සොරගුණේ කැලය මැදින් කාමර 2,000 හෝටලයට හා ගොල්ෆ් පිටියට යළිත් වරක් පාර කැපේ

Published in පුවත්
Wednesday, 03 September 2014 12:10
සොරගුණේ වනාන්තරය නසමින් මේ වනවිට රන්වන් ගුහාව ,දඩයම්පොළ හරහා මහා මර්ගයක් ඉදිකිරීමට ආරමිබ කර ඇත.  මෙම මාර්ගය ඉදිවෙමින් පවතින්නේ මීට වසර කිහිපයකට පෙර ජනතාවගේ උද්ඝෝෂණ මත යටගිය කාමර දෙදහසක හෝටල් සංකීර්ණය හා ගොල්ෆ් පිටිය ඉදිකරන බෙරගල ගොල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය ස`දහා බව ඉතා පැහැදිලිය.  මිනිස් වාසයක් නොමැති මෙම වනය මැද කිසිදු අවසරයකින් තොරව නීති විරෝධීලෙස ඉදිකරන මාර්ගය හා ගොල්ෆ් ව්‍යාපෘතිය වේළි ඔය හා සොරගුණේ ප‍්‍රදේශවල පරිසරය හා ජන ජීවිතයට අහිත කර ලෙස බලපානු ලබයි.
 එමෙන්ම ගොල්ෆ් පිටියට අවශ්‍ය යටිතල පහසුකමි හා කුටි කිහිපයක් ඉදිකිරීම මේ වනවිට ආරම්බ කර ඇති අතර වනාන්තරය විනාශකරමින් මේ වනවිට ගොල්ෆ් පිටිය හා හොටලයට අවශ්‍ය සියළු දේ ඉදිකරමින් ඇත. මැර බලය යොදා ගනිමින් කිසිවෙකුට හෝ එම ප‍්‍රදේශයට යාමට ඉඩ නොදී මෙම මාර්ගයේ කටයුතු හා කුටි ඉදිකිරීම ආරම්බ කර ඇත.
 
ප‍්‍රධාන වශයෙන් වේළිඔය ව්‍යාපෘතිය පෝෂණය කරන කාල්කන්ඔය, දෙමටආර ,වේළිඔය, පතහඔය යන ප‍්‍රධාන ජල මාර්ගවල පෝෂක ප‍්‍ර‍්‍රදේශ වනසොරගුණේ වනාන්තරය තුල අක්කර හයසිය විසි අටක කැලෑ ඉඩම් එළිපෙහෙලි කර හෝටල් ව්‍යාපාරයකට හා ගෝල්ෆ් පිටියකට පවරා දීමේ කටයුතු මේවන විට සිදුකර හමාරය.එලෙස පවරාදුන් ඉඩම් භාවිතයට ගනිමින් දැනට මාර්ග දෙකක් ඉදිවෙමින් පවතී.
 
 
මෙම අක්කර 628ක ඉඩම පවරා දී ඇත්තේ රුපියල් මිලියන හයක් පමණ මුදලකටය.රජයෙන් රුපියල් මිලියන 850ක් පමණ වැයකොට ගොඩනගන ලද වේළිඔය අමුණ ව්‍යාපාරයද මෙලෙස සිදුකරන වන විනාසය නිසා අසාර්ථක වනු ඇත. වේළිඔය ව්‍යාපෘතිය හේතුවෙන් ගොවිපවුල් දහස් ගණනාවක් ජීවිතය සරි කරගන්නා අතර පානීය ජලය ආදී තම එදිනෙදා සියලූ ජල අවශ්‍යතා ද සපුරාගනුයේ මෙමගිනි. වේළිඔය ව්‍යාපාරය සඳහා ප‍්‍රධාන වශයෙන් ජලය ලැබෙන සොරගුණේ වනාන්තර ඉඩම් තුළ අරළු, බුළු, නෙල්ලි, ගම්මාළු, කහට වැනි ඉතා වටිනා ශාකද ඌව මැන්ඩොරා නැමති මෙම ප‍්‍රදේශයට පමණක් සීමා වූ ඉතා දුර්ලබ ශාක විශේෂ ද   දැක ගතහැකි අතර මෙම පරිසර පද්ධතිය ප‍්‍රදේශයේ ජල උල්පත් ආරක්‍ෂා කරන එකම වනාන්තර ප‍්‍රදේශයයි. .දැනට ඉදිවෙමින් පවතින අනවසර මාර්ගයත්, මර්ගය තැනීමෙන් අනතුරුව ඉදිවීමට නියමිත හොටල් සංකීරණය හා ගොල්ෆ් ව්‍යාපෘතියත් හේතුවෙන් අපූර්ව වූ ජෛව විවිධත්වයත් ජල පෝෂිත ප‍්‍රදේශ රැසකුත් විනාශ වී යනු ඇත.
 
