එළඹෙන 13 වැනිදා ආරම්භවීමට නියමිත වැම්පියන්ස් ලීග තරගාවලියෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක රෝහිත් ෂර්මා ඉවත්වී තිබේ. ඒ ඔහුට අතිවී තිබෙන ආබාධ හේතුවෙනි.

මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් 2013 වසරේ පළමු මාස නවය තුළ රජය රුපියල් කෝටි 4607 කට අධික මුදලක්‌ රැස්‌කරගෙන ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ ඇමැති සහ මුදල් නියෝජ්‍ය ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා ඊයේ (09 දා) පාර්ලිමේන්තුවේදී සභාගත කළ ලේඛනයක  දැක්‌ වේ.

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10 ) පෙරවරු 9.00 ට බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී විවෘත කෙරේ.

ආදරයට වයස, ලිංගිකත්වය, වත්පොහොසත්කම්, ජාති ආගම් කිසිම දෙයක් අදාළ නොවන බව ලෝකය ඕනෑ තරම් ශාක්ෂි සපයනවා.

ලබන 20 වැදි දින පැවැත්වීමට නියමිත ඌව පළාත් සභා මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා බරපතල දේශපාලන තීන්දුවක් ගැනීමට නියමිත බව දැනගන්නට තිබේ.

බදුල්ල හා සසඳන විට මොණරාගල දිස්ත්‍රික්කයේ යම් ප්‍රචණ්ඩත්වයක් ඇති නමුත් ඡන්දය පැවැත්වීමට එයින් හානිකර තත්ත්වයක් උදා නොවන බව පෙනී යතියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මොණරාගල දිසාපති කාර්යාලයයේ දී පැසුවේය.

ඊයේ (8දා) අලුයම 4.30ට පමණ දංඕවිට මීරිගම මාර්ගයේ මඩබාවිට සමුපකාරය අසලදී හිමිනමක් විසින් පදවාගෙන ගිය කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පස්කණ්ඩියක ගැටීමෙන් අනතුරට පත්ව ඇත.

පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධානතම දඟපන්දු යවන්නා වන සයිඩ් අජ්මාල්ට අන්තර් ජාතික තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමට අයි.සී.සී (අන්තර් ක්‍රිකට් කවුන්සිලය) පියවර ගෙන ඇත. ඒ ඔහුගේ පන්දු යැවීම සම්බන්ධයෙන් සිදුකෙරුණු පරීක්ෂණවලදී අජ්මාල් පන්දු යැවීමේ ඉරියව්ව නීතිවිරෝධි බව තහවුරු වීමත් සමගින්ය.
idammankollayaවිල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ මොල්ලිකුලම් ප‍්‍රදේශයේ මෝදරගං ආරු ඔය හා විල්පත්තු උතුරු අභය භූමිය ආශ‍්‍රිත ව පිහිටන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රජයට අයත් වනාන්තර අක්කර 900ක් පමණ බලහත්කාරයෙන් අල්ලා ගෙන එම භූමිය ආවරණය වන පරිදි නාවික හමුදාව විසින් අඩි 9ක් පමණ උස පස් බැම්මක් ඉදි කරයි. මේ වන විට නීති විරෝධී ලෙස විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ නාවික හමුදාව විසින් ම සකස් කළ එළුවන්කුලම - සිලාවතුර මාර්ගය දිගේ කිලෝ මීටර් 2ක් පමණ ආවරණය වන පරිදි මෙම පස් බැම්ම සකස් කර අවසන්ව ඇත. 

කෞශල්‍ය කුමාරසිංහ විසින් රචනා කරන ලද ‘මේ රහස් කවුළුවෙන් එබෙන්න නවකතාව දොරටවැඩීම අද( 09) වන දා සවස 4.00ට මහවැලි කේන්ද්‍රයේ (නො 96, නෙලුම් පොකුණ මාවත, කොළඹ 07)  දී පැවැත්වෙයි.

Connet With Us