කොල්ලුපිටිය පොලිසිය අසල දී සිරුරට ගිනි ඇවිළුණු පුද්ගලයකු (60)  රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ප‍්‍රවීණ ලේඛක හා විචාරක කේ. කේ. සමන් කුමාර විසින් සම්පාදිත සාහිත්‍ය ෂානර වීමංසා’ කෘතිය දැන් නිකුත් වී තිබේ.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි මහතාගේ  ‘‘ආදර අංකුර’’ පරිවර්ථන කෘතිය ඊයේ දින ජනසතු කරන ලදි. බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති මෙම උත්සවය සදහා දේශපාලන නියෝජිතයින්, කළාකරුවන් සහ විද්වතුන් රාශියක් සහභාගීවිය. 

හඟුරන්කෙත ආසනයේ ශ‍්‍රීලනිප සම සංවිධායකයා ලෙස මෑතකදී පත්කරන ඇමති එස්බී දිසානායක මහතාගේ පුත් නාරද දිසානායක මහතා ගේ ආධාරකරුවන් පිරිසක් විසින් තමන් දින පහක් ඇතුළත මරා දමන බවට තර්ජනය කළ බව හගුරන්කෙත ප‍්‍රාදේශීය සභාවේ සභාපති රණසිංහ දිසානායක මහතා පොලීසියට පැමිණිලි කර ඇත.

මෝදර රොක්‌හවුස්‌ ප්‍රදේශයේ යුවළකගේ දින හයක්‌ වයසැති බිලිදා රුපියල් 50,000 ට විකිණී යෑයි කියන සිද්ධියකට අදාළව පරීක්‍ෂණ පැවැත්වූ මෝදර පොලිසිය, බිලිදා විකිණූ යුවළත් බිලිදා මිලට ගත් යුවළක්‌ හා තැරැව්කාරියන් දෙදෙනකුත් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.

අමාත්‍ය විමල් විරවංශ මහතාගේ මඟපෙන්වීම මත රුපියල් ලක්ෂ 25කට අධික වියදමකින් ඉදිකොට පසුගිය වසරේ උත්සවශ්‍රීයෙන් විවෘත කර ජනතා අයිතියට පැවරූ ඇතුල්කෝට්ටේ දියවන්නා ඔය අසල පිහිටි කෙසෙල් කොළයේ හැඩැති බස් නැවතුම ඉදිරියේදී භාවිතයට ගත නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. 

ලොව වයස්ගතම කාන්තාව මෙක්සිකෝවෙන් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහුගේ උපත පවුලේ උදවියට ගෙන ආවේ දුකකි. වෛද්‍යවරුන් පැවසුවේ ඔහු වසර දෙකකට වඩා ජීවත් නොවනු ඇති බවය. බ්‍රසීලයේ මොන්ටෙ සැන්ටෝ හිදී උපන් ඔහුගේ හිස පිහිටියේ පහළටය. ක්ලෝඩියෝ වීරා ද ඔලිවීරා නම් ඔහු මේ වනවිට පසුවන්නේ 37 වැනි වියේය.

ජාත්‍යන්තර සිනමා උළෙල අද (02) උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙහි සමාරම්භක උළෙල අද සවස (6.30)ට කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වේ. 

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින පාකිස්ථානු ජාතික සරණාගතයින් පිටුවහල් කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගයක් ඉවතලීමට අභියාචනාධිකරණය තීරණය කරයි.

Connet With Us