ජාත්‍යන්තර ගණිත තරගයෙන් ලංකාවට රිදී හා ලෝකඩ පදක්කම්

Published in පුවත්
Thursday, 11 September 2014 09:57

ජාත්‍යන්තර ගණිත තරගයෙන්, ශ්‍රී ලංකාවේ සරසවි සිසුන් වන බුද්ධි ගම්ලත් රිදී පදක්කමක් හා තිළිණ බණ්ඩාර ලෝකඩ පදක්කමක් දිනාගෙන ඇත.

බල්ගේරියාවේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයේ හා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවිධානකර තිබූ මෙම ජාත්‍යන්තර ගණිත තරගය ජාත්‍යන්තරව විශ්ව විද්‍යාල මට්ටමේ ගණිත ලෝලීන්ට සහභාගී විය හැකි ඉහළම තරගයයි.

මේ වන විට වසර විස්සක් පුරා පවත්වා ඇති මෙම ජාත්‍යන්තර ගණිත තරඟය මෙම වසරේ ජුලි මස 29 වෙනි දින සිට අහෝස්තු මස 04 වෙනි දින දක්වා බල්ගේරියාවේ බ්වගෝව්ග්‍රැඩ් නගයේදී පැවැත්විණි. 


ජාත්‍යන්තර ගණිත තරගයේ එක් වසරක් පමණක් අත්දැකීම් ඇති කණ්ඩායමක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන වාරයේදී ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාල කිහිපයක් ඉක්මවා යමින් කැපී පෙනීම විශේෂ ලක්ෂණයක් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ කණ්ඩායමට අවශ්‍ය ප්‍රතිපාදන දායකත්වය කොළඹ සහ මොරටුව විශ්වවිද්‍යාලවලින් සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් ලබා දී තිබේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ ගණිත අංශයේ අධීක්ෂණය යටතේ සියලු ශ්‍රී ලාංකේය ගණිත අධ්‍යයන අංශවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා පවත්වන ලද පරීක්ෂණයකින් ජාත්‍යන්තර ගණිත තරගය සඳහා ඉදිරිපත් කළ පිරිස තොරාගෙන ඇත.

ලෝකයේ ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල මෙන්ම රටවල් ගණනාවක් නියෝජනය කරමින් මුල් පෙළේ ගණිතඥයෝ මෙන්ම ගණිතය විෂය හදාරන විශ්ව විද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රාශියක් මෙම තරගය සඳහා සහභාගි වූහ. 

මෙහිදී තරගරුවන්ට තාත්වික හා සංකීර්ණ විශ්ලේෂණය, වීජ ගණිතය, රේඛීය වීජ ගණිතය, සහ සමායෝජනය යන ක්ෂේත්‍රවලින් ගණිතමය සෞන්දරයයෙන් පිරුණු දුෂ්කර ගැටලු සහිත ප්‍රශ්න පත්‍ර‍ දෙකකට මුහුණ දී ඇත.

මෙම තරගයට ශ්‍රී ලංකාව ඉදිරිපත් වූ දෙවන අවස්ථාව මෙය වන අතර පසුගිය වසරේ ඉදිරිපත් වූ කණ්ඩායම ලෝකඩ පදක්කම් දෙකක් සහ ගෞරව සම්මානයක් දිනාගැනීමට සමත්වී තිබේ. 

එක්සත් ජනපදයේ යේල්, එක්සත් රාජ්‍යයේ ලන්ඩන් සහ වෝචික්, ජර්මනියේ මුන්වෙන්, ගොටිඩන් සහා බොන්, රුසියාවේ මොස්කව් සහා ශාන්ත පීතර මෙන්ම පොලන්තයේ වොර්සෝ වැනි ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාල නියෝජනය කරමින් මේ සඳහා සිසුහු ඉදිරිපත් වී සිටියහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us