ඡන්දෙ නොදුන්නොත් බලාගමු..! ජවිපෙ කැන්වසින් භීෂණය Featured

Friday, 23 August 2024 09:46

සාමාන්‍යයෙන් මැතිවරණ කාලයට කැන්වසින් යන්නෙ අනෙක් මතයක් දරණ මිනිස්සු දැනුම්වත් කර තමන්ගේ පැත්තට කැමැත්ත හරවා ගැනීමටය.

ඒක සාකච්ඡාවෙන් සංවාදයෙන් සුහදව විය යුත්තකි. මේ වැඩේට පක්ෂයේ ප්‍රාදේශීය නායක මට්ටමෙ අයකු හෝ එම පක්ෂයේ දේශපාලනය ගැන යම් දැනුමක් තේරුමක් ඇති එක් පාක්ෂිකයකු ගියත් ඇතිය. නමුත් ජවිපෙ තෝරා ගෙන ඇත්තේ ඡන්ද දායකයා බියට පත් කර ඡන්දය කොල්ල කෑමේ මෙහෙයුමකි.

ජවිපෙ යුනිෆෝම් ගහගත්තු සිය ගනනක් එකවර ගම් වැද, ගෙයින් ගෙට යමින් 'මාලිමාවට ඡන්දේ දියව්' යන පණිවිඩය ලබා දීම මේ ඡන්ද දායකයා බියට පත් කිරීමක් බවට පත්ව තිබේ.

වෙනත් ප්‍රදේශ වලින් කැඳවා ගත් සිය ගනනක ජවිපෙ යුනිෆෝර්ම් බලකායක් ගෙවල් වලට කඩා වැදීමෙන් කරන්නේ අනියමින් බලපෑමකි. ඒ තමන්ගේ පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය දුන්නේ නැත්තම් තොපිට වෙන වැඩේ බලා ගනින්, කියන එකය. තමන්ගේ පිරිස් බලයේ තරම දැනගනින් කියන එකය. පුළුවන්නම් අපිත් එක්ක හැප්පිලා බලනුය කියන එකය.

ජවිපෙ නායකයන් සිය වේදිකා මතදී කරන ඇතැම් තර්ජනාත්මක ප්‍රකාශයන් නිසාද ජනතාව සිටින්නේ ජවිපෙ පාලනයක් තුළ තමන්ගේ නිදහස අහිමි වීම ගැන බියකිනි. ජවිපෙ ලාල්කාන්ත තමන්ගේ බලයක් යටතේ ගමේ ප්‍රශ්න විසැඳීමට තමන්ගේ සාමාජිකයන්ට අධිකරණ බලය දෙන බවට කළ ප්‍රකාශය, රාජ්‍ය සේවකයන් පුනරුත්තාපනය කරන බවට කළ ප්‍රකාශය, නලීන් හේවගේ ජවිපෙ විසින් සිදු කළ මිනී මැරුම් සාධාරණීය කිරීම ආදිය ද ජවිපෙ පාලනයකදී භීෂණයක් යළි ඇති වීම ගැන සැකය තිව්ර කිරීමට සමත්ව තිබේ. ලාල් කාන්ත මෙන්ම වසන්ත සමරසිංහ ද මාධ්‍යවේදීන්ට දඬුවම් කිරීම ගැනද තර්ජනයක් කර තිබිණි.

පෙර යුග වලත් අරගල සමයේදීත් විරුද්ධවාදීන්ට එරෙහිව ජවිපෙ ක්‍රියාත්මක වූ ත්‍රාඩ ආකාරයත් ජනතාවට අමතක නැත. වර්තමානයේ ජවිපෙ කැන්වසින් භීෂණයත් මෙහිම දිගුවක් බව පැහහැදිලිය.

රටේ බහුතරයක් අහිංසක මිනිස්සු මේ බලහත්කාරය හමුවේ බිය වීම සාධාරණය.

මේ නිසා කැන්වසින් වලදී මෙහෙම නම් ආණ්ඩු බලයක් ලැබුණු පසු කොහොම භීෂණයක් ඇතිකරනු ලබයිද යන්න කල්පනා කර මෙවර ඡන්දය පාවිච්චි කිරීමට පෙර සිතා බැලීම කාගේ කාගෙත් ආරක්ෂාවට හොඳය.

කොහොම නමුත් මේ වන විට මැතිවරණ කොමිසමටද මේ සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබේ. ජවිපෙ පාරවල් අවහිර කරමින් ඝෝෂා කරමින් සිදු කරන මෙම ක්‍රියාකාරිත්වය නිසා සාමාන්‍ය ජන ජීවිතයට පවා බලපෑම් එල්ලව තිබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි පැවැසේ. එසේම මැතිවරණයක් නීතිය යටතේ මෙලෙස පෙළපාලි යනවා සේ කැන්වසින් යෑම නීති විරෝධීය. මැතිවරණ නිරීක්ෂකයන් යැයි කියන සංවිධාන වලට මේවා තවමත් පෙනී ඇති බවත්ද දකින්න නැත.

WhatsApp Image 2024 08 23 at 09.34.29 68bda3fd

eww

WhatsApp Image 2024 08 23 at 09.35.12 1498be30

 

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us