ඩෙංගු හිස ඔසවයි

Published in පුවත්
Friday, 30 August 2024 12:13

ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ජනතාව ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළ යුතු බව සෞඛ්‍ය අංශ අවධාරණය කර තිබේ.

පසුගිය 19 වනදා සිට 25 වනදා දක්වා ගත වූ සතිය තුල ඩෙංගු රෝගීන් 926 දෙනෙකු වාර්තා වී තිබෙන අතර ඊට පෙර සතියේ වාර්තා වූ  ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 968 ක් බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර එම සංඛ්‍යාව 54.8% ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් 24.9% ක් වාර්තා වී ඇති අතර ඉන් රෝගීන් 9.3 %ක් ම වාර්තා වී ඇත්තේ කොළඹ  මහනගර සභා බල ප්‍රදේශයෙනුයි.

රත්නපුර දිස්ත්‍රික්කය තුළ යටවත්ත, කුරුවිට, පැල්මඩුල්ල ,රත්නපුර ,මොරටුව, රාගම සීදුව,පානදුර සහ බේරුවල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් තිබේ.

මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගය වසංගත තත්ත්වයකට  ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් ඒ පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක  කර තිබේ. 

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ඩෙංගුරෝගීන් 2198 දෙනෙකු හදුනාගෙන තිබේ.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us