රාජ්‍ය සේවක වැටුප් ගැන රනිල්ගේ පොරොන්දුව සජිත් කොපි කරයි අනුර බැහැ කියයි Featured

Friday, 23 August 2024 13:55

රාජ්‍ය සේවකයන්ගේ වැ‍ටුප දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය දා කැබිනට් මණ්ඩලය යෝජනාවක් සම්මත කරගෙන තිබිණි. ඒ අනුව ලබන වසරෙ ජනවාරී මාසයේ සිට එම වැටුප් දීමනා ලබා දීමත් රාජ්‍ය සේවය වඩාත් කාර්යක්ෂම කිරීමේ වැඩ පිළිවෙලකුත් දියත් කිරීමට නියමිතය. (ඒ් සම්බන්ධ රජයේ නිවේදන පහත දැක්වේ)

මෙම වැ‍ටුප් වැඩි කිරීම ජනාධිපතිවරයාගේ ඡන්ද ගුන්ඩුවක් බවට විපක්ෂ කොටස් විසින් වවිශේෂයෙන්ම ජවිපෙ ප්‍රචාරය කරමින් සිටිය ද එය එසේ නොවන බව එම තීරණය පිටුපස ඇති කතාව අනුව පැහැදිලිය.

රාජ්‍ය සේවකයන්ගේ වැ‍ටුප් අවම වීම පිළිබඳ බරපතල ගැටලුවක් හා වැටුප් විෂමතාවයන් පවතින බව කාලාන්තරයක් තිස්සේ පවතින සංවාදයකි. ඒ අතර පසුගිය දශක තුන තුළ දීම පොදුවේ රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමක් සිදු කළ එකම අවස්ථාව 2016 දී අගමැති රනිල් වික්‍රමසිංහ විසින් සිදු කළ රු 10,000 ක වැටුප් වැඩි කිරීමත් පසුගිය ජනවාරී මාසයේදී රු 10,000 ක දීමනාවක් ලබා දීමත් පමණක් බවත් අවධාරණය කළ යුත්ය.

රාජ්‍ය සේවක වැටුප් පුහ්නය විසඳා ගැනීම වෙනුවෙන් උද්ඝෝෂණ, වැඩ වර්ජන ගනනාක්ටම රජය සේවයේ වෘත්තීය සමිතිත් පෙළඹි සිටියේය. අවසන් වරට වැ‍ටුප රු 25,000 කින් වැඩි කළ යුතු බවට සමස්ත ලංකා වැඩ වර්ජනයක් කැඳවීමද පසුගියදා සිදුව තිබිණි. ඊට නායකත්වය සපයා තිබුණේ ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති විසින් වන අතර සමගි ජන බලවේගය ඇතුලු අනෙක් විපක්ෂ පක්ෂ වලට අයත් වෘත්තීය සමිතිද ඊට එක්ව තිබිණි.

එම වැඩ වර්ජනය මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණට අනුව, රාජ්‍ය සේවය වැ‍ටුප රු. 25000 කින් වැඩි කළ හැකි බවත් ආණ්ඩුව එය හිතා මතාම සිදු නොකරන බවටත් චෝදනා කර තිබිණි.

කොහොම නමුත් එළැඹෙන අයවැය යෝජනාවලියේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමට, රාජ්‍ය සේවයට ඇති ගැටලු නිරාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පසුගිය මැයි මාසයේදී පත් කළ විශේෂඥ කමි‍ටු නිර්දේශ පසුගියදා ලැබී තිබිණි.

මෙම කමිටු සාකච්ඡාවන් හුදු රාජ්‍ය නිලධාරී මට්ටමෙන් සිදු වූවක් නොවේ. මෙයට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මැදිහත් වීම, මෙරට වනිජ මණ්ඩල, බැංකුකරුවන්, ශ්‍රි ලංකා මහ බැංකුව ඇතුලු වගකිව යුතු පාර්ශ්ව ගනනාවක මැදිහත් වීම සිදුව තිබිණි. ඒ අනුව සාකච්ඡා වට ගනනාවකින් පසුව පැමිණි එකඟතාවයක් ලෙස මෙම කමිටු වාර්තාව ඉදිරිපත්ව ඇත..

එසේම අතිශය විදිමත්ව කරුණු අධ්‍යයනය කරමින් මෙම නිර්දේශ සකසා ඇත. ඕනෑම අයකුට මේ තීරණ වැරදි නම් අඩුපාඩු සහිත නම් ඊට එරෙහිව කරුණු දැක්විය හැකිය.

