39 න් 19 ක් සද්ද නැහැ

Published in පුවත්
Monday, 26 August 2024 14:40

2024 ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් 19 දෙනකු මෙතෙක් කිසිදු ප්‍රචාරක කටයුත්තක් ආරම්භ කර නොමැති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පෙන්වා දෙයි.

මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව එකදු රැස්වීමක්වත් මෙතෙක් පවත්වා නැති බවද ඔහු කියා සිටී.

ජනාධිපතිවරණයේදී ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සඳ හා එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියක්, කෝටි එකහමාරක් පමණ වැය කරන බවද ඔහු කීවේය. එවැනි තත්ත්වයක් තුළ ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන් ප්‍රචාරක කටයුතු නොකිරීම ගැටලු සහගත තත්ත්වයක් බවද ඔහු සඳහන් කළේය.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 39 දෙනකු ජනාධිපති ධුරය සඳහා තරග කරති.

මෙම අපේක්ෂකයන්ගෙන් එක් අයකු පසුගියදා මිය ගියේය. ප්‍රචාරක කටයුතු මෙතෙක් සිදු නොකළ අපේක්ෂකයන් අතර, ස්වාධීනව තරග කරන අපේක්ෂකයෝ දස දෙනකු (10) පමණ සිටින බවද විධායක අධ්‍යක්ෂවරයා තවදුරටත් කියා සිටියේය.

මෙවර ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතුවලදී පෝස්ටර්, කටවුට් භාවිතය අවමවී ඇතැයිද ඔහු පැවසුවේය. එය ඉතා හොඳ තත්ත්වයක් බවද ඔහු සඳහන් කළ අතර, මැතිවරණයේ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා වී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

 

 

 


- LNW 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us