දරුවෙක් රුපියල් 50,000 විකුණයි

Published in පුවත්
Tuesday, 02 September 2014 10:39
මෝදර රොක්‌හවුස්‌ ප්‍රදේශයේ යුවළකගේ දින හයක්‌ වයසැති බිලිදා රුපියල් 50,000 ට විකිණී යෑයි කියන සිද්ධියකට අදාළව පරීක්‍ෂණ පැවැත්වූ මෝදර පොලිසිය, බිලිදා විකිණූ යුවළත් බිලිදා මිලට ගත් යුවළක්‌ හා තැරැව්කාරියන් දෙදෙනකුත් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත.
 මීට දින හයකට උඩදී මෝදර රොක්‌හවුස්‌ ලෙල්ලම පදිංචි 37 හැවිරිදි සැකකාර මව රාගම රෝහලේදී බිලිදකු ප්‍රසූත කර තිබේ. පසුව ටිකට්‌ කපා බිලිදා ද සමඟ පැමිණි අවස්‌ථාවේ සැකකාර මව මෝදර රොක්‌ හවුස්‌ නිවස අසල පදිංචි කාන්තාවන් දෙදෙනකුට බිලිදා විකිණීමට අවශ්‍ය බව කියා තිබේ. එහිදී එම තැරැව්කාරියන් දෙදෙනා  උස්‌වැටකෙයියාව ප්‍රදේශයේ යුවළක්‌ සිටින බව සැකකාර මව දැනුවත් කර ඇත.
 
ඒ අනුව තැරැව්කාරියන්ගේ උදව්වෙන් සැකකාර මව හා පියා එම යුවළට බිලි¹ රුපියල් 50,000 කට විකුණා ඇතැයි කියති.රුපියල් 50,000 ක්‌ ලැබීමෙන් පසු සැකකාර යුවළ රුපියල් 18,000 ක කුලී පදනම මත කුලී ලෑලි නිවසක්‌ ද මෝදරින් ලබාගෙන ඇතැයි හෙළි වූ බවද පොලිසිය කියයි.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us