කෙහෙළිය පූර්ණ ආබාධිත වීමේ අවදානමක් - නීතිඥයින් අධිකරණයට දන්වයි

Published in පුවත්
Friday, 30 August 2024 08:52

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පූර්ණ ආබාධිත තත්ත්වයට හෝ අංගවිකල තත්ත්වයට පත් වීමේ දැඩි අවධානමක් ඇතැයි, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ මාලිගාකන්ඳ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවසුවේ ය.


ඒ, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරට රෝහල් පද්ධතිය තුළ බෙදාහැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව, මාළිගා කන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (29) යළි කැඳවූ අවස්ථාවේදීයි.

යම් හෙයකින් කෙහෙළිය රඹුක්වැල්ල මහතා, පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් සිය සේවාදායකයාට ඇප ලබා දුන්න ද, එහි ප්‍රතිපලයක් නොමැති බව ජනාධිපති නීතිඥවරයා එහිදී සඳහන් කළේ ය.

එවැනි තත්ත්වයක රජයේ රෝහලකින් ප්‍රතිකාර ලබා කෙහෙළිය රඹුක්වැල්ල මහතාට සුවයක් බලාපොරොත්තු විය නොහැකි බැවින් සුදුසු ඇපයක් මත ඔහු මුදා හරින්නැයි ජනාධිපති නිතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ඊට විරුද්ධත්වය දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සඳහන් කළේ, පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර වාර්තා කැඳවා, එය සැළකිල්ලට ගැනීමෙන් පසුව සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ලබා දීම පිළිබඳව සළකා බැලිය හැකි බවයි.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පූර්ණ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කර කඩිනම් වාර්තාවක් කැඳවන ලෙසයි.

සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පළමු සැකකරු වන ඖෂධ සමාගමේ හිමිකරු සුදත් ජානක ප්‍රනාන්දු යන අය අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයට යොමු කරන්නැයි ද, මාළිඟාකන්ද මහේස්ත්‍රාත්වරිය, බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරනු ලැබීය.

ඒ, පළමු සැකකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, සිය සේවාදායකයා දරුණු මානසික ව්‍යාකූලත්වයකට පත්ව ඇති බව හා බන්ධනාගාරය තුළදී සියදිවි හානිකර ගැනීමට උත්සාහ දරා ඇතැයි කරුණු දක්වමින් අවධාරණය කිරීමෙන් අනතුරුවයි.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us