ජනප්‍රිය පාසල් සමඟ පාසල්වාදයත් අහෝසි කරන අනුරගේ කි.මී. තුනේ පාසල් ප්‍රතිපත්තිය   Featured

Friday, 30 August 2024 10:23

අනුර කුමාර පසුගිය දින වල මැතිවරණ වේදිකා මත දී පවසා සිටියේ 'සෑම දරුවෙකුටම කිලෝ මීටර් 3 ක් ඇතුළත අංග සම්පූර්ණ පාසලක්' ලබා දෙන බවය. අංග සම්පූර්ණ පාසල් ඉදි කළ පමණින් මෙරට අධ්‍යාපනයට අවශ්‍ය සංවර්ධනය සිදු වෙනු ඇතැයි අනුර කල්පනා කරනවා විය හැකි වුණත් එය මීට වඩා පුළුල් වපසරියක තිබෙන සංකීර්ණ ගැටලුවකි.

කොහොම නමුත් අනුරගේ පොරොන්දුව තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ඇතුළත්ව තිබුණේ 'අංග සම්පූර්ණ' කොටස නොමැතිවය. එහි සදහන් වන්නේ කිලෝ මීටර් 3 ක් ඇතුළත සෑම දරුවෙකුටම පාසලක් ලබා දෙන බවය.

එමෙන්ම මෙම ප්‍රකාශනයේ ඇති අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව මෙරට ගැන නොදන්නා අයකු හෝ විදේශිකයකු හෝ කියවා බැලුවොත් ගම්‍ය වන්නේ මේ රටේ පාසල් පද්ධතියක් මෙතෙක් කල් ක්‍රියාත්මකව නොතිබුණාද යන්නය. මන්ද මේ යෝජනා අනුව හැඟී යන්නේ කිසිවක් නැති රටක් ගැන කතාකරනවා වැන්නක් නිසාය.

2021 සංඛ්‍යා ලේඛන අනුව මෙරට පාසල් 10,146 කට ආසන්න ප්‍රමාණයක් තිබේ. ඒ අතර මධ්‍යම රජයේ පාළනය යටතේ ඇති ජාතික පාසල් ලෙස 396 ක් ක්‍රියාත්මකය. පළාත් සභා පාසල් ලෙස 9750 ක් සහ පිරිවෙන්, පෞද්ගලික පාසල්, ජාත්‍යන්තර පාසල් දහසකට ආසන්නව ඇත.

මේ සියල්ල අතරින් ප්‍රාථමික ශ්‍රේණි පමණක් ඇති පාසල් 3893 ක් ද, ප්‍රාථමික ශ්‍රේණිවල සිට සාපෙළ දක්වා ඇති පාසල් 3206 ක් ද, ප්‍රාථමික ශ්‍රේණි වල සිට උපෙළ දක්වා පාසල් 1975 ක් ද ක්‍රියාත්මකය. ප්‍රාථමික ශ්‍රේණි නොමැති පාසල් 997 ක් ඇත.

දළ වශයෙන් වර්ග කිලෝමීටර් 65,610 ක වන ලංකාවේ ව.කි.මී. 7 කට එක් පාසලක් වන්නට ඇත. නමුත් එය භූ විෂමතා, පාරිසරික සාධක, ජනගහනය සහ තවත් සාධක නිසා පාසල් පිහිටීම වෙනස් වීම් සහිතව තිබේ.

මේ අනුව, වර්ග කිලෝ මීටර් 699 ක් වන කොළඹ දිස්ත්‍රික්කය ගතහොත් පාසල් 397 ක් ඇත. එනම් වර්ග කිලෝමීටර් 2 කට එක් පාසලක් ඇති අතර එයින් ජාතික පාසල් ප්‍රමාණය 39 ක් වේ. එනම් වර්ග කිලෝ මීටර් 17 කට එක් ජාතික පාසලක් ඇත. එම ජාතික පාසල් වල පමණක් ඉගෙන ගන්න සිසු ප්‍රතිශතය සියයට 35 ක් පමණ වේ.