කෙසේ නමුත් වැදගත්ම දෙය නම් මෙම වැ‍ටුප් වැඩි කිරීම වෙනුවෙන් අවශ්‍ය රාජ්‍ය ආදායම සපයා ගැනීමට කිසිසේත්ම අලුත් බදු පැනවීමක් සිදු නොවීමය. එසේම මේ සඳහා අවශ්‍ය වුවහොත් අරමුදල් සැපයීමට ජාතන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවයක් ඇති බවත් පසුගියදා අණාවරණය විය. මේ නිසා මෙමම වැටුප් වැඩි කිරීම රජය දැනට සිදු කරගෙන යන ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ සාර්ථකයත්ව මත රාජ්‍ය සේවකයාට ලැබෙන ඉහළම ප්‍රතිලාභයක් වෙයි.

පසුගිය ජනවාරි මාසයේ පවැති තත්තවයන් යටතේ රාජ්‍ය සේවක වැ‍ටුපට රු 10,000 ක ජීවන අංක දීමනාවක් එකතු කිරීම සඳහා රජය අවශ්‍ය මුදල් සපයා ගැනීම වෙනුවෙන් වැට් බදු ඉහළ දැමීමකට ගිය බවත් මේ අනුව ලබන ජනවාරි මාසයේ වැ‍ටුප් වැඩි වීම සිදු කිරීමේ දී බදු වැඩි කිරීමක් සිදුවන බවට විශේෂයෙන්ම ජවිපෙ පවසමින් යයි. ඒ අනුව මෙම වැ‍ටුප් වැඩි කිරීමට රජයට අමතරව රු බිලියන 400 ක් අවශ්‍ය බවත් එය සපායා ගැනීම නොකළ හැකි බවත් එම නිසා මෙම යෝජනාවට තමන් එක හෙළාම විරුද්ධ බව අනුර කුමාරම සිය බණ්ඩාරගම රැලියේදී අවධාරණය කර තිබිණි. නමුත් ඒ කරුණු නොදන්නා කම හෝ දේශපාලනික තක්කඩිකම නිසා කළ ප්‍රකාශයක් බව පැහැදිලිය. අනුර එසේ කීවත් ඔහු තමන්ගේ ආණ්ඩුවක දී දීමට පොරොන්දු වන සුබසාධනයන් වෙනුවෙන් රු. බිලියන 4000 ක වත් අවශ්‍ය බවත් එම මුදල් සොයා ගන්නේ කෙසේද යන්නවත් ඔහු හෙළි නොකරයි.

එ් කෙසේ නමුත් මෙම වැටුප් වැඩි කිරීමේ කමි‍ටු නිර්දේශයන් ගනනාවක් සජිත් ප්‍රේමදාස කිසිදු හිරිකිතයකින් තොරව මේවන විට ගෙඩි පිටින්ම කොපි කර තමන්ගේ රාජ්‍ය සේවක ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුලත් කර ගෙන ඇත.

sajith photo

ඒ අනුව සජිත් සතුව වැ‍ටුප් වැඩි කිරීම ගැන තමන්ගේ හෝ තම පක්ෂයේ කිසිදු වැඩ පිළිවෙලක් නැති බව පැහැදිලිය. මේ වෙනුවෙන් රාජ්‍ය ආදායම් වර්ධනය කර ගැනීම ගැන වචනයක්වත් නැත. සාමාන්‍යයෙන් සජිත් කරන්නේ ජනාධිපති රනිල්ගේ වැඩ පිළිවෙලේ කොටස් සහ සහ අනෙක් අපේක්ෂකයා වන අනුර කුමාර විසින් දෙන පොරොන්දු ගෙඩි පිටින් කොපි කරමින් සමහර විට ඊටත් එහා යමින් පොරොන්දු තොග පිටින් දීමය.

නමුත් ඒවා කිසිවක් හෝ සිදු කරන්නෙ කෙසේ ද යන්න ගැන කිසිවක් පවසනේ නැත. මේ පොරොන්දු දෙන දිවිල්ලේ හැටියට සජබයේ හර්ෂ දි සිල්වා වැනි ආර්ථිකය ගැන ප්‍රමාණික දැනුම ඇත්තට අද විද්වත් දැන උගත් සමාජය හමුවේ මුහුණ දීමටද හැකියවක් නොමැතිව සිටී. තමන්ගේ මන්ත්‍රීධුරය රැක ගැනීම වෙනුවෙන් සජිත්ගේ ගොබ්බ කතා ආරක්ෂා කර ගෙන නිවට නියාලු නූගත් චරිතයකට පණ පෙවීමටද හර්ෂට සිදුව තිබේ.

