සජිත් පේ‍්‍රමදාස මහතාට නියෝජ්‍ය නායකකමක් පිරිනැමීමෙන් ඇති වැඩක් නැතැයි එක්සත්  භික්‍ෂු පෙරමුණේ සභාපති ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ගිරාඹේ ආනන්ද හිමියෝ පවසති.

පසුගිය 02 දා මෙරට සිනමා ලෝලීන්ට ඉතා වැදගත් දවසක්. මෙරට සිනමා සම්මාන වංශකතාවේ පළමු අන්තර්ජාතික අඬහැරය ඊයේ අතිඋත්කර්ෂවත් අයුරින් දිගහැරුනේ රීගල් සිනමාශාලා පරිශ්‍රයේයි.

මීගමුව රෝහලට ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර කොට ඝාතනය කළ බවට චෝදනා ලත් වෛද්‍යවරයාට එරෙහිව ගොනුකර තිබු සියලු චෝදනාවලට ඔහු වරදකරු බවට තීරණය කරමින් මීගමුව මහාධිකරණය ඔහුට මරණ දඬුවම නියම කෙරිණ.

2013 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අනුව විශ්ව විද්‍යාල සඳහා තෝරා ගැනීමේ අවම ඉසෙඩ් ස්කෝර් කඩයිම් ලකුණු මේවනවිට අන්තර්ජාලයට එක් කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි.

අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නැඟී සිටීම හේතුවෙන් ඉතිහාසයේ පටන් ඌවට සිදු වූ අසාධාරණය නිවැරැදි කිරීම සඳහා රජය එහි දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පැවැසීය.

ඥාති සොහොයුරියක විසින් දින 18ක බිළිදෙකු පොලොවේ ගසා ඝාතනය කළ පුවතක් කහතුඩුව - පොල්ගස් ඕවිට - අම්බලන්ගොඩ ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

එමා සුල්කොවික්ස් කොළොම්බියා විශ්ව විද්‍යාලයන් දෘශ්‍ය කලාව හදාරන ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවකි. ඇය ඇයගේ නේවාසිකාගාරයේ ඇඳ මතද දූෂණය කළ බව කියන ඇයගේම වසරේ ශිෂ්‍යයකු විශ්ව විද්‍යාලයෙන් ඉවත් කරන ලෙස බල කරමින් අපූරු විරෝධතාවක් දක්වා තිබේ.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන් හුළුගල්ල මහතා හදිසි හදවත් රෝගයක් නිසා කොළඹ පුද්ගලික  රෝහලකට ඇතුළත් කර ඇත.

රාජපක්ෂ රෙජීමයේ කුමන්ත්‍රණයට හසුවී,   කිලී-ටිරාන්ගේ තර්ජන කිරීම් වලට බියවී සජිත්ට නියෝජ්‍ය නායක නායකත්වය දීමට යන නිසා රවි කරුණානායක ආණ්ඩුවට එක්වන බවට ගෙන යන ප්‍රචාරයට එජාප මන්ත්‍රී රවි කරුණානායක මන්ත්‍රීවරයා පිලිතුරු දී තිබේ.

වත්මන් ආණ්ඩුව විසින් සිදු කරන දුෂණ හා වංචා හෙළිකිරීමට එක්සත් ජාතික පක්ෂය විසින් සයිබර් මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Connet With Us