mahinda-rajapaksha2009 යුද්ධය ඉවර වුනාට පස්සේ (උතුරු සහ නැගෙනහිර පළාත් වල) හමුදා සමාජිකයින්ගේ ප්‍රමාණය සීයට 90 කින් අඩු කරලා තියෙනවා. මම උත්සහ කරනවා සිටින ප්‍රමාණයත් අනෙක් පළාත්වලට යොමු කිරීමට.  නමුත් කොච්චර දුරට එය මට කළ හැකිද? මගේ හමුදාවට ශ්‍රී ලංකාව තුළම අවකාශයක් සොයා ගන්න ඕනෑ. මට ඉන්දියාවට හෝ වෙනත් රටකට ඔවුන්ව යවන්න බෑ…” යැයි ජනාධිපති රාජපක්ෂ එනම් ලංකාවේ වත්මන් ජානාධිපතිවරයා අද දින ( සැප්තැම්බර් 11 ) වන දින මුද්‍රණය වූ ද හින්දු පුවත්පතට ලබා දී ඇති සම්මුඛ සාකච්ඡාවේදී ප්‍රකශ කොට ඇත.

harinfranandoමැතිවරණය කල් දැමුව හොත් එක්සත් ජාතික පක්ෂ මහ ඇමැති අපේක්ෂක හරීන් ප්‍රනාන්දු මහතා උපවාසයක නිරත වීමට සූදානම් වේ .

ලංකාවේ මුදල් විදෙස් රටවලට ලබාගන්නා පිරමීඩ ව්‍යාපාරවලට එක්නොවන ලෙසත්, ලංකාවේ වකුගඩු රෝගීන් වෙනුවෙන් ඔවුනට පිහිටවීම සඳහා 'ශ්‍රී ලංකා අමුමිරිස්' අභියෝගයට එක්වන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා අද (11දා) අමුමිරිස් අභියෝගයට මුහුණ දෙමින් පැවසුවේය.

මෙයින් වසර දහයකට ඉහතදී ප‍්‍රදර්ශනය වූ බහුබූතයෝ සිනමාපටයේ දෙවැනි කොටස නිර්මාණය වෙයි.

සූර්යා මත ඇති වූ ප‍්‍රබල සූර්යය කුණාටුවක් හේතුවෙන් පෘථිවිය වටා ඇති සියළු සන්නිවේදන චන්ද්‍රිකා විනාශ වීමේ අවධානමක් මතුව ඇතැයි වාර්තා වෙයි.

tisara-pereraමනට නවසීලන්ත ක‍්‍රිකට් කණ්ඩායමට එක්වන ලෙස එරටින් ආරාධනයක් ලැබුණු බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි තුන් ඉරියව් ක‍්‍රීඩක තිසර පෙරේරා පවසා ඇත.

තමන් ගමන් ගත් රථය දක්ෂීණ අධිවේගී මාර්ගයේදී අනතුරට පත්වීම හේතුවෙන් තමාට කකුලක් අහිමි වූ බවත් එය සිදුවුවේ අධිවේගී මාර්ගයේ අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් බව පවසමින් අජිත් මාන්නපෙරුම මන්ත්‍රීවරයා මාර්ග සංවර්ධන අධිකාරියට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන බව පැවසීය.

මොණරාගල දිස්ත‍්‍රික්කයෙන් ඌව පළාත් සභාවට තරඟ වදින එජාප අපේක්‍ෂකයෙකුගේ කැබ් රථයක් හා යතුරු පැදියක් අනතුරට පත් වීමෙන් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තිබේ.

ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය නිමිත්තෙන් සංවිධානය කර තිබූ 'බයික්තලෝන්' පාපැදි සවාරිය ගාල්ල නගරාධිපති මෙත්සිරි ද සිල්වා මහතා විසින් ඊයේ (10දා) ගාල්ල නගරයේදී පිළිගනු ලැබීය.

tilakarathna-dilshan‘අයිස් බකට් නානවට වඩා අපේ රටේ උදව් කරන්න ඕනි තරම් මිනිස්සු ඉන්නවා. මට යෝජනා කලොත් කවදාවත් මම අයිස් බකට් නාන්නේ නෑ’ යයි ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක ටි.එම්. දිල්ශාන් පවසයි.  

Connet With Us