අනුරගේ පු‍ටුව කාටද? කැබිනට් ඇමැතිවරයෙක් වෙන්නත් වරමක්   Featured

Saturday, 24 August 2024 15:00

එළඹෙන ජනාධිපතිවරණයේ ජයග්‍රාහකයා වන්නෙ ජාතික ජන බලවේගයෙ අනුර කුමාර බවට දැඩි විශ්වාසයකින් එම පක්ෂ නායකයන් පසුවෙයි. මේ අනුව අනුර කුමාර ජනාධිපතිවරයා වීමෙන් පසුව ආණ්ඩුව මෙහෙය වීම ගැනත් මෙම පිරිස කල්පනා කර ඇත.

ඒ අනුව මුලිකව විය යුතු කාරණ වන ජනාධිපති ලේකම්වරයෙක් පත්කර ගැනීම සහ අනෙකුත් අමාත්‍යංශ ලේකම්වරු සහ රාජ්‍ය ආයතන ප්‍රධානින් ලෙස පත් කර ගත යුතු තමන්ට හිතවත් පුද්ගලයන් මේ වන විටත් සූදානම කර ඇති බවත් ජවිපෙ ලේකම් වරයා පසුගිය දිනෙක යූටියුබ් නාලිකාවකට පවසා තිබිණි.

කෙසේ නමුත් ප්‍රධානම දේ තමන්ගේ අගමැතිවරයෙක් ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයක් පත් කර ගැනීමටද සිදුවීමය. ජනාධිපතිවරණයෙන් වත්මන් අගමැති ධුරය හෝ කැබිනට් මණ්ඩලය අහෝසි වීමක් සිදු නොවුණත් ජවිපෙ අනුරට වත්මන් කැබිනට් මණ්ඩලය සමග වැඩ කටයුතු කිරීමේ කිසිදු හැකියාවක් නැත. මේ අනුව නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් පත් අර ගත යුතුය.

සමාන්‍යයෙන් අගමැතිවරයා පත් කරගැනීමේදී පාර්ලිමේන්තුවෙ බහුතරයෙ කමැත්ත ඊට තිබිය යුතුය. නමුත් එම අවස්ථාවත් අනුරට නොමැති නිසා, පාර්ලිමේන්තුව විසුරුවා හැර මැතිවරණයක් කැඳවා නව ආණ්ඩුවක් වෙනුවෙන් ජාතික ජන බලවේගයට බහුතරයක් සහිත පාර්ලිමේන්තුවක් බිහි කර ගත යුතුය,

ඒඒ කෙසේ නමුත් තමන් බලයට පත් වූ සැනින් පාර්ලිමේන්තුව විසුරුවා හරින් බවට අනුර කුමාර පවසන නමුත් එය එසේ හදිස්සියේ කළ නොහැක. මන්ද රාජ්‍ය පාලනය වෙනුවෙන් තාවකාලිකව හෝ අගමැතිවරයා සමඟ අඩුම තරමින් අත්‍යවශ්‍ය කැබිනට් ඇමැතිවරු කිහිප පොලක් හෝ පත් කර ගැනීම විය යුතූය. එසේ නොවුණ වුවහොටහ් මහ මමැතිවරණය තෙක් හෝ රාජ්‍ය පාලනය නිසි පරිදි පවත්ව ගෙන යෑම අපහසු බැවිනි. එසේම මහ මැතිවරණයක් වෙනුවෙන් අවශ්‍ය කරන මුදල් වෙන් කිරීම ආදියේ සිට මූල්‍යමය හා පරිපාලන තීන්දු තීරණ රැසක් වත්මන් පාර්ලිමේන්තුව සහ කැබිනට් මණ්ඩලය හරහා ගැනීම විය යුතුය. මේ නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පෙර තමන්ගේ මන්ත්‍රී ආසන 3 ට පමණක් හෝ සීමා වන අගමැති සහ කැබිනට් මණ්ඩලයක් පත් කරගැනීමට සිදුවෙනු ඇත.

එසේම අනුර ජනධිපතිධුරයට පත් වීමෙන් පසුව හිස්වන පාර්ලිමේන්තු අසුනට ඒ සඳහා 2020 මහ මැතිවරණයේදී අනුරට පසුව වැඩිම මනාප ලබා ගනිමින් සුදුසුකම් ලැබු අපේක්ෂකයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කිරීමටත් සිදු වෙනු ඇත.

ඒ අනුව එම අවස්ථාව ලැබෙන්නේ ලක්ෂ්මන් නිපුණආරච්චිටය. දීර්ග කාලයක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරියකු වන ලක්ෂ්මන් නිපුණආරච්චි මීට පෙරද පාර්ලිමේන්තුව නියෝජනය කළ පල පුරුදු දේශපාලකයෙකි.

ඒ අනුව ජාජබයේ මන්ත්‍රීවරු තිදෙනා වන විජිත හේරත්, හරිනි අමරසුරිය සහ ලක්ෂ්මන් නිපුණආරච්චි ඇතුළත් කුඩා කැබිනට් මණ්ඩලයක් පිහි‍ටුවීම එ් අනුව සිදුවේ.

අගමැතිවරයා ලෙස හරිණි අමරසූරිය නම් කරනු ඇති බවත් අපේක්ෂා කළ හැකිය. මෙම පත් කිරීම වලින් අනතුරුව කෙටි කළකින් පාර්ලිමේන්තුව වසුරුවා හැරීම සිදු වෙනු ඇත.

කෙසේ නමුත් මේ සියලු දේ සිදු වීමට අනුර කුමාර ජනාධිපතිවරණය ජය ගැනීම සිදු විය යුතුය.

WhatsApp Image 2024 08 24 at 13.00.46 ccc8a65a

Last modified on Saturday, 24 August 2024 15:06

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us