වැඩි ඇතක නොවෙයි. මතකද? 2019 ජනාධිපති කෙනෙක් තෝරාගන්න ඡන්දයක් තිබුණා. මේ රටේ උගත් බුද්ධමත් මහාචාර්ය වරු ආචාර්යවරු දොස්තරලා, ගුරුවරු වගේ අය වියත් මග කියල හදාගෙන විරුවෙක් කියලා ගෙනාවා විශ්‍රාමික සොල්දාදුවෙන්, යුද්ධ කළාට රටක් පාලනය කරන්න පුලුවන්ද?
අඩු වැඩියක් නැතිව පෝළිමේ ගිහින් 69 ලක්ෂයක් ඡන්දය දීලා ජනාධිපති කෙනෙක් පත් කර ගත්තා. අපිත් ඉතින් ඉදිරිපත් කළේ ඊට දෙවෙනි නැති කෙනෙක් නේ, දේශපාලනය ගැන මෙලෝ හසරක් දන්නේ නැති යුද්ධ හමුදාවේ නිලධාරියා අලුත් ජනාධිපති තුමා විදිහට අත්සන් කරලා පෑන එහෙම පෙට්ටියට දාලා වහළා වැඩ පටන් ගත්තා, ගම සමඟ පිළිසඳර කියලා සිල්ලර කඩ වලට ගිහින් මුදලාලි වගේ කැශියර් කුඩුවේ ඉදගත්තා මතකද?
ඉස්සෙල්ලම කරේ කාබනික පොහොර හඳුන්වා දීම. කවුද උපදෙස් දුන්නේම දොස්තර කෙනෙකුයි භික්ෂුභික්ෂුන් වහන්සේ කෙනෙකුයි. ජනතාවට සහන දෙන්න බදු අඩුකළා. මිනිස්සු කොච්චර සතුටු උනාද කිවොත් රටේ තාප්ප බිත්ති පුරා චිත්‍ර පවා ඇන්දා මතකද?
2022 මාර්තු වෙනකොට රටට වෙච්ච දේ ඔබට මතකද?
ඉස්සෙල්ලම් පාරට බැස්සේ රටේ ගොවියෝ. පොහොර නැතුව ගොවිතැන් විනාශ වෙලා, සහල්, ඇතුලු ආහාර භෝග වෙළදපොලට එන්නේ නැහැ. ඉන්ධන මිලට ගන්න භාණ්ඩාගාරයේ ඩොලර් නැහැ. ඉන්ධන නැතිව විදුලිය නිෂ්පාදනය කරන්න බැහැ. ඒ නිසා රටේ විදුලිය සැපයුම අඩාල වෙලා පැය 12-14 විදුලිය කපන්න සිද්ධ වුණා. වැඩ පොළවල් වහන්න වුණා. මිනිසුන්ට රැකියාව කරගන්න බැරි වුණා. පාසල් වහන්න සිදුවුණා. දරුවන්ට කිරිපිටි, රෝගීන්ට බෙහෙත්, ධීවරයාට භූමිතෙල්, බස් එකට ත්‍රිවිල් එකට වාහනයට ඉන්ධන, කෑම ටික උයාගන්න ගෑස් සපයන්න ආණ්ඩුවට බැරි වුණා. ඉන්ධන, ගෑස් ටගේ එදිනෙදා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ මිලදී ගන්න රුපියල් මිලියන 10-12 ක් භාණ්ඩාගාරයට සොයා ගන්න බැරි වුණා. මේ තත්වය දරාගන්න බැරිවූ මිනිස්සු මුලින්ම පන්දම් අරන් පාරට බැස්සා, ඊළගට පෝටුම්වල ගහමරා ගත්තා, දින ගණන්, සති ගණන් පෙට්‍රල් ඩිසල් නැකි වුණා. ගෑස්වලට කිලෝමීටර් ගණන් පෝලීම්, රස්සාව තිබුණොත් මිනිස්සු පෝලිම් වල හිටියේ දරුවන් ජීවත් කරවන්න. මිනිස්සු පෝලිම්වල මැරිලා වැටුණා. තෙල් නැවකට, ගෑස් නැවකට ගෙවා ගන්න ඩොලර් නැතිව මුහුද දිහා බලන් හිටපු කාලේ මතකද?
2022 වෙනකොට ලංකා ඉතිහාසයේ පළමු වතාවට රට බංකොලොත් වුණා. අපිට එක රුපියලක් වත් ණයට දෙන්න කෙනෙක් නැතිවුණා. ජන ජීවිතය අඩාල වුණා. මතකද?
මාස 2-3 ක් තිස්සේ පාරවල්වල පෝලිම් වල රස්තියාදු වුණු දරුවන්ට හරිහමන් කෑම වේලක් දිගන්න බැරිව පීඩාවට පත්වුණු මිනිස්සු දහස් ගණන් පාරට ඇවිත් අසමත් පාලකයන්ට ගෙදර පලයන් කියමින් උද්ඝෝෂණ කළා. ආණ්ඩුව ගෙදර යැව්වා. සාමකාමී මිනිස්සු තම ගෙවල් වලට ගියත් ඇතැම් කණ්ඩායම ප්‍රචණ්ඩ වුණා. රාජ්‍ය දේපළ විනාශ කළා. ගෙවල් දොරවල් ගිනි තිබ්බා. අහිංසක මිනිස්සු ම්ලේච්ඡ විදියට පාරේ මරා දැම්මා. රට අරාජික වුණා. ඒ වේලාවේ දේශපාලකයෝ හැංගුණු හැටි මතකද? වගකීම බාරගන්න බෑ කිවවා. පාර්ලිමේන්තු ගිනි තියන්න තව කණ්ඩායමක් එළියට බැස්සා, මතකද?
තව අවුරුදු ගණනාවකට මේ රට ගොඩගන්න බෑ කිව්වා - මතකද?
ඒත් මේ අතරේ එක පුද්ගලයෙක් ඉදිරිපත් වුණා. එයාට කණ්ඩායමක් හිටියේ නෑ. ඒත් අධිෂ්ඨානය, පළපුරුද්ද තිබුණා. එයා පාර්ලිමේන්තුවේ සිටි හැමටම ආරාධනා කළා රට ගොඩ ගන්න එකතුවෙන්න කියලා. ඒත් විපක්ෂය බය වුණා. ඒ ගොල්ලෝ හිතුවේ තමාගේ දේශපාලන අනාගතය ගැන විතරයි. ඒ අයට කිසිම විශ්වාසයක් හෝ අවබෝධයක් තිබුණේ නැහැ මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන විදිහ ගැන. ඒ අය බැහැ කිව්වා. ඒත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කණ්ඩායමක් එකතු කරගෙන මේ තනි මිනිහා වැඩේට බැස්සා. ඉස්සෙල්ලම කළේ ජන ජීවිතය යථා තත්වයට පත් කරන්න ඔනේ පියවර ගන්න එක. ජාත්‍යන්තර ආයතන මිත්‍ර රටවල් සමඟ කතා කළා. ඔවුන්ගේ උදව් ඉල්ලුවා. ටිකින් ටික පෝලිම නැති වුණා. අත්‍යවශ්‍ය ආහාර බෙහෙත්, පොහොර ඉන්ධන, ගෑස් ලබා දෙන්න ක්‍රමවේද සකස් කළා. රට බංකොලොත් බවෙන් එළියට ගන්න සීරුවෙන් මාර්ගය හැදුවා මතකද?
මතකද?
නවනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ (හංසයා) ප්‍රකාශනයකි
REMEMBER