"මලික් සමග ටිරාන් පක්ෂය කනවා" - රවි (හඬපටය)

Published in පුවත්
Saturday, 06 September 2014 10:11

රාජපක්ෂ රෙජීමයේ කුමන්ත්‍රණයට හසුවී,   කිලී-ටිරාන්ගේ තර්ජන කිරීම් වලට බියවී සජිත්ට නියෝජ්‍ය නායක නායකත්වය දීමට යන නිසා රවි කරුණානායක ආණ්ඩුවට එක්වන බවට ගෙන යන ප්‍රචාරයට එජාප මන්ත්‍රී රවි කරුණානායක මන්ත්‍රීවරයා පිලිතුරු දී තිබේ.

 මලික් සමරවික්‍රමලාට ටිරාන් අලස්ලාගේ කුමන්ත්‍රණ වලට එරෙහිව සටන් කර පක්ෂය ජයග්‍රහණය කරන තාක් කල් එජාපය සමග ක්‍රියා කරන බව ඔහු පවසා තිබේ.


රවි කරුණානායකගේ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය.

''මේ දවස්වල නොයෙක් නොයෙක් ප්‍රකාශ ආණ්ඩුවේ ඒජන්තවරු අපේ පක්ෂය ඇතුලත කිය කියා සිටිනවා. අද මේ පක්ෂය රැක දෙන්න වැඩ කරපු අපට විරුද්ධව ටිරාන් අලස්ලා මලික් සමරවික්‍රමලා ආණ්ඩුවට ඕනේ විදිහට නටවන්න වැඩ පිලිවෙලක් ගෙනියනවා.

මෙහි මූලික පදනම වන්නේ අද එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන ස්වරූපය ඒගොල්ලන්ගේ අතට අරන් මේකේ පොදු අපේක්ෂක කියන සංකල්පය බිඳ දාලා අන්තවාදීව පාලනය කිරීමට හදනවා. ඒ නිසා අප මේ මොහොතේ පක්ෂය ආරක්ෂා කිරීමටත් ජයග්‍රහණය කරවීමටත් අපි එකා සේ වැඩ කරන්න පටන් අරන් තියෙනවා.

මේ නොයෙක් බොරු ප්‍රචාර කරන්නේ පක්ෂයේ නීත්‍යානුකූල ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න බැරි අයයි. ඔවුන් අද අපේ චරිත ඝාතනය කරලා මේවා කරන්න හදනවා. මේකට කියන්න තියෙන්නේ එක දෙයයි. මේ වගේ බොරු ප්‍රකාශ කරන බියගුළු අයට එරෙහිව සටන් කිරීම අපි ආරම්භ කරලා තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන තාක් කල් වැඩ කටයුතු කරන බව මම ඉතාම සතුටින් එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් කියනවා.''

හඩපටය මෙතනින්

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us