ගොවි ණය කැපීමේ මැතිවරණ පොරොන්දුව බොරුවක් Featured

Friday, 30 August 2024 09:43

සජබයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ත් ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේකෂක අනුර කුමාරත් සිය මැතිවරණ වේදිකා වලදිත් මැතිවරණ ප්‍රකාශන වලදීති ගොවි ජනතාවගේ වගා ණය කපා හරින බවට පොරොන්දු වෙමින් ඒ හරහා දේශපාලන වාසියක් අත් පත් කර ගැනීමේ උත්සාහයක නිරත්ව සිටී. තවද ගොවි ජනතාවට දැරිය හැකි සාධාරණ මිලකට පොහොර හා කෘෂි උපකරණ ලබාදෙන බවත් පවසයි.

එහෙත් සත්‍ය කතාව වන්නේ ජනපති රනිල් පාලනය තුළ දී මේ ගොවා ණය කපා හැරීම සඳහා පියවර ගෙන තිබු බවය. එසේම පොහොර සහනාධාරය ලබා දීමත් මෙරට කෘෂිකර්මාන්තය නවීකරණය කරමින් මෙරට ආර්ථිකයට වැඩි දායකත්වයක් අත්පත් කරගැනීම වෙනුවෙන් පියවර රැසක්ද ගෙන තිබේ. එළඹෙන මහ කන්නයේදී හෙක්ටයාරයකට රුපියල් 15,000 ක් ගෙවන පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට රජය තීරණය කළේ මීට කලකට පෙරය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙරට පැවැති අර්බුදයයන් විසඳීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගත්තේ අනාගතයේ දී විය හැකි තත්වයන්ට මුහුණ දීමත් ඉලක්ක කරගෙනය. ඒ අනුව ඉදිරි පස් අවුරුද්ද වෙනුවෙන් විය යුතු දේත් මේ වන විට සැලසුම් කර අවසන්ය. ඇතැම් දේ ක්‍රියාත්මක වීමත් ඇරැඹී ඇත.

සජබයේ ජාජබයේ මෙවර මැතිවරණ ප්‍රකාශන තුළ රනිල්ගේ වැඩ ගෙඩි පිටින් කොපි කර ඇති බවට විවේචන එල්ල වන්නෙත් රනිල් මේ විපක්ෂය තමන්ට බලය ලැබුණොත් කරන්න හිතන දේවල් බොහොමයක්ම මේ වන විටත් සිදු කර ඇති නිසාය.

ගොවි ණය සදහා රජය මේ දක්වා ගෙන ඇති පියවර

හෙක්ටරයාර දෙකක් හෝ ඊට අඩු ඉඩම් ප්‍රමාණයක වී වගාව සඳහා රජයේ බැංකු මගින් ලබාගෙන තිබූ ණය මුදල් 2022 වසරෙදී කපා හැරීම (2022.05.31 දක්වා ) සිදුව තිබේ. හෙක්ටරයාර දෙකකට අඩු ඉඩම් සහිත ගොවියන් කියන්නේ මෙරට ගොවිතැනින් සියයට 80 ක පමණ ආවරණය කරන පිරිසයි. ඒ අනුව පසුගිය අර්බුද සමයේ දී පීඩාවට පත්වූ ගොවි ජනතාවගෙන් අති බහුතරය මේ වන විට ණයෙන් නිදහස් කිරීම සිදුව ඇත.

මුදල් අමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර කැබිනට් අනුමැතිය පරිදි මහජන බැංකුව, ලංකා බැංකුව සහ ප්‍රාදේශීය සංවර්ධන බැංකුව හරහා ලබා ගෙන ඇති ණය මෙමගින් කපාදැමී සිදුවේ. ඒ සඳහා රජය රුපියල් මිලියන 631.5ක් යොදවා තිබේ.

Last modified on Friday, 30 August 2024 09:45

Leave a comment

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us