News Items (18842)
වසරේ ජනතාවගේ ක්‍රීඩකයා නොකඩවා ලෙස තෙවැනිවරටත් කුමාර් සංගක්කාර සම්මාන හිමිකර ගැනිමින්ද, වසරේ ක්‍රීඩකයා ලෙස ඇන්ජලෝ මැතිව්ස් සම්මාන ලබමින්ද ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මන රාත්‍රිය ඊයේ (03දා) නිමාවට පත්විය.
එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී රන් පදක්‌කමක් බලාපොරොත්තුවෙන් නම් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්‌ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන ජීවන් මෙන්ඩිස්‌ව ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන වකවානුවේදී පැවැත්වෙන කැරිබියානු ප්‍රිමියර් ලීග් තරගාවලියක් සඳහා මුදා හැරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක විසින් කටයුතු කර තිබීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යවරයා වහාම වාර්තාවක් කැඳවා තිබේ.
හලාවත, මුන්නේෂ්වරම ශ්‍රී භද්‍රකාලි දේවාලයේ වාර්ෂික සත්ව බිලි පූජාව නිසි බලපත්‍රයක් ලබා ගැනීමකින් තොරව පැවැත්විය නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
මීගමුව රෝහලට ප‍්‍රතිකාර ගැනීමට පැමිණි ඇඟළුම් සේවිකාවක දූෂණය කර එහි 06 වැනි මහලෙන් බිමට තල්ලූකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි සැකකාර වෛද්‍යවරයාට මීගමුව මහාධිකරණය අද (03) මරණ දඬුවම නියම කළේය.
දරුවන්ගේ ආහාර පාන සඳහා වන වෙළඳ දැන්වීම්වලට පෙනී නොසිටින ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නළු නිළියන්ගෙන් හා ක්‍රිඩකයින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.
අධික නියඟය නිසා පීඩා විදින යාල ජාතික වනෝද්‍යානයයේ සතුන්ට බීමට ජලය හා කෑමට පළතුරු වර්ග රැගෙන ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ජනතාව මේ දිනවල සිතුල්පව්ව පුද බිම් පැත්තට පැමිණෙති.
පසුගියදා රූපලාවන්‍ය එන්නතක් ලබා දීම හේතුවෙන් වෛද්‍යවරියක මිය යාමේ සිද්ධියේ සැකකාර බම්බලපිටියේ කොස්මෙටික් සර්ජරි රූපලාවන්‍ය මධ්‍යස්ථානයේ හිමිකරු වෛද්‍ය නිමල් ගමගේ මහතා ඇප මත නිදහස් කර තිබේ.
විද්‍යෝදය විශිෂ්ටතම නවකතා සම්මානය ‘‘කුරුලු හදවත’’
විද්‍යෝදය (ජ’පුර) විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන විද්‍යෝදය සාහිත්‍යය සම්මානෝත්සවයේ නව වන සම්මාන උළෙල සැප්තැම්බර් පළමුවන දින කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩලයේ දී පැවැත්විනි.
