එය මෙවර අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ද සදහන් කර ඇත.
එම ප්‍රකාශනයේ, 'ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන' යටතේ, '' ණය තිරසර බව පවත්වා ගැනීම හා දරාගත හැකි මට්ටමක ණය පොලී තබා ගැනීම ඉලක්ක කර ගනිමින්, අවශ්‍යතාවය අනුව ණය සමාලෝචනය කටයුතු වලදී භාවිතා කිරීම සඳහා විකල්ප ණය තිරසරකරණ විශ්ලේෂණයක් පිළියෙල කිරීම (DSA).'' යනුවෙන් කොටසක් ඇතුලත් කර ඇති අතර එය මෙම ලියවිල්ලේ ඇති වඩාත් අනතුරු දායක කොටස බවට මේ වන විට මත පලවී ඇත.
මෙම ණය තිරසරකරණ විශ්ලේෂණය යනු මෙරට පවතින ණය ගෙවීමේ හැකියාව තහවුරු කර ගැනීම වෙනුවෙන් සකස් කළ වැඩ පිළිවෙලය. මෙරට ආර්ථිකයට ණය ගෙවීමේ හැකියාව තහවුරු කර ගැනීමට අවශ්‍ය වන ආර්ථිකමය ඉලක්ක, කාල වකවානු සහිතව එහි ඇතුළත්ව තිබේ. රටේ ආර්ථික ප්‍රතිසංස්කරණයන් සියලල් මෙයට යටත්ව සිදුවේ. එමෙන්ම ණය ප්‍රතිව්‍යුගත කිරීම සහ අනෙක් ජාත්‍යන්තර ණය ආධාර ලබා ගැනීමත් ඒ මත පදනම් වෙයි. මේ වන විට මෙම ඉලක්කයන් 'ආර්ථික පරිවර්තන පනත' යටතේ නීතිගත කිරීමක් ද කර ඇත.
අනුර මෙවර යෝජනා කරන්නේ එම වැඩපිළිවෙලින් ඉවත් වන බවය. එසේම එය නැවත් තහවුරු කරමින් ජාජබයේ ආර්ථික විශේෂඥයකු ලෙස පෙනී සිටින චතුංරග අබේසිංහ ද ෆේස්බුක් හි පළවූ යම් අදහසකට දමා තිබු කොමෙන්ටුවකින් පැහැදිලි කර තිබුණේ 'IMF එකේ ටාගට් එකට යන්න මාලිමාව ඔන නෑනේ DGP එක කියන growth එකට රනිල් එක්ක මේ ක්‍රමේටම ඉන්න පුළුවන්' යනුවෙනි. ඒ අනුව පැහැදිලි වන්නේ අරමුදලේ එකඟතා අනුව ගමන් කිරීම අනුරගේ ප්‍රතිපත්තිය නොවන බවය. ගිවිසුමෙන් ඉවත් වීම හෝ සිදුවන බවය.
එකඟ වී ඇති 'ණය තිරසරකරණ විශ්ලේෂණය' වෙනස් කිරීමකට ගියහොත් මුල්‍ය අරමුදල ගිවිසුමෙන් ඉවත් වීම ලෝකයේ පෙර අත් දැකීම් අනුව පැහැදිලිය. එකඟතාවයට මූලික වන පදනම වෙනස් කිරීම ණය තිරසර භාවය නැතිනම් අනාගතයේ ණය ගෙවීමේ හැකියාව ගැන තහවුරුවක් අත්පත් කරගැනීම මත මෙම එකඟතා ගිවිසුම ක්‍රියාත්මක වේ. මෙරට ණය හිමි රටවල් 18 ක් සමඟ වන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදුවන්නේ මෙම පදනම මත සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතා අනුව මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණයන් සිදුවන බවට විශ්වාසය මතය.
මේ පිළිබඳ අදහස් දක්වන සජබයේ හර්ෂ දි සිල්වාත්, සජබයට නැවත එක් වී සිටින පාටලී චම්පික රණවකත් රට නැවත අර්බුදයකට නොයවනවා නම් එය සිදු කළ නොහැකි බව පෙන්වා දී ඇත. මෙය සජිත්ගේ ජනප්‍රිය මතයට ද එරෙහිව යෑමක් වන නමුත් ඇත්ත එයය.
