දැන් එක පැත්තකින් රාජ්‍ය සේවය කුඩා වෙමින් තිබෙනවා. අනෙක් පැත්තෙන් බදු ආදායම් වේගයෙන් ඉහළ යමින් තිබෙනවා. ඒ නිසා, මේ වන විටත් රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය වන්නේ රජයේ බදු ආදායමෙන් 25%කටත් වඩා අඩු මුදලක්.
ඉදිරි වර්ෂයේදී බදු ආදායම තවත් වැඩි වන නිසා, රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය කළ යුතු වන්නේ බදු ආදායමෙන් 19%ක පමණ මුදලක් පමණයි. ඒ නිසා, රාජ්‍ය සේවක වැටුප් වියදම 30%කින් වැඩි වුනත්, රාජ්‍ය සේවක වැටුප් වෙනුවෙන් වැය වන්නේ උපරිම වශයෙන් බදු ආදායමෙන් 25%ක පමණ කොටසක් පමණයි.
මෙය රාජ්‍ය සේවක වැටුප් වැඩි කළ යුතු බවට කරන නිර්දේශයක් නෙමෙයි. එය දේශපාලනික තීරණයක්.
කෙටි සාරංශය අවසන්. වැඩි විස්තර අවශ්‍ය අය සඳහා අදාළ සංඛ්‍යාලේඛණ පහත තිබෙනවා.
2019
බදු ආදායම = රුපියල් බිලියන 1,734.9
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 686.5
ප්‍රතිශතය = 39.6%
2020
බදු ආදායම = රුපියල් බිලියන 1,216.5
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 794.2
ප්‍රතිශතය = 65.3%
2021
බදු ආදායම = රුපියල් බිලියන 1,298.0
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 845.7
ප්‍රතිශතය = 65.2%
2022
බදු ආදායම = රුපියල් බිලියන 1,751.1
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 956.2
ප්‍රතිශතය = 54.6%
2023
බදු ආදායම = රුපියල් බිලියන 2,720.6
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 939.5
ප්‍රතිශතය = 34.5%
2024 අප්‍රේල් දක්වා කාලය
බදු ආදායම = රුපියල් බිලියන 1,117.8
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 301.8
ප්‍රතිශතය = 27.0%
2024 වර්ෂය සඳහා ඇස්තමේන්තුව
බදු ආදායම = රුපියල් බිලියන 3,820.0
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 905.4
ප්‍රතිශතය = 23.7%
2025 වර්ෂය සඳහා ඇස්තමේන්තුව
බදු ආදායම = රුපියල් බිලියන 4,725.0
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 905.4
ප්‍රතිශතය = 19.2%
ප්‍රශ්න:
මේ වර්ෂය හා ඉදිරි වර්ෂය සඳහා බදු ආදායම් ඇස්තමේන්තු වරදින්න බැරිද?
පුළුවන්. නමුත් IMF ගිවිසුම අනුව එහෙම වෙන්න යනවානම් කවර හෝ ක්‍රියාමාර්ගයක් අරගෙන තත්ත්වය නිවැරදි කරන්න වෙනවා. උදාහරණයක් විදිහට මේ ඉලක්කයට යන්නනම් ඉදිරි වර්ෂයේදී නැවත වාහන ආනයනයට ඉඩ දෙන්න වෙනවා. එය සැලසුමේ කොටසක්. ඒ සඳහා, විදේශ අංශයේ තුලනය දිගටම පවත්වා ගන්න අවශ්‍ය වෙනවා. ඒ නිසා, මේ ඉලක්කයට පහසුවෙන් යා හැක්කේ අනෙකුත් හැම දෙයක්ම දැනට සැලසුම් කර තිබෙන පරිදි සිදු වුනොත් පමණයි.
මේ වර්ෂය හා ඉදිරි වර්ෂය සඳහා රාජ්‍ය සේවක වැටුප් ඇස්තමේන්තු හදලා තිබෙන්නේ කොහොමද?
මෙහිදී උපකල්පනය කර තිබෙන්නේ දැන් වියදම ඒ මට්ටමේම තිබෙන ලෙස සලකලයි. නමුත් රජයේ ඉලක්කය මිලියන 1.3 සිට මිලියන 1.0 දක්වා රාජ්‍ය සේවය ක්‍රමයෙන් කුඩා කරන එක. ඒ නිසා, මෑත වසර වලදී මෙම වියදම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව පේනවා. මේ වසරේදී හා ඉදිරි වසරේදී තවත් අඩු වෙයි. ඒ නිසා, මේ තියෙන්නේ උපරිම වියදම. නමුත් යම් හෙයකින් රාජ්‍ය ප්‍රතිපත්තිය වෙනස් වී අලුත් බඳවාගැනීම් සිදු වුවහොත් වියදම වැඩි වෙන්න පුළුවන්.
මේ සටහන ලියලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ දිනයි කියලා උපකල්පනය කරලද?
නැහැ. කවුරු දිනුවත් ඔය ආදායම් ඉලක්කයට යන්න වෙනවා වගේම ඒ ඉලක්කයට යන්න පුළුවන්. රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවද නැද්ද කියන එක දිනන පුද්ගලයා මත තීරණය වෙන්න පුළුවන්. නමුත් එය අපට අදාළ කරුණක් නෙමෙයි. මෙහිදී සලකා බලා තිබෙන්නේ දිනන කාට හෝ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට තිබෙන හැකියාව ගැන පමණයි. මේ ආදායම් ඉලක්කයට යද්දී රාජ්‍ය සේවක වැටුප් වැඩි නොකර එම මුදල වෙනත් කටයුත්තකට වැය කරන්නත් පුළුවන්. ඒවා දේශපාලනික තීරණ.
මීට පෙර 2015දී වැඩුප් වැඩි කිරීමේ බලපෑම කුමක්ද?
එම වැටුප් වැඩි කිරීම සිදු වුනේද බදු ආදායම් හා රාජ්‍ය සේවක වැටුප් ගැලපෙන ආකාරයටයි.
2014
බදු ආදායම = රුපියල් බිලියන 1,050.4
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 441.0
ප්‍රතිශතය = 42.0%
2015
බදු ආදායම = රුපියල් බිලියන 1,355.8
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 561.7
ප්‍රතිශතය = 41.4%
2016
බදු ආදායම = රුපියල් බිලියන 1,463.7
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 576.5
ප්‍රතිශතය = 39.4%
2017
බදු ආදායම = රුපියල් බිලියන 1,670.2
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 588.5
ප්‍රතිශතය = 35.2%
2018
බදු ආදායම = රුපියල් බිලියන 1,712.3
රාජ්‍ය සේවක වැටුප් = රුපියල් බිලියන 626.0
ප්‍රතිශතය = 36.6%
#ඉකොනොමැට්ටා