ජනපතිගේ පස් අවුරුදු සැලැස්මෙන් රාජ්‍ය සේවකයින්ට සහන රැසක් Featured

Published in පුවත්
Thursday, 29 August 2024 11:25

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට එළිදක්වා තිබේ.

ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මේ වනවිට එළිදක්වා තිබේ.

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී මහා සංඝයා ඉදිරියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් "පස් වසරක මෙහෙයුම පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීය.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය https://www.ranil2024.lk යන වෙබ් අඩවිය හරහා ජනාධිපතිවරයා එළිදක්වනු ලැබීය.

* ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක්

*අවම වැටුප 24%කින් ඉහළට

* පාඨමාලා හැදෑරීමට පඩි සහිත නිවාඩු

* නව නිවාස

* නිවසේ සිට රාජකාරී කිරීමට අවසර

*විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම

රාජ්‍ය සේවය

2025 පාදක වසර ලෙස සලකා සියලුම රාජ්‍ය සේවකයින්ට ජීවන වියදම් දීමනාව මාසිකව රු 25,000ක් ගෙවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

එහි තවදුරටත් දක්වා ඇත්තේ රාජ්‍ය සේවයේ අවම ආරම්භක වැටුප 24%ක අවම ප්‍රතිශතයකින් වැඩිකර ජීවන වියදම් දීමනාව සමග දළ වැටුප රු 55,000ක් ලෙසත් අනිකුත් සියලුම තනතුරු සඳහා මුලික වැටුප ඒ අනුව ගලපන බව ද ජනාධිපතිවරයා සිය පස් අවුරුදු සැලැස්ම තුළින් එළිදක්වා ඇත.

*වයස අවුරුදු 40ට අඩු රාජ්‍ය සේවක සේවිකාවන්ට සේවා කාර්යක්ෂමතාව වැඩි දියුණු කරලීමට ඉවහල්වන පාඨමාලා හැදෑරීම සඳහා පඩි සහිත නිවාඩු ලබාදීම.

* රාජ්‍ය ප්‍රතිපත්ති හා පරිපාලන විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීම.

* කුසලතාව මත පදනම් වූ උසස් වීම් ක්‍රමවේදයක්.

* රාජ්‍ය සේවය කාර්යක්ෂම හා විධිමත් තලයකට ඔසවා තැබීමට ලැප්ටොප්, ටැබ්, ස්මාර්ට් දුරකථන රාජ්‍ය සේවකයින්ට සහන පදනමින් ලබාදීම.

*රජයේ නව නිවාස වැඩ පිළිවෙලේ දී නිවාස හිමිකම් නොමැති රාජ්‍ය සේවකයින්ට ප්‍රමුඛතාවය ලබාදීම.

*ආපදා ණය මුදල ඉහළ නැංවීමටත්, දේපළ හා නිවාස ණය යළි ලබාදීමටත් කටයුතු කරනවා.

* නිවසේ සිට රාජකාරී ඉටු කළ හැකි සේවාවවන් නිවසේ සිට ඉටු කිරීමට අවසර ලබාදෙනවා.

*නිශ්චිත හා විධිමත් ස්ථාන මාරු ක්‍රමයක් හඳුන්වා දීම.

*විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්

* නවීන පහසුකම්වලින් යුතු ජ්‍යෙෂ්ඨ පුරවැසි රැකවරණ මධ්‍යස්ථාන රට පුරා ඉදි කිරීම.

* ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා ජාතික ප්‍රතිපත්තිය 2025 වසරේ සංශෝධනය කිරීම.

* ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සමාජ, සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ ප්‍රජා මණ්ඩල මඟින් විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කිරීම.

විශේෂ අවශ්‍යතා සහිත ප්‍රජාව

* ආබාධ සහිත තැනැත්තන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 4 වැනි ව්‍යවස්ථාව අනුව එවැනි තැනැත්තන්ගේ සියලු මානව අයිතිවාසිකම් හා මුලික නිදහස පූර්ණ වශයෙන් සහතික කිරීම සඳහා නව පනතක් 2025 දී පාර්ලිමේන්තුවට.

* සංඥා භාෂා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමටත්, විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම.

*ඔවුන් සඳහා වූ ගොඩනැගිලි ප්‍රවේශ ප්‍රතිපත්තිය කාලානුරූපීව සංශෝධනය.

*විශේෂ රැකියා කෝටාවක්.

-P.M

Last modified on Thursday, 29 August 2024 11:29

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us