එසේ නමුත් යම් ලෙසකින් මෙම ගිවිසුම වෙනස් කිරීමේ හෝ නව ගිවිසුමකට ඇතුළත් වීමේ සාකච්ඡාකට ගියත් එය දවසින් දෙකෙන් මාසයකින් දෙකකින් කළ හැකි නොවේ. එසේම එවැනි සාකච්ඡාවක් තුළ මුල්‍ය අරමුදලේ නව කොන්දේසි සමඟ එකඟවීමේ සාකච්ඡාවන් වෙනුවෙන් දිගු කලක් ගත කිරීමට සිදු වෙනු ඇත. එමෙන්ම එම ණය පැකේජය අනුව ලබන දෙසැම්බරයේදී පැවැත්වීමට නියමිත තුන් වන සමාලෝචනය ද සිදු කිරීමක් සිදු නොවනු ඇත. මේ වන විට ලබා දෙන ණය වාරිකයන්ද අත්හිටුවීම සිදුවෙනු ඇත.
ඒ අනුව ණය ප්‍රතිව්‍යුහගත කිරීමට මේ වන විට එකඟව සිටින රටවල් 18 ම එම වැඩ සටහනෙන් ඉවත් වීම සිදුවනු ඇත. ඒ අනුව ක්ෂණිකව සිදුවීමට නියමිත වන්නේ ජාත්‍යන්තර සහයෝගය මෙරටට අහිමි වීමය. රට කෙරෙහි වන ජාත්‍යන්තර විශ්වාසය නැවත පළුදු කරගැනීමය. එ් අනුව මේ වන විටත් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන අරමුදල විසින් මෙරට ලබා දීමට නියමිත ආධාර තාවකාලිකව හෝ අත් හිටුවීමක් වෙනු ඇත. එමෙන්ම ණය හිමි රටවල් විසින්, රට බංකොලොත් වීම මත අත්හිටුවා තිබී යළි ආරම්භ කිරීමට සූදානම්ව ඇති මෙරට සංවර්ධන ව්‍යාපෘති නැවත හකුලා ගනු ඇත.
බරපතලම කාරණය වන්නේ මෙරටට නැවත ආනයනික භාණ්ඩ ලබා ගැනිමේ දී අත්පිට මුදලටම එ්වා ලබා ගැනීමට සිදු වීමය. මෙරට ණයවර ලිපි යළි පිළිගැනීමට ජාත්‍යන්තර සමාගම් එකඟ නොවනු ඇත.
මේ අනුව දැනට ඇති විදේශ සංචිත වේගයෙන් අහිමි කරගෙන ආනයනයන් සිදු කිරීමට සිදුවනු ඇත. ඩොලර් බිලියන් 5.5 ක පමණ වන දැනට ඇති සංචිත මෙරට සාමාන්‍ය ආනයනයන් වෙනුවෙන් ප්‍රමාණවත් වන්නෙ මාස 4 ක් 5ක් වැනි කාලයකට පමණි. රටට ලැබෙමින් පවතින විදේශ විනිමයන් එදිනෙදා ආනයනයන් වෙනුවෙන් යම් තරමකට පාවිච්චි කිරීමට හැකි නමුත් විදේශ ණය ගෙවීමේ හැකියාව බිංදුවටම වැටෙනු ඇත. ණය ශ්‍රේණිගත කිරීම වල තවත් පහළටම කඩා වැටෙනු ඇත. එසේම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සිදු නොවීම මත රට යළි බංකොලොත් රටක් බවට පත්වේ. කිසිදු රටත් නැවත මෙරටට ණය ආධාර ලබා නොදෙනු ඇත. එලෙස රටක් පවත්වා ගෙන යෑම සිදු කළ නොහැක.
රටේ ඩොලර් හිඟ වන විට ඩොලරයේ අගය සීග්‍රයෙන් යළි ඉහළ යෑමට ලක්වෙනු ද ඇත. ඇතැම් විට එය පාලනය කර ගැනීමට ඩොලර් සංචිත වෙළඳපොළට මුදා හැරීමට පියවර ගතහොත් විදේශ සංචිත හිතනවාට වඩා අඩු කාලයකින් අවසන් වෙනු ඇත. ඩොලරයේ අගය ඉහළ යෑම සමග බඩු මිලද කිහිප ගුණයකින් ඉහළ යෑමකට ලක් වන අතර රටේ ඉහළ යන උද්ධමනය යළි වාර්තා පිට වාර්තා තබනු ඇත.
මේ අනුව භාණ්ඩ හිඟය සහ මිළ ඉහළ යෑම තුළ ඇති විය හැකි තත්වයන් පැහැදිලි කළ යුතු නැත. එය පසුගිය 2022 වසරේ දී අත්විඳ ඇත.
මේ අනුව සජිත් ප්‍රේමදාස හෝ අනුර කුමාර විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ඉවත් වීමත්, තමන් අනුගමනය කරනවා යැයි තහවුරු කරණ තම තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති මත සිදු විය හැකි එකම දේ 2022 ඇති වූ පෝලිම් යුගයකට රට තල්ලු කිරීම පමණි.