 
එයට අමතරව උඩවලව බෝගහපට්ටිය යා කරන සම්ප‍්‍රදායික අලි මංකඩ වැටී ඇත්තේද මෙම සොරගුණේ වනාන්තරය තුලින්ය. ජෛව විද්‍යාත්මකව ඉහළ වටිනාකමක් ඇති සොරගුණේ වනාන්තරය කපා හෝටල් සහ ගෝල්ෆ් ක‍්‍රිඩා පිටියක් ඉදිකිරිම සඳහා 2011-04-11 දින ශ‍්‍රී ලංකා සංචාරකඅධිකාරියේ අධ්‍යක්‍ෂවරයෙකු විසින් හල්දුම්මුල්ල ප‍්‍රදේශීය ලේකම් වරයා වෙත ලිපියක් යොමු කරමින් අවසරය ඉල්ලා ඇත.සොරගුණේ වනාන්තරය සතු ඉඩම් වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට හා සොරගුණේ දේවාල සතුරාජකාරි ඉඩම් ලෙස දැනට පවතින අතර එය වේළිඔය ව්‍යාපාරයේ ප‍්‍රධාන ජල පෝෂිත ප‍්‍රදේශයද වේ.
 
1931 අංක දහනවය දරණ විහාර දේවාල ගම් ආඥාපනතට අනුව විහාරය හෝ දේවාලය සතුව ඇතිරාජකාරි ඉඩම් වලින් එම පුජනීය ස්ථාන වලට නිල පංගුව ඉටු නොවන්නේ නම් පමණක් එම ඉඩම් වෙනත් අයවළුනට පවරා දිය හැකි නමුදු වැසියන් විසින් දේවාලය සතු අනුනවයක් වු රාජකාරි ඉටුකරමින් සිටිය දී සිය මඩිය තරකරගැනීම උදෙසා පරම්පරා උරුමයන් නසමින් සොරගුණේ කුඩාකතරගම දේවාලය සතු වනාන්තර ඉඩම් බෙරගල ගොල්ෆ් රිසෝට් නැමති හෝටල් ව්‍යාපෘතිය හාගෝල්ෆ් පිටි ඉදිකිරීම සඳහා ඇල්ෆා ඇන්ඞ් ඔමෙගා ප‍්‍රයිවට් ලිමිටඞ් අංක 65 , ධර්මපාල මාවත,කොළඹ 07 යන ආයතනය වෙත මෙම අවසරය ලැබෙන්නේ වාසු රාසයියා නැමැති ඇමරිකාවේ පදිංචි පුද්ගලයාගේ හෝටල් දොළ දුක නිවීම සඳහාය.
 
