"කලම්බු ට්‍රේඩින්" ආයතනය පොලිසියෙන් වටලයි

Published in පුවත්
Tuesday, 02 September 2014 12:50
කලම්බු ට්‍රේඩින්‘ ලෙස ව්‍යාජ ආයතනයක්  පවත්වාගෙන යමින් කෝටි ගණනක මූල්‍ය වංචාවක නිරතවූ සිව් දෙනෙකුගේ කණ්ඩායමක් වැල්ලවත්ත පොලිසිය විසින් අද(02) අත්අඩංගුවට ගෙන තිබේ. 
 නාරාහේන්පිට එවර්ග්‍රීන් පාරේ මෙම ව්‍යාජ ආයාතනය පවත්වාගෙන ගොස් තිබේ. 
 
මෙම පිරිස  විවිධ ආයතනවලට ගොස් එකවර විශාල භාණ්ඩ තොගයක් මිලදී ගෙන ඒවෙනුවට චෙක්පත් නිකුත් කරන බවත් එම චෙක්පත් ව්‍යාජ චෙක්පත් බවත් පොලිසිය සදහන් කරයි.
 
මොවුන් මේ ආකාරයට රූපවාහිනී යන්ත්‍ර ඇතුළු ඉලෙක්ට්‍රික් භාණ්ඩ, කිරිපිටි වර්ග ආදියද මිලදී ගෙන වංචාවල නිරතව ඇති බව අනාවරණය වී තිබේ.
 
වැල්ලවත්තේ පිහිටි තොග වෙළද සැළකින් මෙසේ රුපියල් පන්ලක‍්ෂයකට ආසන්න වටිනාකමක් ඇති ටින් මාළු තොගයක් උතුරේ වැසියන්ට බෙදා දීමට යැයි සදහන් කරමින් මේ අය මිලදී ගෙන කළ වංචාව සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක‍්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කළේය.
 
වැඩිදුර විමර්ෂණ පොලිසිය විසින් සිදු කරයි.
Last modified on Tuesday, 02 September 2014 12:59

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us