ක්ලබ් වසන්ත ඝාතනය කළ හැටි ඝාතකයන් සියල්ල වමාරයි Featured

Published in පුවත්
Friday, 30 August 2024 09:29

ක්ලබ් වසන්ත නමැත්තා ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා ඊයේ දිනයේ අත්අඩංගුවට ගනු ලැබීය.

තවත් තුවක්කුකරුවෙකු සහ සැකකරුවෙකු ද පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බවයි, පොලිසිය පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි තරිඳු මදුසංකද සිල්වා හෙවත් බහිරවයා නමැත්තෙකු සහ 32 හැවිරිදි සජිත් ශ්‍රියන්ත ද සිල්වා නොහොත් පොඩි බළයා යන අය බවයි පැවසෙන්නේ.

සැකකරුවන් පානදුර පින්වත්ත ප්‍රදේශයේ රැදී සිටින බවට පානදුර පොලිසියට ලද තොරතුරක් මත ඔවුන් පින්වත්ත බස්නැවතුම්පලේදී මෙලෙස අත්අඩංගුවට ගත්බව පොලිසිය ප්‍රකාශ කළා.

මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙන්නේ, සැකකරුවන් වෙඩිතැබීම සිදු කිරීමෙන් පසු මෝටර් රථයෙන් වෑන් රථයකට මාරු වී කඩවත දක්වා ගමන්කර ,දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ මාතර දක්වා ගමන්කර ඇති බවටයි.

ක්ලබ් වසන්ත ඝාතනයට ආසන්න දිනයකදී ඔවුන් ඇතුළු පිරිස ඩුබායිහි සිටින පුද්ගලයෙකුගේ සම්බන්ධීකරණය මත අතුරුගිරිය ප්‍රදේශයේ නිවසකට පැමිණි බවට, සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් පොලිසියට පාපෝච්චාරණය කර ඇත.

ඔවුන් පොලිසිය හමුවේ පවසා ඇත්තේ, එම නිවසට පැමිණි පුද්ගලයෙකු විසින් ඝාතනය කළ යුතු පුද්ගලයාගේ ජායාරූපයක් පෙන්වූවත් ඒ ක්ලබ් වසන්න නැමැත්තා බවට තමන් දැන නොසිටි බවයි.

අනතුරුව KPI ලෙස සටහන කළ උණ්ඩ යෙදූ මැගසින් සහිත ටී 56 ගිනි අවි දෙකක් තමන් වෙත ලබා දී අදාළ පුද්ගලයා පිටව ගිය බවට සැකකරුවන් පාපෝච්චාරණය කර ඇත.

අනතුරුව ජූලි මස 08 වැනිදා උදෑසන වෙඩිකරුවන් දෙදෙනා බහිරවයා නැමැත්තා සමග මෝටර් රථයකින් අතුරුගිරියේ පිහිටි ටැටූ මධ්‍යස්ථානය වෙත ගොස් ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.

එහිදි පළමුව ටැටූ මධ්‍යස්ථානයට ඇතුළු වූ වෙඩික්කරුවෙක් කේ සුජීවාගේ සැමියා ක්ලබ් වසන්ත නැමත්තාගේ පෞද්ගලික ආරක්ෂකයෙකු බව සිතා ඔහුට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර තිබේ.

පොලිසිය හමුවේ සැකකරු පපෝච්චාරණය කර ඇත්තේ, අනතුරුව තමන් සිය පළමු මැගසිනයේ උණ්ඩ අවසන් වන තෙක් ක්ලබ් වසන්තට වෙඩි තැබූ බවයි.

අනතුරුව ඝාතන සැලසුම ක්‍රියාත්මක කළ ලොකු පැටී නැමත්තා තමන් අමතා සුබ පැතූ බවද වෙඩික්කරුවන් පොලිසිය හමුවේ පවසා ඇත.

කෙසේ වෙතත් තමන් ඝාතනය කළේ ක්ලබ් වසන්න බවට දැනගත්තේ එදින ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුව බවයි, වෙඩික්කරුවන් පවසා ඇත්තේ.

මෙම සිද්ධියෙන් පසු සැකකරුවන් නවාතැන් ගැනීමට ස්ථානයක් සොයමින් සිට ඇති අතර එහිදී අදාළ සැකකරුවන් දෙදෙනාට නවාතැන් පහසුකම් සැපයීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු වන අමල් සිල්වා නැමැත්තා ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහුද පානදුර පින්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළේ.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us