 
සොරගුණේ කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේ දේවාලේ නිළ රාජකාරි ඉටුකරමින් සිටින වැසියන් පාරට ඇද දමා ඇමරිකානුවන්ගේ මනදොල පිනවීම සඳහාමේ වන විට කටයුතු කරමින් සිටි .දැනට ඉදිවෙමින් පවතින මාර්ගය හා ගොල්ෆ් රිසොට් හෝටල් ව්‍යාපෘතිය ඉදිකිරිමට යාමෙන්පරිසරයට හා වේළිඔය ව්‍යාපෘතියට සිදුවන දැවැන්ත පරිසර හානිය පිළිබඳ ඌව පළාත් සභා මහඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ වෙත 2011-07-04 දින කොටවෙහෙරමංකඩ, කණ්ඩියපිට, අළුත්වැව,හම්බෙගමුව යන ග‍්‍රාමසේවා වසම්වලට අයත් ගම්මාන 35ක පමණ ජනතාවගේ ජිවිත සුරක්ෂිතකිරිමේ අවශ්‍යතා පැහැදිලි කරමින් වේළිඔය ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානය විසින් ලිපියක්භාරදී ඇත. පසුව එම ප‍්‍රදේශයේ දිස්ත‍්‍රික් ලේකම් වරයා, ප‍්‍රාදේශීය ලේකම්වරයා වෙත මෙම කරනුයපිළිබද දැනුම් දී වේළිඔය ජලපෝෂක ප‍්‍රදේශය ආරක්ෂාකර හෝටල් හා ගොල්ෆ් ක‍්‍රිඩාංගනය ඉදිකිරීම වලක්වාලන ලෙස ඉල්ලා සිටියද මෙය වලක්වාලීම උදෙසා කිසිදු පියවරක් මේ වනතෙක් ගෙන නොමැත.
 
මිනිසුන් දහස් ගනනක් ගොවිතැන් බතින් තම ජීවිතය ආරක්‍ෂා කරගන්නා වේළිඔය ප‍්‍රදේශයට ජලයලබාගැනීමට වෙනත් කිසිදු මාර්ගයක් නොමැති අතර ප‍්‍රදේශයේ තිබෙන පුරාණ වැව් විසිහතද පෝෂණය වන්නේ කාල්කන් ඔය,වේළිඔය වැනි ජළධාරාවන්ගෙන්ය.එම ජල මූලාශ‍්‍ර පෝෂණය කරන සොරගුණේ වනාන්තරය විනාශකිරීම ගම්මාන තිස් පහක පමණ ජනතාවගේ ජීවිත ආර්ථික , සමාජීය හා සංස්කෘතික වශයෙන් අස්ථාවර වනවාට නිසැකය. එමෙන්මමෙම ප‍්‍රදේශ දිය බිඳක් නොමැති ප‍්‍රදේශ බවට පත්වීමට බෙරගල ගෝල්ෆ් රිසෝට් ව්‍යාපෘතිය හා මෙලෙස ඉදිවෙන මාර්ගය විශාල බලපෑමක් වනුඇත . 
 
අනෙක් කාරණය නම් එක්සත් ජාතීන්ගේ පරිසර ආරක්ෂණ ඒජන්සිය Un Environment Protection Agency  පවසන අන්දමට ජාත්‍යන්තර මට්ටමේ ගොල්ෆ් පිටියක් පවත්වාගෙන යාම උදෙසා දිනකටජලය ලීටර් බිලියන 9.5 අවශ්‍යය වනු ඇත.එය එසේනම් වේලිඔය ව්‍යාපෘතියට හානි නොකර ගොල්ෆ් ව්‍යාපෘති කිරීමට හැකියාවක් නොමැත. මේ වනවිට, ලෝකයේ බොහෝ රටවල් වලින් ගොල්ෆ් ක‍්‍රී‍්‍රිඩාව ප‍්‍රචලිත කිරීම නතරකර ඇත්තේ එය පරිසර විනාශකාරී ක‍්‍රී‍්‍රිඩාවක් ය යන කාරණය හේතු කොට ගෙනය. මෙම ක‍්‍රීඩාව 1996 ඇට්ලන්ටා ඔලිම්පික් ක‍්‍රී‍්‍රිඩා ලැයිස්තුවෙන්ද ඉවත්කරන ලද ක‍්‍රී‍්‍රිඩාවකි. මෙය තවදුරටත් ඔලිම්පික් ක‍්‍රී‍්‍රිඩාවක් ලෙස නොගෙන සිටීමට Global Anti Golf Movement නැමති ජාත්‍යන්තර පරිසර සංවිධානය විසින් අදටත් ඔලිම්පික් කමිටුවට බලපෑම් කරමින් සිටියි.
 
