හරින්ගෙන් 'පුවත්පතකට' අභියෝගයක් !

Published in පුවත්
Monday, 01 September 2014 20:42

රජය සමඟ එක්වීමේ අරමුණින් තමන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ සමඟ සාකච්ඡා කර ඇති බවට හැකි නම් ඔප්පු කර පෙන්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මහඇමති ධුර අපේක්ෂක හරීන් ප‍්‍රනාන්දු පවසයි.

එය ඔප්පු කළහොත් තමන් පළාත් සභා මහඇමති අපේක්ෂක ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව  කොළඹ අද (01) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

තමන් පසුගිය දිනක ඌව පරණගම ප‍්‍රදේශයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුත්තක් සඳහා ගිය අවස්ථාවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ හමුවීම පිළිබඳව සති අන්ත පුවත්පතක්  සහ වෙබ් අඩවි කිහිපයක් විවිධ අදහස් පළ කර ඇති බව පැවසු හරීන් ප‍්‍රනාන්දු මහතා, තමන් පක්ෂ මාරු කරන දේශපාලනයක කිසිදා නොයෙදෙන බව අවධාරණය කර සිටියේය.

මඩ පත්තර මුදලාලි කෙනෙකු, තමා හා  නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා  ''මචං තේ එකක් බොමු කියා පාරේදී හමුවීම'' වවාගෙන කන දෙයක් බවට පත්කරගෙන තිබෙන බවත් මේ මුදලාලි වීදුරුගෙවල්වල සිට ගල් ගසන බවත් හරීන් ප‍්‍රනාන්දු මහතා එහිදී පැවසිය.

සියයට සියක් විශ්වාසයි :


එම මාධ්‍ය හමුවට එක්සත් ජාතික පක්‍ෂ නායකත්ව මණ්ඩල සභාපති කරූ ජයසූරිය මහතාද එක්ව සිටියේය. ඔහු කියාසිටියේ හරීන් ප‍්‍රනාන්දු මහතා සහ නාමල් රාජපක්‍ෂ මහතා අතර සිදුවු පෞද්ගලික හමුව පක්‍ෂයට ගැටලූවක් නොවන බවයි.

 
'' මේ ප‍්‍රශ්නය එක්සත් ජාතික පක්ෂයේ අපි ප‍්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. තරුණ මන්තී‍්‍රවරු දෙදෙනෙක් හමු වුණා. එක්සත් ජාතික පක්ෂයේ ජාතික නායකත්වයටවත්, නායකත්ව මණ්ඩලයටවත්, කෘත්‍යාධිකාරී මණ්ඩලයටවත් මෙය ප‍්‍රශ්නයක් නෙවෙයි. අපි එය හිනාවෙල බලපු දෙයක්. මොහු ගැන අපිට සියයට සියයක විශ්වාසයක් තිබෙනවා. තරුණ මන්තී‍්‍රවරයෙක් වශයෙන් ස්වේච්ඡුාවෙන් මොහු ඉදිරිපත් වුණේ. එය අපි අගය කරනවා. අපිට කිසිම සැකයක් නැහැ. '' යයි ජයසුරිය මහතා වැඩිදුරටත් පැවසිය.

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us