සමාජ හෝ දේශපාලන බලවේග නිකන් සබන් බෝල විතරයි; හැබැයි ඒ සබන් බෝල පුපුරලා යන්නේ ඉතාම භයානක විදිහට? ඒවාගෙන් වන්දි ගෙවන්න වෙන්නේ අපට හිතා ගන්න බැරි විදිහට.
මේ නිසා මම ආසයි මේ අයගෙන් අහන්න, අද එළි දක්වනු ලැබූ "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" පොතේ, මොකක්ද මේ දෘෂ්ටිවාදය කියලා, එයාලා අනෙකුත් සාමාන්‍යය විෂය කරුණු ඇතුලේ ගහලා තියෙන සක්ක කෑල්ලේ තේරුම් කියන එක. හරිණිවත් මේකට උත්තරක් ලියයිද කියලා මම බලාගෙන ඉන්නවා.
(මාතලී විසිනි)