 
භූමිය අවම බොරැල්ල කැළණි වැලි දුම්රිය මාර්ගයට නුදුරුව අක්කර 70 වැඩි භුමි ප‍්‍රමාණයක රාජකීය ගොල්ෆ් පිටිය පිහිටා ඇත. එම පිටියේ නඩත්තුව වෙනුවෙන් අධික ලෙස කෘතිම පොහොර භාවිතා කරනු ලබයි. එය සොරගුණේ ඉදිවීමට නියමිත ගොල්ෆ් පිටියටද අදාල කාරණයකි. ඒනිසා ජලය සමග මිශ‍්‍ර වී පහළ නිම්නයට ගලායන රසායනික ද්‍රව්‍ය ජලය හා මිනිසුන් ලෙඩ නොකරන්නේද? ඇතැම් විට මෙලෙස පසට හෝ ජලයට එක්වන රසායන වියෝජනය වීමට වසර 20 පමණගතවිය හැකි වග ගොවිපල යුද්ධය නැමති කෘතිය අනාවරණය කර තිබේ.  ලෝකයේ කොතැනක හෝ ගොල්ෆ් පිටියක් ආරමිභ වන්නේ නම් එහි වෙළඳ ප‍්‍රචාරණය සඳහා භාවිතාකරන ප‍්‍රචලිත ක‍්‍රමය වන්නේ ඒ සමග දියුණුවන යටිතල පහසුකම් හා අතුරු ව්‍යාපාර ගැන උදම් ඇනීමය. මෙහිදී Golf Tourism and Mass Tourism  යනුවෙන් බර වචනද මේ සඳහා භාවිතාකරති.
 
 
 බහුවිධ වේලි, පාරවල්, වරායන්, ගුවන්තොටුපල, හෝටල්, පාලම් හා සාප්පු සංකීර්ණ ගැන මොවුන් උදම් අනයි. දැනට වසර 15 කට 10 කට පමණ පෙර වික්ටෝරියා ගොල්ෆ් පිට්ටනිය සඳහා මහාබේරියතැන්න ගොවිපල නතුකර ගැනීමේදී ව්‍යාපෘති ආයෝජකයන් කියුවේද මෙම බයිලාවම විය. එහිදීද පාරවල්, ගමටත් එක්ක ජල සැපයුම්, විදුලිය, රැකී රක්ෂා ගැන උදම් ඇනුවේය. සොරගුණේ ගොල්ෆ් පිටිය සම්බන්දව පරිසර තක්සේරු වාර්ථාව සකස් කර KEML(Environment Management Limited)ආයතනය වේලි ඔයේ ගොවිජනතාවට අද දවසේ කියන්නේද මෙයමය. අද වසර 15 කට 18 කට පසු වික්ටෝරියා ගොල්ෆ් පිටියෙන් රටට ඇති කල ආර්ථික ලාභය කුමක්ද?
 
