'ඌවට සිදු වූ අසාධාරණකම් නිවැරැදි කරනවා' - ජනාධිපති

Published in පුවත්
Saturday, 06 September 2014 10:42

අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව නැඟී සිටීම හේතුවෙන් ඉතිහාසයේ පටන් ඌවට සිදු වූ අසාධාරණය නිවැරැදි කිරීම සඳහා රජය එහි දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  පැවැසීය.

සංවර්ධනය සමඟ ඉදිරියට යමින් නැඟී එන ආර්ථිකයේ කොටස්කරුවන් බවට අපේ දරුවන් පත් කළ යුතු බව ද ජනාධිපතිවරයා  කීය.

ජනාධිපතිවරයා  මේ බව ප්‍රකාශ කළේ සෙවණගල අධ්‍යාපන කලාපයේ පාසල් කිහිපයක  ඉදිකෙරුණු මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර සිසු අයිතියට පවරා දෙමිනි.

වරාය, ගුවන් තොටුපළ සමඟ අනාගතයේ දී මේ මහා රුහුණ ද ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැ‍ඟෙන බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා,  ඉන් ප්‍රයෝජන ලබා ගැනීමට දරු පිරිස  සූදානම් කරන ලෙස ද ඌවේ ජනතාවට පැවැසීය.

කෙසේවුවද, පසුගිය දශක දෙකකට ආසන්න කාලයක් ඌව පළාත් සභාව පාලනය කරන්නේ ජනාධිපතිවරයා නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us