කෙසේ හෝ වැ‍ටුප් වැඩි කිරීමේ විශේෂඥ කමි‍ටු නිර්දේශයන් කැබිනට් මණ්ඩලය විසින් අනුමත කිරීම පසුගිය දා සිදු විය. එ් අනුමත කිරීම සිදුවන්නෙ එම වැ‍ටුප් වැඩි කිරීමේ යෝජනාවද යථාර්ථයක් කිරීමේ හැකියාව රජයට ඇති බව තහවුරු කරගැනීමෙන් අනතුරුවය. මේ වන විටත් ඒ වෙනුවෙන් ගත යුතු මුලික පියවරයන් රජය ක්‍රියාත්මක කර ඇත. මේ වන විට ලබන බදු ආදායම් වැඩි කර ගෙන තිබීමත් එය නිවැරදිව කලමණාකරණය කර ගැනීමත්, රජයේ සෙසු වියදම් කළමණාකරණය සහ දුෂණය නාස්තිය වලක්වා ගැනීමත් අනුව මෙම ප්‍රතිලාභ රාජ්‍ය සේවකයාට ලැබේ. මේ සියල්ල සිදු වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම් ප්‍රකාරව වන වැඩ පිළිවෙල අනුවය. එය වෙනස් කිරීම වුවහොත් මේ කිසිවක් නොලැබීම අනිවාර්ය තත්වයකි.

ජනාධිපති රනිල් ජනතාව හමුවෙ බොරු පොරොන්දු දෙන්නෙකු නොවේ. පුළුවන් දෙයට පුළුවන් කීමත්, බැරි දෙයට බැරි බවත් කියමින් ඔහු ඇත්ත ඇති සැටියෙන් පවසමින් තමන්ගේ ප්‍රතිපත්ති සහ වැඩ පිලිවෙල යටතේ කටයුතු කරන්නෙකි.

ඒ නිසාම ඔහුට පසුගිය වසර දෙක තුල දී බංකොලොත් භාවයට ඇද වැටී තිබු රට, නැවත කෙලින් කටින් සිටුවා යළි සංවර්ධන මාර්ගයට ඇද දැමීමේ හැකියාව ඔහුට ලැබී තිබේ. මෙතුවක් ඉතිහාසයේ මෙරට පාලනය කළ සාර්ථකම පාලකයා බවට ඔහු පත්ව ඇත්තේ, ඇත්ත ගැටළු වලට ඇත්ත විසඳුම් ක්‍රියාත්මක කරමින් සෘජුව කටයුතු කිරීම නිසාය. රටකට අවශ්‍ය වන්නෙ එවැනි නායකයකු මිසක බොරු පොරොන්දු ජනප්‍රිය පොරොන්දු දෙමින් සිල්ලර පහත් දේශපාලනය කරන කයිවරුකාරයන් නොවන බවත් ඔහු භාවිතවෙන්ම ඔප්පු කර ඇත.

මෙම වසර තුළ වැ‍ටුප් වැඩි කිරීමක් සිදු කළ නොහැකි බව ජනධිපතිවරයා පවසා සිටියේ රජයේ ආර්ථික හැකියාවන් තවවමත් දුර්වල බැවිනි. නමුත් එළැඹෙන 2025 වසර වන විට රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් වඩා යහපත් තත්වයක් උදා වන බව දැනට සිදු වෙමින් පවතින ආර්ථික ප්‍රතිසංස්කරණවල සාර්ථකත්වය මත පෙනී ගොස් ඇත.

කොහොම නමුත් රනිල් කියන්නේ තමන් කියන දේ කරන නායකයෙකි. ඒ බව ඔප්පු කළ නායකයෙකි. ඒ නිසා ඔහු දෙන පොරොන්දු හිස් ප්‍රලාප නොවන බව විශ්වාස කළ හැකි බව රාජ්‍ය සේවකයාටත් මෙරට ජනතාවටත් අවිශ්වාස කරන්න හේතුවක් නැත..

sajith 01

sajith 2

sajith 3

sajith 4

sajit 5

sajith 6

Last modified on Friday, 23 August 2024 13:58

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us