පසූගියදා මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ද මෙම තත්වය දැඩිව අවධාරණය කර තිබිණි. දැනට ක්‍රියාත්මක කරගෙන යන ආර්ථික ප්‍රතිපත්ති කිසිදු ලෙසකින්වත් වෙනස් කිරීම සිදු නොවිය යුතු බව ඔහු පෙන්වා දී තිබිණි. නමුත් මේ සමඟ මහ බැංකු අධිපතිවරයා වර්තමාන ජනාධිපතිවරයා වෙනුවෙන් දේශපාලනය කරන බවට ජවිපෙ පාක්ෂිකයන් විසින් පරිභව කරමින් චෝදනා කරන අයුරු සමාජ මාධ්‍ය වල දකින්නට තිබිණි. ඔහුව ඉවත් කරන බවටද ඇතැම් ජවිපෙ පාක්ෂිකයන් අදහස් දක්වා තිබිණි.
මෙම මහ බැංකු අධිපතිවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර වන සම්බන්ධතාවයේ තරම කුමක්ද යන්න ඉතිහාසය පරික්ෂා කිරීමෙන් දැන ගත හැකිය. කූප්‍රකට බැඳුම්කර සිදුවීමේදි ඊට එරෙහි ප්‍රබලම සාක්ෂිකරුවකු වූයේ නන්දලාල් මහතාය.
නන්දලාල් මහතා මහ බැංකු අධිපති ධුරය පසුගිය ගෝඨභයය සමයේ දී බාර ගත්තේ දේශපාලනික ඇඟිලි ගැසීම් වලින් තොරව තමන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමේ නිදහස ලබා දීමේ පොරොන්දුව මතය. එවැන්නක් සිදු වන්නේ නම් තමන් ධුරය අත්හැර දමන බව පවසා තිබිණි.
එමෙන්ම ජනපති රනිල් මහ බැංකුව ස්වාධීන කිරීම වෙනුවෙන් නව පනතක් සම්මත කරමින් මහ බැංකුවට කිසිදු දේශපාලනික් බලපෑමක් සිදු නොවන තැනට කටයුතු සිදු කරද තිබේ. එ් අනුව මහ බැංකුව අද කටයුතු කරන්නේ රටේ ආර්ථිකය අභිවෘද්ධිය ගැන කල්පනා කර මිසක් ආණ්ඩු කරන්නේ කවුද යන්න සලකා බලා නොවේ. ඒ අනුව ආර්ථික ප්‍රතිපත්ති වෙනස් කිරීමේ අනතුර ගැන අධිපතිවරයා පවසා සිටින්නේ මහ බැංකුවේ මතය අනුව මිසක ආණ්ඩුවේ මතය අනුව නොවන බව පැහැදිලි කරුණකි. මහ බැංකුව නිවැරදි බව සජබයේ හර්ෂ, චම්පික යන අයගේ ප්‍රකාශකයන්ගෙන් ද තහවුරුය.
කොහොම නමුත් 2019 දී ගෝඨාභයගේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් වීමෙන් පසුව මෙලෙසම අනතුරු හැඟවීම් තිබිය දීත් ගෝඨා පාලනය තමන්ගේ පටු ජනප්‍රිය ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීමේ ආදර්ශය නිසා සජිත් හෝ අනුර බලයට පත් වීම තුළ ඔවුන් දුන් පොරොන්දු අනුව වෙනස් කම් කිරීමට පියවර ගනු ඇති බව සාධාරණව කල්පනා කළ හැකිය. ඒ අනුව මේ වන විට රටේ ආර්ථික ක්ෂේත්‍රය බිය ගැන්වීමකට ලක් වෙමින් තිබේ. ව්‍යාපාරික ප්‍රජාවත් සජිත් හෝ අනුර බලයට පත් වුවහොත් විය හැකි බරපතල අනතුරු ගැන විමසිල්ලෙන් පසුවනවාට සැක නැත. ආර්ථිකය ගැන ප්‍රමාණාත්මක දැනුමක් ඇති සිහි බුද්ධියක් ඇති රටේ ජනතාවත් මේ ගැන බියකින් පසුවෙන බවත් මේ දිනවල සමාජ මාධ්‍ය තුළින් ගම්‍යවේ.
මේ බියෙන් අත් මිදීමට ඇත්තේ එක් විකල්පයක් පමණි. ඒ මෙම වැඩපිළිවෙල ආරක්ෂා කරමින් ආණ්ඩුකරන පිරිසටම මෙය භාර දීම පමණි. නැතිනම් වීමට නියමිත විනාශය භාරගැනීමට හිත හදා ගත යුතුය.
- භාෂණ වීරතුංග