ජනාධිපති සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක්

Published in පුවත්
Thursday, 29 August 2024 09:08

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඒ කොළඹ මාළිගාවත්තේ පිහිටි සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානයේ මූලස්ථානයයේදීයි.

එහි සභාපති අෂ්-ෂෙයික් එම්. අයි. එම්. රිස්වි මවුලවිතුමා ඇතුළු විධායක මණ්ඩලය සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී පසුගිය කොරෝනා සමයේ මිය ගිය මුස්ලිම්වරුන් ඇතුළු සෙසු ආගමිකයන් ආදාහනය කිරීමට රජයට නිර්දේශ කළ පාර්ශ්ව සතුව පවතින වගවීම පිළිබඳ සොයා බලා කටයුතු කිරීමට අනෙකුත් පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට තමන් යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින්.

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මවුලවිතුමන්ලා මෙහිදී සිය ආශිර්වාදය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරන්නේ.

තමා මැතිවරණ කටයුතු ආරම්භ කිරීමෙන් පසුව මහානායක ස්වාමින් වහන්සේ මෙන්ම අනෙකුත් ආගමික පූජකතුමන්ලා ද හමුවී අවවාද අනුශාසනා ලබාගත් බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ආගම්වලට සමාන කොට සැලකීමට තමා කැපවී සිටින බවද සඳහන් කර තිබෙනවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us