ජනතාව ගැන නොසිතු මහජන නියෝජිතයින් ගැන ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකියි - ජනපති

Published in පුවත්
Thursday, 29 August 2024 08:55

රට අර්බුදයට පත්ව තිබු අවස්ථාවේ ජනතාව ගැන නොසිතා කටයුතු කළ මහජන නියෝජිතයින් පිළිබඳව ජනතාවට යළි විශ්වාසයක් තැබිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ  පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ රට වැටී තිබු ආර්ථික අර්බුදයෙන් ගොඩගැනීම සඳහා සහයෝගය ඉල්ලා සිටිය ද ඇතැම් නායකයින් එම කටයුතු මඟ හැරී බවය.

ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් නුගේගොඩ නගරයේ පැවති ජනරැලියට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

"දැන් අපිට විවේචනය කරනවා එකට එකතු වුණා කියලා. බොරු කියලා කවුද මේ විවේචනය කරන්නේ ? මේ අය මොනවා ද කරේ ? රටේ ප්‍රශ්නවලට විසඳුමක් දුන්නද? ඒ අයට වගකීම භාරදුන්නාහම දිව්වා. මට වගකීම භාරදුන්නාහම මම ජනාධිපති වුණා. හැම එක්කෙනාගෙන්ම ඉල්ලුවා එකතු වෙන්න කියලා. මගේ එක්ක එකතු වුණ අය තමා මේ වේදිකාවේ ඉන්නේ. වේදිකාවෙන් පිට ඉන්නේ, උන් මැරුණත් කමක් නෑ අපේ දේශපාලන වාසිය ගන්න ඕනේ කියන අය. එදා විසඳුමක් නැති මිනිහා ජනතාව ගැන හිතුවේ නැති නායකයා කොහොම ද අද කියන්නේ මාව ජනාධිපති කරන්න කියලා. ඊළඟ සැරේ කරදරයක් ආවොත් කෙලින්ම දුවලා කටුනායකට ප්ලේන් එකේ නැගලා යයි. තමන් ගැන හිතයි. තමන් කරදරේ වැටුණහම මේ මිනිහා ඉඳී ද නැද්ද? සජිත් ජනාධිපති වුණොත් ඉඳීද ? දුවයි ඊළඟ ඔලිම්පික් වෙනකල්. අනුර ජනාධිපති වුණොත් ඉන්නවාද ? අමාරු කාලේ ඉන්නේ නැති මිනිස්සු දැන් ඇවිත් මොනා කරන්න ද? මේ ඡන්දේ දෙන්නේ මට නෙමෙයි. ඔබේ කුස්සියට. ගෑස් සිලින්ඩරයට කතිරය ගහන්න. ඒක ගහන්නේ නැතුව ගෑස් සිලින්ඩරය නැති වුණොත් මට බනින්න එපා."රනු ලබන්නේ විදෙස් ගමන් බලපත්‍ර 750 කි.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us