කොල්ලුපිටියේදී පුද්ගලයෙක් ගිනි තබා ගනී

Published in පුවත්
Tuesday, 02 September 2014 11:32
කොල්ලුපිටිය පොලිසිය අසල දී සිරුරට ගිනි ඇවිළුණු පුද්ගලයකු (60)  රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
 සියයට හැත්තෑවක් පමණ පිළිස්සී ඇති ඔහුව බේරා ගැනීම සඳහා කොල්ලුපිටිය පොලිසිය ක්ෂණිකව පියවර ගත්තේය.
 
කොළඹ නගර සභාවෙන් ජල  බවුසරයක් දල ගිලන් රථයක්ද ගෙන්වා ඔහු රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
 
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා
 
'උදෑසන 10.30ට පමණ කොල්ලූපිටිය පොලීසිය අසලට පැමිණි පුද්ගලයෙක් යම්කිසි ලිහිසි තෙල් වර්ගයක් තම සිරුරට දමාගෙන ගිනි තබාගෙන තිබෙනවා. මොහු වයස අවුරුදු 72ක පමණ පුද්ගලයෙක් බවත් වාර්තා වෙනවා.එසේම ඔහු සතුව මුද්‍රා තබන ලද ලිපියක් තිබී තිබෙනවා.එය මෙතෙක් විවෘත කර නැහැ. තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට යවා තිබෙනවා.ගිනි තබා ගත් පුද්ගලයාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි පවසනවා.මෙම පුද්ගලයා කුමන ප‍්‍රදේශයක පුද්ගලයෙක්ද,කුමන අරමුණකින් මෙම ගිනි තබා ගැනීම සිදු කළාද යන්න සම්බන්ධයෙන් කොළඹ දකුණ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්‍ෂණය යටතේ විමර්ශනයක් පැවැත්වෙනවා.'
 
Last modified on Tuesday, 02 September 2014 14:41

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us