එහෙත් මාර්ග සංවර්ධන අධිකාරි විසින් පවසා ඇත්තේ මන්ත්‍රීවරයාගේ රථය වැදීමෙන් එහි වැටට සිදුවූ අලාභය සදහා ලක්ෂ 05ක මුදලක් ලබා නොදෙන්නේ නම් රථය මුදාහැරීමට නොහැකි බවයි.
කෙසේ වෙතත් අනතුර සිදුවී පැයක් පමණ යන තෙක් එතැනට ගිලන් රථයක් නොඑවීම විසින් තමාගේ පාදය නොකපා බේරාගැනීමට තිබූ අවස්ථාව අහිමිව ගිය බවද මන්ත්‍රීවරයා සදහන් කොට සිටියේය.
දක්ෂින අධිවේගී මාර්ගය ප්‍රමිතියෙන් තොර වූවක් බවත් එහි මැද යොදා ඇති යකඩ වැට හා මාර්ගය අතර වන පරතරය නොමැති වීම හේතුවෙන් මෙවැනි අනතුරු ඉදිරියේදීද සිදුවිය හැකි බවත් මන්ත්‍රීවරයා මාධ්‍ය හමුවේ පවසා ඇත.