එමනිසා සිදුවන හා සිදුවීමට නියමිත පරිසර විනාශය වළක්වා වේළිඔය ව්‍යාපෘතිය ආරක්‍ෂාකරදෙන ලෙස 2011/ 07/11 දින ප‍්‍රදේශවාසී භික්‍ෂූන් වහන්සේලා හා වේළිඔය ඒකාබද්ධ ගොවිසංවිධානය විසින් අති ගරු ජනාධිපති තුමන්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර 2011/06/03 එස් සි1/05/15/30256 අංකය දරණ ලිපිය මගින් ජනාධිපති ජෙෂ්ඨ සහකාර ලේකම් මේධා බෙම්මුල්ල විසින් ඉදිරි කටයුතු සදහා වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් වෙත යොමු කර ඇත.මෙලෙස යොමුකරන ලද ලිපිය මගින් වාරිමාර්ග දෙපාර්තෙමින්තුව වෙත ඉදිරි කටයුතු කරගන යාමසදහා බලය පැවරෙන අතර ඒ අනුව වාරිමාර්ග දෙපාර්තෙමින්තුවේ අදහස වන්නේ බෙරගල ගොල්ෆ්රිසෝට් හෝටල් ව්‍යාපෘතිය හා සිදු කිරීමට නියමිත පරිසර හායනය මගින් වනාන්තර ඉඩම් විනාශ වීයාම ප‍්‍රදේශයේ ජල හිඟයකට හේතුවන බවයි .
සොරගුණේ වනාන්තර ප‍්‍රදේශය ඇතුළුව දැනට ජාතික වනෝද්‍යානයක් ලෙස නම් කරන ලෙස ඉල්ලීම් කර ඇති සමනළ වැව වනාන්තර ප‍්‍රදේශය තුල වාර්ථා වන සත්ව විශේෂ ගණන 309කි. අවේණික විශේෂ ගණන 59කි.
 
සත්ව විශේෂය
 
දැනට වාර්ථාගත සංඛා්‍යාව
උභය ජීවීන් වර්ග
23
උරග වර්ග
76
ක්‍ෂරපායීන්
44
පක්ෂි විශේෂ
208
මත්ස්‍ය
39
 
Sorce- A Vertebrate Faunal Survey of Samanala Wewa, Towards Declaration as a Wildlife National Park, (2010) ,L. J. Mendis Wickramasinghe,Herpetological Foundation of Sri Lanka (HFS),.Natural Resource conservation and management program ,Green movement of Sri Lanka,Nugegoda
 
මෙයට අමතරවමෙතෙක් වාර්ථා නොවූ තවත් ආවේනික ජීවී විශේෂ ගණනාවක් මෙම ප‍්‍රදේශයේ හමුවිය හැකිය. ආවේණික ජෛව විවිධත්වයට ද ප‍්‍රබල හානියක් මෙම අනවසර මාර්ගය හා හෝටල් ව්‍යාපෘතිය මගින් සිදුවේවි.
 
සොරගුණේ වනාන්තරය තුල ඉදිකරන මාර්ගය හා ඉදිවීමට නියමිත බෙරගල ගොල්ෆ් රිසෝට් හෝටල් ව්‍යාපෘතිය නීත්‍යානුකූල ලෙස තහනමි විය යුතු අදියරට පැමිණ ඇතිනමුත් මේ වනවිටත් එම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වැඩකටයුතු සිදුවෙමින් පවති.බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තෙමින්තුව,ජනාධිපති කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව,ඌවප‍්‍රධාන අමාත්‍ය කාර්යාලය,ඉදිකිරිම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාතයංශය ඇතුළු වගකිවයුතු ආයතන 26 ක් වෙත මෙම හොටල් ව්‍යාපෘතියෙන් ඉදිකිරීම් නිස වන හානිය පිළිබඳ දැනවත් කරමින් සිදුවීමට යන දැවැන්ත පාරිසරික විනාශය වලක්වාලන ලෙස ඉල්ලීම් කලද, සිදුවීමට යන පරිසර හානිය වලක්වාලීම සදහා මේ වනතෙක් කිසිදු වගකිවයුතු ආයතනයක් කටයුතු කර නොමැති බව හැඟෙන්නේ වනාන්තරය හරහා හෝටල් ව්‍යාපෘතිය සදහා හොර රහසේ මහා මාර්ග ඉදිකිරීම් වැනි අනවසර කටයුතු මේ වනවිටත් සිදුවෙමින් පවතින නිසාය.
 
