2025 අප්‍රේල් මාසය වන විට බදු අඩු කල හැකියි - විපක්ෂයේ පොරොන්දු බොරු

Published in පුවත්
Friday, 30 August 2024 09:59

විපක්ෂයේ අපේක්ෂකයන් විසින් ලබා දෙන පොරොන්දු ක්‍රියාත්මක වුවහොත් ඒ මොහොතේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන මෙරටට අහිමි වන බවත් එම පොරොන්දු ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අවධාරණය කර සිටියි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ මල්පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලයේ  පැවති මාධ්‍ය හමුවේදීය.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේ මෙරට විදෙස් ණය හිමියන් සහ පෞද්ගලික බැඳුම්කර හිමියන් සමඟ ඇති කර ගෙන තිබෙන එකඟතාද අහිමිව රට බරපතල අර්බූදයකට ගමන් කිරීමේ අවදානමක් තිබෙන බව ය.

උපයන විට ගෙවන බද්ද සංශෝධනය කරමින් ජනතාවට සහන සැලසීම පිළිබඳව මේ වන ව්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ඊට අදාළ අවසන් එකඟතා ඇති කර ගැනීමෙන් අනතුරුව 2025 අප්‍රේල් මාසය වන විට බදු අඩු කිරීමේ ක්‍රියාත්මක කිරීමට හැකි වනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Last modified on Friday, 30 August 2024 10:01

Leave a comment

ld add copy

Gossip

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

Connet With Us