දින 18ක බිලිඳා පොලොවේ ගසා මරලා !

Published in පුවත්
Saturday, 06 September 2014 10:32

ඥාති සොහොයුරියක විසින් දින 18ක බිළිදෙකු පොලොවේ ගසා ඝාතනය කළ පුවතක් කහතුඩුව - පොල්ගස් ඕවිට - අම්බලන්ගොඩ ප‍්‍රදේශයෙන් වාර්තාවේ.

 ඥාති සහෝදරියගේ අමානුෂික පහරදීමට ලක් වූ බිළිඳා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ පස්වරුවේ මියගිය බව පොලිසිය පැවසුවේය.


22 හැවිරිදි එම තරුණිය බිළිඳාගේ පියාගේ වැඩිමහල් සහෝදරියකගේ දියණියකි. මේ වන විට කහතුඩුව පොලීසිය ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ බිළිදා මුලින්ම ප‍්‍රතිකාර සඳහා වෑතර රෝහලට ඇතුලත් කර ඇත. අනතුරුව තත්ත්වය බරපතල නිසා බිළිදා කළුබෝවිල ශික්ෂණ රෝහලට මාරු කර යැවුණු අතර එහි ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටියදි ජීවිතක්ෂයට පත්ව තිබේ.


දෙමළ ජාතිකයන් වූ මෙම පිරිස පොල්ගස් ඕවිට - අම්බලන්ගොඩ ප‍්‍රදේශයේ පදිංචියට පැමිණ ඇත්තේ මීට මාස කිහිපයකට පෙරය. බිළිදා රැකබලා ගැනීම සඳහා ඔවුන් ඥාති දියණිය නිවසට කැදවාගෙන විත් තිබේ.

මිය ගිය බිළිදාගේ පියා වන පෙරියතම්බි යෝගරාජන් කියා සිටියේ තම ඥාති දියණිය මානසික ආබාධයකින් පෙළුණු බවයි.

මේ අතර, සැකකාර තරුණිය අත්අඩංගුවට යන අවස්ථාවේදී ඇය ආවේශ වූ ආකාරයකින් හැසිරුණු බව කහතුඩුව පොලීසියේ ප‍්‍රකාශකයෙකු සදහන් කළේය..
 
බිළිදාගේ ජීවිතය රැක ගැනීමට සියලූ උත්සාහයන් දැරූ බව කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන ප‍්‍රකාශ කළේය.

මියගිය බිළිඳාගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේදී අද සිදුකිරීමට නියමිතය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us