විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර ඊයේ පැවති සාකච්චාවට ආරාධනා ලැබූ කණ්ඩායමෙන් බහුතරක් නොපැමිණ එය වර්ජනය කිරීම නිසා විපක්ෂ නායකවරයා අපහසුතාවයට ලක්ව ඇතැයි අනාවරණය වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.

මෙරට ප්‍රවීණතම දේශපාලනඥයකු වූ මංගල සමරවීර නික්ම නිදහස් වු තුන් වසරකට පසුව එම මතකය  සැපිරීම සිහිපත් කරමින් “මංගල මොහොතක්” ගුණ සමරු වැඩසටහන අද (23) පැවැත්වීමට නියමිතව තිබේ.

ඉදිරි ජනාධිපතිවරණයට තරඟ වදින අපේක්ෂකයන් තිස් නව දෙනා මැතිවරණ කොමිෂන් සභාවට ලබා දුන් වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ කොමිෂන් විමර්ශන සභාව විසින් ප‍්‍රසිද්ද කර ඇත.

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නද, ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා එම මැතිවරණ පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවත්, ජනතාවගේ ඡන්ද අයිතියට මෙන්ම ජීවත්වීමේ අයිතියටද තමා ගරු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සාමාන්‍යයෙන් මැතිවරණ කාලයට කැන්වසින් යන්නෙ අනෙක් මතයක් දරණ මිනිස්සු දැනුම්වත් කර තමන්ගේ පැත්තට කැමැත්ත හරවා ගැනීමටය.

ස්වාධීන ජනාධිපති ධූර අපේක්ෂකයෙකු වූ අයිදෘස් ඉල්ලියාස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 79කි.

E-Ticketසේවාව හරහා දුම්රිය ප්‍රවේශ පත් තම ජංගම දුරකතනයෙන් වෙන් කර ගැනීමේ පහසුකම් අද (23)සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරණය නිරික්ෂණය සඳහා රටවල් 12 ක නියෝජිතයින්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

Connet With Us