ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කෙරේ

Published in පුවත්
Friday, 23 August 2024 08:26

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

සමෘද්ධිලාභීන් සහ වතු නිවාස හැර ගෘහස්ථ කාණ්ඩය, රජයේ පාසල්, රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යන අංශ මෙම නව ජල ගාස්තු සංශෝධනයට අයත් කාණ්ඩයන් වෙයි.

මිල සූත්‍රය මත පදනම්ව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ගෘහස්ථ ජල පාරිභෝගිකයින්ගේ ජල ගාස්තු සියයට 7 කින්ද, රජයේ රෝහල්වල සියයට 4.5 කින්ද, පන්සල් සහ ආගමික ස්ථානවල සියයට 6.3 කින්ද අඩු කිරීමට අනුමැතිය හිමිවී තිබේ.

ඒ අනුව සමස්ථයක් ලෙස සියයට 5.94 කින් ජල ගාස්තු අඩු කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබුණි.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 සිට 05 දක්වා ගාස්තුව ඒකකයක් රුපියල් 60 සිට 50 දක්වා රුපියල් 10කින් අඩුකර ඇති අතර, ඒකක 76 ත් 100ත් අතර ඒකකයක් සඳහා අය කරන ගාස්තුව රුපියල් 270 සිට 250 දක්වා රුපියල් 20කින් පහත දමා ඇත.

රජයේ සහ රජයේ උපකෘත පාසල් කාණ්ඩය සහ රජයේ අනුමත පුණ්‍යායතන සහ රජයේ රෝහල් කාණ්ඩය යටතේ සියලු ඒකකයක් සඳහා අය කළ රුපියල් 60ක ගාස්තුව රුපියල් 5කින් පහත දමා ඇති අතර, එහි නව ගාස්තුව වන්නේ රුපියල් 55කි.

මේ අතර ඒකකයක් රුපියල් 100ක්ව පැවති රජයේ රෝහල් සඳහා භාවිත කරන ජල ඒකකයක් රුපියල් 95ක් දක්වා රුපියල් 05කින් අඩුකිරීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් මෙම ජල ගාස්තු සංශෝධනය යටතේ මාසික සේවා ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු කර නොමැත.

-P.M

 

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us