වරද්දා ගන්නේ නැතුව ඡන්දය භාවිතා කරන්නේ මෙහෙමයි - මැතිවරණ කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Published in පුවත්
Friday, 30 August 2024 12:13

එක් අපේක්ෂකයෙකුට ඡන්දයක් හා වෙනත් අපේක්ෂකයන් දෙදෙනෙකුට දෙවැනි මනාපය සහ තුන්වැනි මනාපය ලකුණු කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. ඒ ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කිරීම හේතුවෙනුයි.

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන පිළිවෙල සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා නිවේදනයක් නිකුත් කරමිනුයි මේ බව සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් අවශ්‍යනම් ඡන්දය පමණක් ලකුණුකළ හැකි බව ද ඒ මහතා පවසනවා.

ඡන්ද පත්‍රිකාවේ තමන් කැමති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියේ වෙන්කර ඇති කොටසේ එකේ ඉලක්කම සලකුණු කර ඡන්දය ප්‍රකාශ කළ යුතු වනවා.

ඉන්පසු දෙවන සහ තුන්වන ඉලක්කම් සලකුනු කිරීමෙන් මනාප දැක්විය හැකියි.

ඡන්ද දායකයෙකු ඡන්ද පත්‍රිකාවක දෙවන හෝ තුන්වන මනාප සලකුණු කර නොමැති වුවද එහි නිසියාකාරව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ඡන්දයක් සලකුනු කර තිබේනම් එය පිළිගන්නේ වලංගු ඡන්දයක් ලෙසයි.

ඡන්ද පත්‍රිකාව සලකුණු කිරිමෙන් එය අපේක්ෂකයාට ලබාදුන් ඡන්දයක් ලෙසට සලකනවා.

ඡන්ද දායකයාව හදුනාගත හැකි පරිදී යම් දෙයක් සටහන් කර හෝ සළකුණු කරන පත්‍රිකා ඡන්ද ගණන් කිරීමේ දී ප්‍රතික්ෂේප කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

කිසිදු අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැති වීම, එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කිරීම , දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කිරීම සහ 1 / 2 / 3ට වඩා මනාප සලකුණු කිරීම ද ඡන්ද පත්‍රිකා ප්‍රතික්ෂේප වීමට හේතුවක් වනවා.

-P.M

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us