පාකිස්ථාන අනාථයන් පිටුවහල් කිරීමට අවසර

Published in පුවත්
Tuesday, 02 September 2014 09:31

ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින පාකිස්ථානු ජාතික සරණාගතයින් පිටුවහල් කිරීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගයක් ඉවතලීමට අභියාචනාධිකරණය තීරණය කරයි.

සිය රටට පිටුවහල් කරනු ලැබුවොත් තම ජීවිතයට අනතුරු සිදු විය හැකි බව පවසමින් පාකිස්ථානු ජාතිකයන් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව  අධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

අදාළ තහනම් නියෝගය ඉවත් කරන මෙන් දන්වමින් රජයේ නීතිවේදියා මූලික විරෝධතාව මතු කළ අතර එමගින් ඔහු සඳහන් කර සිටියේ මෙම පුද්ගලයන් වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳී සිටින බවයි.

ශ්‍රී ලංකාවේ රැඳී සිටින පාකිස්ථානු ජාතිකයන්ගෙන් ජාතික ආරක්ෂාවට තර්ජන එල්ල වී ඇති බවත් රජයේ නීතිවේදියා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේය.

රජයේ නීතිඥවරයා මතු කළ තර්කය සැලකිල්ලට ගත් අධිකරණය, පෙත්සම ප්‍රතික්ෂේප කරන බව තීන්දු කළේය.


මානව හිමිකම්

නමුත් අධිකරණ තීරණය කුමක් වූවත් අදාළ සරණාගතයින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව  මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියකු වන නාමල් රාජපක්ෂ මහතා පවසයි.

පැමිණිලිකාර පාර්ශවයේ නීතිඥයන් පවසන්නේ පෙත්සම ප්‍රතික්ෂේප වූ නමුත් පාකිස්ථාන සරණාගතයන් සම්බන්ධයෙන් අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති බවයි.

දේශපාලන රැකවරණය පතන පාකිස්ථානු ජාතිකයින් දෙදහසකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව නඩු විභාගයේදී අනාවරණය විය.


රජයේ ප්‍රතිචාරය

අභියාචනාධිකරණ තීරණයත් සමග විදේශ කටයුතු අමාත්‍යංශය හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව සරණාගතයන් සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේය.

සරණාගතයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය අනුගමනය කරමින් සිටින ක්‍රියා පිළිවෙත එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු අනෙකුත් ජාත්‍යන්තර මානව හිමිකම් ආයතනවල දැඩි විවේචනයට ලක් වූවා නොවේදැයි අමාත්‍යවරයාගෙන් විමසූ අවස්ථාවේ ඔහු පවසා සිටියේ එම මානව හිමිකම් ආයතන ශ්‍රී ලංකාවේ පවතින සියලුම ප්‍රශ්න සම්බන්ධයෙන් වැරදි සහගත තීන්දු ලබා දී ඇති බවයි.

(බිබිසි)

Leave a comment

ld add copy

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us