රටේ හොඳ නායකයන් බිහිවීමේ ඌනතාවක් - ගෝඨා

Published in පුවත්
Tuesday, 02 September 2014 09:22

රටේ අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය හේතුවෙන් තරුණ තරුණියන් පොතපතටම සීමාවීම තුළ හා බාහිර සමාජ ක්‍රියාකාරකම් සඳහා නොයෙදීම තුළ දියුණු වූ හා දියුණු වන රටවල් දෙස බැලීමේදී අපේ රටේ හොඳ නායකයන් බිහිවීමේ ඌනතාවක් ඇති බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජාතික තරුණ සේවා සභාව හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය එක්ව සංවිධානය කරන ලද ශ්‍රී ලංකා යූත් දෙවන පාර්ලිමේන්තුවේ 10 වැනි සැසිවාරයට එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මෙසේ අදහස් දැක්වීය.

"අප රටේ අධ්‍යාපනයේ ඇති තරගකාරීත්වය හේතුවෙන් තරුණ තරුණියන් පොතපතටම සීමාවීම තුළින් හා බාහිර සමාජ ක්‍රියාකාරකම් සඳහා නොයෙදීම තුළින් දියුණු වූ හා දියුණු වන රටවල් දෙස බැලීමේදී අප රටේ හොඳ නායකයන් බිහිවීමේ ඌනතාවක් පවතිනවා. ඒ නිසාම විශ්වවිද්‍යාල හෝ වෙනත් වැඩබිම්වලදී යම් යම් පුද්ගලයන් විසින් ඔවුන්ව අරමුණකින් තොර වැරදි වැඩකිරීමට පහසුවෙන්ම පොළඹවා ගනු ලබනවා.

අද වන විට ද ගම් මට්ටමින් ප්‍රාදේශීය මට්ටමින් හා පළාත් මට්ටමින්ද විවිධ ආයතනවලින්ද විවිධ ව්‍යාපෘතින් සඳහා ත්‍රිවිධ හමුදාවේ සහාය ඉල්ලමින් විශාල ලිපි ප්‍රමාණයක් ලැබෙනවා. ඊට හේතු වනුයේ හමුදාව විසින් මේ වැඩ කටයුතු නිවැරදි ආකාරයට හා නිසි වෙලාවට සිදු කිරීමයි. ඒ සඳහා හමුදාව තුළ වඩා හොඳ නායකත්වයක් පවතිනවා." යනුවෙන් ආරක්ෂක ලේකම්වරයා පවසා සිටියේය.

හොඳ නායකත්වයක් කරා යාමේ දී පළමුවෙන්ම නිවැරදි දැක්මක් තිබිය යුතු බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා එකි අරමුණ ඉටු කරගැනීම සඳහා ස්ථිර අධිෂ්ඨානයකින් යුතුව නිවැරදි සැලැස්මක් සාදාගත යුතු බව ද අවධාරණය කරමින්, එම සැලැස්මේ නිරවද්‍යතාව හා ශක්තිමත් බව මත තම අරමුණ කරා ගමන් කිරීමේ හැකියාව රඳ පවතින බවද පවසා සිටියේය. ඊළඟට එම සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කණ්ඩායමක් තෝරාගත යුතු බවත්, එසේ තෝරාගනු ලබන අය ඊට එරෙහිව වැඩ කටයුතු කරන්නේ නම් ඔවුන් ඉවත් කර ඒ සඳහා අවශ්‍ය වෙනත් අය ආදේශ කිරීමේ හැකියාවත් හොඳ නායකයෙකු තුළ පැවතිය යුතු ගුණාංගයක් බව මෙහිදී පවසා සිටියේය. එසේම මෙම පිරිස සතු දක්ෂතාවන් හඳුනාගෙන අවශ්‍ය නම් ඔවුන්ට නිසි පුහුණුවක් ලබාදීම සිදුකළ යුතු බවත් තම අරමුණ කරා ගමන් කිරීමේදී තමාගේ පූර්ණ කැපවීම මෙන්ම තම කණ්ඩායමේ කැපවීම ඇති කිරීම අතිශයින්ම වැදගත් වන බවත්, තම අරමුණ අවසානය කරා යන තුරුම එය නැවත නැවත සොයා බලා අධීක්ෂණය කිරීම හා ඒවා නැවත සකස් කිරීම ඉතාම වැදගත් අංගයන් වන බවද අවධාරණය කර සිටියේය.

(අද)

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us