News Items (18842)
කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ ලබන වසර (2015) සඳහා වන රෝහල් පිරිසිදු කිරීමේ (ජැනිටෝරියල්) ටෙන්ඩරය රුපියල් මිලියන 2 ක අල්ලස් මුදලකට යටත්ව දැනට එම රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතු ලබාදී ඇති අකාර්යක්‌ෂම යෑයි චෝදනා එල්ල වී ඇති සමාගමකට ලබාදීමට නිර්දේශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළුබෝවිල ශික්‌ෂණ රෝහලේ පරිපාලන නිලධාරිවරයාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පරීක්‌ෂණයක් ආරම්භ කර තිබේ.
උමා ඔයේ වතුර හොරකම් කර හම්බන්තොටින් එක්ස්පෝර්ට් කළ අාණ්ඩුවක්
එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා හපුතලේ පැවති ජන හමුමක් අමතමින් කීයා සිටියේ ආණ්ඩුව හම්බන්තොට මෙන් ඌව සංවර්ධනය කර නොමැති බවයි.
ඉබෝලා වෛරසය මර්දනය කිරීමේ වැඩසටහන සඳහා තුන්දහසක බලඇණියක් ලයිබිරියාවට යැවීමට අමෙරිකාව තීරණය කර ඇත.
චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතා දෙදින නිල සංචාරයක් සඳහා මීට ස්වල්ප මොහොතකට පෙර කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් මෙරටට සම්ප්‍රාප්ත වූ බව ගුවන්තොටුපල ආරංචි මාර්ග පවසයි.
නීති විරෝධිව වැහිලිහිණි කූඩු 12ක් රැගෙන යාමට තැත්කළ 48 හැවිරිදි චීන ජාතිකයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කිලිනොච්චි මුරුකණ්ඩි ප‍්‍රදේශයේදී වනඅලියෙකු වෑන් රථයක ගැටීමෙන් එම වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතරඅනතුරින් තවත් තිදෙනෙකු තුවාල ලබාකිලිනොච්චි රෝහලට ඇතුලත් කර ඇත.
ලොව වඩාත්ම හුරුබුහුටි සුනඛයා ඇතිදැඩි කරන්නේ හොලීවුඩ් නිළි පැරිස් හිල්ටන් විසින් බව අණාවරණය වෙයි.ලොව කුඩාම පොමනේරියන් වර්ගයක උසස් සුනඛයෙක් වන මෙම සත්වයා පැරිස් හිල්ටන් විසින් මිළදී ගෙන ඇත්තේ ඇමරිකානු ඩොලර් 13000 කට බව ද විදෙස් වාර්තා කියයි. (මෙම මුදල ශ්‍රිලංකා මුදලින් රුපියල් මිලියන 1.8 කට සමානය.)
ගණිකා වෘත්තියේ නියැළිමේ චෝදනාව මත අත් අඩංගුවට පත්වු ඉන්දීය නිළි ස්වේතා බාසු වෙනුවෙන් පෙනී සිටින බව සුපිරි නිළි දීපිකා පදුකෝන් කියයි.
කොල්ලුපිටියේ හෝටලයක ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් යන ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා 09දෙනෙකු අත්අඩංගුවට ගත් බව වලාන දූෂණ මර්දන ඒකකය පවසයි.
අධ්‍යාපන චාරිකාවක් අතරතුර ඉස්ලාම් දේවස්ථානයක් තුළදී මුස්ලිම් සිසුන් හත්දෙනෙකු අපයෝජනය කර ඇතැයි චෝදනා ලැබ සිටින පුත්තලම වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී එම්.එස්. සුල්කාත් මරික්කාර් යන අයට විදේශගතවීම වළක්වමින් පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් ෆසාල් අබුතාර් මහතා ආගමන විගමන පාලකවරයාට පෙරේදා (14) සවස තහනම් නියෝගයක් නිකුත් කළේය.