මේ වනවිට සොරගුණේ ගොල්ෆ් ව්‍යාපෘතිය ඉදිකිරීමට බලාපොරොත්තු වන වාසු රාසයියා ඇතුළු ඔහුගේ ලංකාවේ ගෝලබාලයන් මෙම ව්‍යාපෘතිය සදහා ගොවි ජනතාව කැමති බව පෙන්වීමඋදෙසා ගම්වැසියන්ට මුදල් ලබාදී බලහත්කාරයෙන් ඔහුන්ගේ අත්සන් ලබාගනිමින් සිටී.එමෙන්ම මෙමව්‍යාපෘතියට විරෝධය දක්වන්නන් මුදල් දී නිහඬ කිරීමට උත්සාහයක නිරතවෙමින් ද සිටී. කෙසේවෙතත් EML ආයතනය පරිසර තක්සේරු වාර්ථා සෑදීමට අමතරව රහස් ඔත්තු සේවාවක් සපයන බව අප දන්නේ 2011.11.28 වන දින වේළි ඔය ඒකාබද්ධ ගොවි සංවිධානයේ රැස්වීමට පැමිණි EML ආයතනයේ පරිසර විද්‍යාඥ ධමිමිකා මෙනවිය හා සමාජ විද්‍යාඥ රංජිත් මුදලිගේමහතා හා එම ආයතනයේ රාජකාරි රථයේ පැමිණි අනෙකුත් අය විසින් අපගේ සාකච්වාව පටිගතකර දැනට සොරගුණේ හෝටල් ව්‍යාපෘතිය කිරීමට බොහෝ වෙහෙස ගන්නා උදය කුමාරනැමැත්තාට ලබාදීමෙන්ය. උදය කුමාර නැමැත්තා මා වෙත දුරකථන ඇමතුමක් ලබා දී ඒ බව තහවුරුකලේය.
 
දහස්ගණනක් ගොවිජනතාවගේ ජීවිත මහපාරට ඇදදමමින් ඇමරිකානුවන්ට ගොල්ෆ් ගැසිමට පිට්ටනි සකස් කිරිම හා වනාන්තරය දෙකඩ කරමින් මාර්ග තනා මේ බිම වනසා දැමීම කෙතරම්අසාධාරණද යන්න වග වටහා ගතහැක්කේ බත් කන මිනිසුන්ට පමණකි .ඩොලර් කුටිටිවලට යටවෙමින් වේලිඔය ගොවි ව්‍යාපාරයේ ගොවිජනතාවගේ ජීවිත උගසට තැබීම නවතා දැමිය යුතු කාලය පැමිණ ඇති අතර දැනට යෝජනා කරන මෙන් ඉල්ලා ඇති සමනළ වැව ජාතික වනෝද්‍යානය තුල මෙම වනාන්තර කොටස ආරක්ෂාව සදහ පියවර ගතයුතුය .සුළු ආර්ථික වාසි තකා තම වරිගයේ උන් ඇමරිකානුවන් ඉදිරිපිට දනගැස්සවීමේ ප‍්‍රතිපත්තියෙන් බැහැරවී සොරගුණේ වනාන්තරය, ඉඩම් ආරක්ෂා කර පරිසරය සුරක්ෂිත කිරීමත් දහස් ගණනක් වූගොවි පරපුරේ උරුමය සුරැකීමත් දේශයට සෙනෙහස දක්වන අප සැමගේ යුතුකම නොවන්නේද?
 
රවීන්ද්‍ර කාරියවසම්
1
 
 
2
 
3
 
4
 
5
 
6
                                         
                                                            
          
Last modified on Wednesday, 03 September 2014 12:21

Leave a comment

 

ld add copy

Gossip

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

 සජිත් ඇමැති මණ්ඩලය පත් කරන්නේ පොරොන්දම් බලලලු

සජිත් ප්‍රේමදාස එළැඹෙන ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කර ඔහු පිහි‍ටුවන ආණ්ඩුවේ අගමැතිවරයා සහ ඇමැති මණ්ඩලය...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

ක්‍රීඩා

Connet With Us