අනුර කුමාරගේ කිලෝමීටර් 3 ප්‍රතිපත්තිය යටතේ පදිංචි ස්ථානය මධ්‍යය කර ගෙන හතර දිසාවට ඇති දුර අනුව වන වර්ග කිලෝමීටර 36 ක වපසරියට අවශ්‍ය වන්නේ එක් පාසලකි. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයට ආදේශ කළහොත් ප්‍රාථමික පාසල් අවශ්‍ය වන්නේ 20 ක පමණ ප්‍රමාණයකි. එම ප්‍රාථමික පාසල් 2 ක් හෝ 3ක් ආවරණය වෙන ලෙස කණිෂ්ඨ ද්විතීක පාසල් අවශ්‍ය වන්නේ 10 ටත් අඩු ප්‍රමාණයකි.

 මොණරාගල වැනි දුෂ්කරම දිස්ත්‍රික්කයක් සලකා බැලුවහොත් ව.කි.මී. 5636 කි. පාසල් 291 ඇති අතර ව.කි.මී. 19 කට 1ක් වනසේ ඇත. ජාතික පාසල් 11 කි. ඒ අනුව ව.කි.මී. 512 කට 1 ජාතික පාසලකි.

මොණරාගල භූ විෂමතා, පාරිසරික සාධක, ජනගහනය සහ තවත් සාධක නිසා කොළඹ හා සන්සන්දනය කළ නොහැකි වුවත් මෙවැනි දුෂ්කර දිස්ත්‍රික්කයන් තව දුරටත් සංවර්ධනය විය යුතුව තිබේ.

නමුත් එම ප්‍රදේශ වල භූමි ප්‍රමාණයේ විශාලත්වය සහ අඩු ජනගහනය මත විශාල පාසල් පද්ධතියක් නඩත්තු කිරීමෙහි ගැටලුවක් ඇත. ඇතැම් පාසල් පවත්වාගෙන යන්න තරම් ප්‍රමාණවත් සිසුන්ද නැත.

එමෙන්ම ලංකාවේ පොදුවේ පාසල්වල පිහිටීම පිළිබඳ ප්‍රශ්නයක් ද තිබේ. දැනට පවතින පාසල් බොහොමයක් පිහිටුවීමේදී අනාගත සංවර්ධනය වුවමණාවන් ගැන කල්පනා කර නැත. පෙර කළ ආගමික, ජාතිකත්ව සහ දේශපාලන වුවමනාවන් මත පිහිට වූ පාසල් විශාල ප්‍රමාණයක් ඇත. ඒ බොහෝ විට භු විෂමතා, පරිසර සාධක ජනගහන සාධක සලකා බලා නැත. මහාමාර්ග ප්‍රවාහන පහසුකම් පිළිබඳ ප්‍රශ්න ඇත. එ් අතරම දෙමාපියන්ගේ ආර්ථික සාමාජීය හැකියාවන් සහ අධ්‍යාපනය පිළිබඳ ආකල්ප ප්‍රශ්න ඇත.

කිලෝ මීටර් 3 ප්‍රතිපත්තියට පෙර මෙවැනි ගැටළු විශාල ප්‍රමාණයක් විසඳා ගැනීම මුලිකව සිදු විය යුතුය.

ඒ කෙසේ වුවත් යම් ලෙසකින් කිලෝ මීටර් 3 ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගෙන්නේ නම්, සිදුවිය හැකි තවත් වෙනස්කම් රැසක් තිබේ.

* ජනප්‍රිය පාසල්, ජාතික පාසල්, පළාත් පාසල් ආගමික ආදී වශයෙන් පවතින පාසල් වර්ගීකරණයන් අහෝසි විය හැකි අතර නව ව්‍යපෘතිය යටතේ ගොඩනඟන සෑම පාසලක්ම සමාන තත්වයට පත් කරනු ඇත.

