රංගෙට මහ ලේකම් ධුරය අහිමි වෙයි

Published in පුවත්
Friday, 30 August 2024 10:09

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර එම තනතුරින් ඉවත් කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ලැබුණු බලතල අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, පාලිත රංගෙ බණ්ඩාර මහතා මහ ලේකම් ධුරයට අදාළ රාජකාරී නිසියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මූලික කරගනිමින් පක්ෂ නායකත්වය විසින් අදාළ තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.

පාලිත රංගේ බණ්ඩාර මහතා පසුගිය දින කිහිපයේදීම සිරිකොට පක්ෂ මූලස්ථානයේ රාජකාරි සඳහා ද පැමිණ නැති බව වාර්තා විය.

ඒ අනුව, මේ වනවිට ක්‍රියාත්මක මැතිවරණ මෙහෙයුමේ වගකීම් රංගේ බණ්ඩාර හැර අනෙකුත් නිලධාරීන්ට පැවරීමට ද එජාප නායකවරයා කටයුතු කර ඇති බවත් ආරංචිමාර්ග සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සිදු කළ විමසීමකදී ඔහු පැවසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම් දීමක් තමාට සිදු කර නොමැති බවත් තමන්ට යමක් පැවසීමට ඇත්නම් මාධ්‍ය හමුවක් කැඳවන බවත්, එතෙක් තමන්ට කරදර නොකරන ලෙසත් ඔහු ප්‍රකාශ කළේය.

එජාප නියෝජ්‍ය මහලේකම් ක්‍රිශාන්ත තියඩෝර්, සිරිකොත ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත්, මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී ජනාධිපති නීතිඥ රෝනල්ඩ් පෙරේරා ඇතුළු පිරිසට සිරිකොත පක්ෂ මූලස්ථානයේ ද රැඳී සිටිමින් සියලු දිස්ත්‍රික්ක වල සම්බන්ධීකරණ කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසීය.

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us