ජපානයේන් ශ්‍රි ලාංකිකයින්ට තවත් රැකියා අවස්ථා රැසක්

Published in පුවත්
Friday, 30 August 2024 13:04

ජපානය විසින් මේ වන විට ශ්‍රි ලාංකිකයින්ට ලබා දී ඇති රැකියා ක්ෂේත්‍රවලට අමතරව, තවත් ක්ෂේත්‍ර රැසක රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට‍ විවෘත කිරීමට ජපානය එකග වී තිබේ.

පසුගියදා ජපානයේ IM Japan ආයතනයේ සභාපති හිසයෝෂි කිමුරා (Hisayoshi Kimura) හා අධ්‍යක්ෂක මසනෝබි කොමියා (Masanoby Komiya) යන මහත්වරුන්, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂක ජෙෆ් ගුණවර්ධන හා සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක යන මහත්වරුන් කාර්යාංශයේදී හමුවූ අතර, එහිදී ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි වශයෙන් ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලදී.

මේ වන විට IM Japan ආයතන මගින් ශ්‍රි ලාංකිකයින්ට ජපානයේ ඉදිකිරීම්, සාත්තු සේවා, නිශ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්පී හා ඇසුරුම් සේවා වැනි ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබාදෙන අතර, ඊට අමතරව කෘෂිකාර්මික, නවාතැන් සේවා, ගොඩනැගිලි පිරිසිදු කිරීම් යන ක්ෂේත්‍රවල වැඩි රැකියා අවස්ථා ලාංකික තරුණ ප්‍රජාව වෙත ලබාදීමට ජපාන නියෝජිතයින් එකගතාවය පළකර තිබේ. එසේම ඉහත ක්ෂේත්‍රවල පුහුණුව ලැබූ තරුණයින්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් මෙරට ඇති කිරීමටද දෙපාර්ශවය සාකච්ඡා කරන ලදී.

IM Japan වැඩසටහන යටතේ මේ වන විට ශ්‍රි ලාංකිකයින් 500ට ආසන්න ප්‍රමාණයකට ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව හිමිවී ඇති අතර, තවත් පුහුණු ලාභීන් 100ට ආසන්න ප්‍රමාණයක් ජපානයට යාමට සුදුසුකම් ලබා පෙර විගමණික පුහුණුව ලබමින් සිටියි.

ජපාන නියෝජිතයින් සමග පැවති මෙම විශේෂ සාකච්ඡාවට අතිරේක සාමාන්‍යාධිකාරී (දේශීය කටයුතු) පී.පී.වීරසේකර, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (පුහුණු හා බඳවාගැනීම්) එල්.වයි.පතිරණ යන මහත්වරුන්ද එක්වී සිටියහ.

-P.M

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us