*අදාල වර්ග කිලෝමීටර් 36 ක වපසරිය තුළ අවම වශයෙන් අංග සම්පුර්ණ පාසල් 3 ක් ගොඩ නඟා, අනෙක් සියල්ල වසා දමා එම ඉඩම් හා ගොඩනැගිලි රජයේ වෙනත් කටයුතු වෙනුවෙන් යොදා ගැනීමත් විය හැකිය.

* ජනප්‍රිය පාසල් වලට කිලෝමිටර් 3 කින් එපිට පදිංචි දරුවන් ඇතුලත් කරගැනීම සිදු නොවෙනු ඇත.

* 5 ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වූවත් කිලෝ මිටර් 3ක් ඇතුලත ඇති පාසලකට පමණක් ඇතුලත් වීම අනිවාර්ය විය හැකිය.

* ජනප්‍රිය පාසල් වලට කිලෝමිටර් 3 ඇතුලත සිටින දරුවන් පමණක් ඇතුලත් කරගත යුතු නිසා එම සීමාවේ පදිංචි සමාජයේ සෑම තරතිරකම දරුවන්ට ජනප්‍රිය පාසල් වලටත් ඇතුලත් වීමේ වරම හිමිවේ.

* සිංහල බෞද්ධ ක‍තෝලික හින්දු ආදි වශයෙන් පවතින පාසල් බෙදීම අහෝසි වන අතර ආගමික බේදයකින් තොරව ඕනෑම පාසලකට ඇතුලත් වීමේ අයිතිය දරුවන්ට හිමිවේ.

* ජනප්‍රිය පාසල් (ජාතික පාසල්) වල ආදි ශිෂ්‍ය සංගම් විසින් පවත්වාගෙන යන අධිකාරි බලය ද අහෝසි කෙරෙනු ඇත.

* සෑම පාසලක්ම සමාන තත්වයෙහිලා සැලකෙන බැවින් පාසල් නාමය කේන්ද්‍රකරගෙන සිදුවන වෙනස් කොට සැලකීම (පාසල්වාදය) නීතියෙන් තහනම් කළ හැකිය.

මේවා කොහොම නමුත් මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල දී මූලිකවම විය යුත්තේ 'අධ්‍යාපනයේ අරමුණ කුමක්ද?' යන්න නිවැරදිව තේරුම් ගෙන රටේ අනාගතයට ගැලපෙන ලෙස අවශ්‍ය වෙනස්කම් කිරීමය. මේ වන විටත් මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන් දශක තුනක්වත් පසුපසින් තිබෙන බව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විද්වතුන්ගේ මතය වී ඇත.

මේ ප්‍රශ්නය විසැඳීම වෙනුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව -2023-2033' මැයෙන් සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇත. මෙය ඉතා වැදගත් ලියවිල්ලකි. මේ වන විට විද්වත් සාකච්ඡාවන්ට ලක් වෙමින් තිබේ.

මේ පිළිබඳ අනුර වෙනුවෙන් ප්‍රචාරක මෙහෙයුමක් සිදු කරමින් සිටින මහාචාර්ය නිර්මාල් රංජිත් විසින් මෙහෙයවනු ලැබු සාකච්ඡා මාලාවක් ද යූ ටියුබ් හී ඇත. එහෙත් ඔහුවත් අධ්‍යාපන ප්‍රතිපත්ති සැකසීමේ දී අනුරට උපදෙසක් දී නැති බව අනුරගේ ප්‍රතිපත්ති අනුව පෙනෙන්න තිබෙන දෙයකි.

එමෙන්ම අපගේ යෝජනාව වන්නේ 'ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවත්', අනුරගේ ප්‍රතිපත්තිත් සසඳා බැලීම කළ යුත් බවය. එහි දී මේ රටකට අතිශයින්ම වැදගත් ක්ෂේත්‍රය ගැන අනුර සිටින්නේ කෙතරම් ප්‍රාථමික යල් පිනූ තැනකද යන්න පහසුවෙන් වවටහා ගත හැකිය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව

https://educationforum.lk/wp-content/uploads/2023/12/NEPF_2023-11-28_Sinhala.pdf

Leave a comment

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us