අද එකයි හෙට එකයි කියන ජවිපෙ දෙබිඩ්ඩෝ Featured

Thursday, 29 August 2024 16:28

ජවිපෙ සමඟ රටට අනාගතයක් නැති බව ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අපි දනිමු. ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කොට තිබෙන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොව ඇස්බැන්දුම් ප්‍රකාශයකි. වර්තමාන ජවිපෙ නායකයින්ගේ අදුරදර්ශී සහ අමනෝඥ ආකල්ප මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය හමුවේ දැනටමත් විද්‍යාමාන වී තිබේ. ජවිපය මෙම ලියවිල්ල පවතින ක්‍රමවේදයේ වෙනසක් සදහා ඉදිරිපත් කළත් ඒ ක්‍රමයේ වෙනස සදහා කිසිදු පිලිතුරක් ඔවුනට නැත. දර්ශනයක් නැත.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව ජවිපෙ හඳුන්නෙත්ති විසින් පවසා සිටියේ ණය ප්‍රතිව්‍යහගත කිරීම තුළින් ආණ්ඩුව නාගනෙ සිටින බවය. නමුත් නාගෙන සිටින්නේ කවුරුන්ද යන වග හඳුන්නෙත්තිගේ දැනුමෙන් පෙන්වා දී තිබිණි.

තවත් දිනෙක හදුන්නෙත්ති, ඉලෝන් මස්ක් " ආර්ථික ඝාතකයෙක් " ලෙස පවසා දැඩි ලෙස විවේචනය කළේය. ඉලෝන් මස්ක් ව්‍යාවසායකයෙක් ලෙස ලෝකය දිනා සිටිනුයේ ඊට බොහෝ කලකට පෙර සිටය. රැකියා විශාල ගණනක් ජනනය කරමින් අභ්‍යවකාශය තෙක් සිය ව්‍යාපාර පුළුල් කළ අතිශය නිර්මාණශීලි මිනිසෙක් වූ මස්ක් ආර්ථික ඝාතකයෙක් ලෙස හැඳින්වීම තුළින්ම ජවිපයේ ස්වභාවය ගැන පැවසීමට දෙයක් නොමැත. කෙසේ වෙතත් මෙම ප්‍රකාශය හමුවේ හදුන්නෙත්ති ට එල්ල වූ බරපතළ විරෝධතාවය මධ්‍යයේ ඔහු සමාව ගන්නා තැනට පසුබැස්සේය. සැබැවින්ම එය ජවිපයේ බංකොළොත් දේශපාලනයේ ස්වරූපය ඉස්මතු වීමකි.

ලෝකයක් ගැන කිසිදු කියවීමක් සහ අවබෝධයක් නොමැති කණ්ඩායමක් මෙලෙස පැවසීම ද අරුමයක් නොවේ. රටක ව්‍යාපාරිකයන් ගොඩනගන්නේ නැතිව රටක ආර්ථිකයක් ගොඩ නැගිය නොහැකි බවත් නොදන්නා කල්ලියක් 'රට අනුරට' කීම ගැන අප බිය විය යුතුය.

සඳමත ජයගත් මිනිසා හිරු ජය ගැනීමට සැලසුම් කරනා වර්තමානයේ ලංකාවේ අනාගත ජනාධිපති වීමට සූට් මසාගෙන සිටිනා අනුර කුමාර සහෝදරයාගේ පක්ෂය තවමත් ඉන්නේ සඳට ගල් ගසන යුගයේ වීම අතිශ්‍ය කණගාටුදායක තත්වයකි.

ඔ්නෑම දේශපාලන පක්ෂයක ආණ්ඩු බලය ගිලිහී වැටුණ විට පහසුවෙන්ම ඉස්මතු කරන සටන් පාඨ කිහිපයක් තිබේ. ඉන් ප්‍රධාන වශයෙන්ම අධ්‍යාපනය පෞද්ගලිකකරණ විරෝධී සටන් පාඨ උස්සාගෙන දිවීම ජවිපයේ ප්‍රසිද්ධ නාටකයකි. රජය අධ්‍යාපනය විකුණා ගෙන කන්න හදනවා.. යනුවෙන් තැන තැන බෝඩ් උස්සා දඟලන ජවිපෙ නඩය විසින් ගෙන යන්නේ අති මහත් වූ දෙබඩි පිලිවතකි. ඔවුන්ගේ මහ පුටුවල අසුන් ගත් නායකයන්ගේ දරුවන්ද යන්නේ පොෟද්ගලික විශ්ව විද්‍යාලවලය. නමුත් සාමාන්‍ය දරුවන්ට පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් ඉගෙන ගන්න අවස්ථාව අහුරන්නේය. ඒ වෙනුවෙන් සිසු ජීවිත සිය ගනනක් බිල්ලට ගනිමින් මහා විනාශයක්ද කළේය. නමුත් දැන් පැත්ත මාරු කර ඇත. නමුත් තමන්ගේ මුග්ධ ප්‍රතිපත්ති නිසා සිදු වූ විනාශයේ වගකීම බාර ගන්නෙත් නැත.

මෙවන් සටන් පාඨ වල එල්ලී සිදු කරන මෙම විකාර රූපී දෙබිඩි තක්කඩි දේශපාලනය තුලින් රටේ දියුණුවට ඍජුවම බලපාන බවවත් ඔවුන් නොදනී. නිවැරදි ස්ථිර සාර මතයක් නැති දෙබිඩි දේශපාලනය තුලින් රටේ දියුණුව සම්පූර්ණයෙන් කණපිට හැරවීමකට ලක් විය. රට බංකොලොත් තැනට රට තල්ලු වීම මොවුන්ගේ දේශපාලනයේ අනිටු ප්‍රතිඵලයක් බව ජනතාව දැන් හොඳින් අවබෝධ කරගෙන තිබේ.

රටේ ජනතාව පෝලිම් වල දුක් විඳින කොට පැන දුවපු අනුරලා, දැන් වපුරන ලස්සන කතා වලංගු වන්නේ කෙසේද යන්න ඇත්තේද ගැටලුවකි. කෙසේ හෝ ජවිපෙ ට ඇත්තේ ලස්සන කතන්දරය. ලස්සන කවි සිතුවිලිය. කතන්දර නිර්මාණය කරනවා වගේ රටක් ගෙන යාමට දක්ෂ නැති බව ඔවුන් ඇමැතිකම් දරපු කාලයේදී පෙන්වා ඇත. තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවත් හරියට කර ගැනීමට නොහැකි විය. ජනතාව නැවත ඔවුන්ට බලය නොදුන්නේ ඒ නිසාය.

අද රට අනුරට එනකම් බලා හිඳින පක්ෂයේ උන්දැලාට කිව යුතුව ඇත්තේ හරි පාර පෙනෙන්න තිබියදී රෑ වැටුන වළේ දවල් වැටිමට මේ රටේ බහුතරයක් මිනිස්සු සූදානම් නැති බවය.

RS

Last modified on Thursday, 29 August 2024 16:29

Leave a comment

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us