News Items (18842)
ඇමරිකානු ගුවන් හමුදා ප‍්‍රතිඥාවේ එන වාක්‍යයක් පැවසීමට අකමැතිවූ අදේවවාදී ගුවන් සෙබළෙකුගේ සේවා කොන්ත‍්‍රාත්තුව අළුත් කිරීම අත්හිටුවා ඇතැයි වාර්තා වේ.
නොබෝ දිනකින් පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට ජයග‍්‍රහණය කිරීමට නොහැකි වුවහොත් තමන් දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයෙන් හා මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බව දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිළමේ මහතා පවසයි.
රුපියල් බිලියනයට වැඩි මුල්‍ය වංචාවක් කරන ලදැයි සිද්ධියේ චෝදනා ලැබ රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි සක්විති රණසිංහ ඇතුළු සැකකරුවන් 11 දෙනෙකු නුගේගොඩ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.
තමන්ට එල්ල කරන ලද අමු මිරිස් අබියෝගය බාර ගන්නා බව අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
මාධ්‍යවේදීන් සඳහාද සහනදායී මුදලට යතුරුපැදි ලබා දිමට කටයුතු කරන්නැයි අනුරාධපුර රජරට මාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලීමක් කර ඇත.මේවන විට ද රාජ්‍ය සේවයේ නියුතු ක්ෂේත්‍ර නිලධාරීන් සදහා රුපියල් හතළිස් පන්දහසක පමණ සහනදායී මුදලකට රජය මගින් යතුරු පැදි ප්‍රදානය කිරිමට පියවරගෙන ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමන් තුන්වැනි වරට ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමේ නීත්‍යනුකූලභාවය පිළිබඳව අදහස් විමසීමක් ජනාධිපතිවරයා අධිකරණ ක්ෂේත්‍රයේ ඉහළම ආයතනයකින් සිදුකර තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය නායක තනතුරට නිල වශයෙන් පත් කිරීම සඳහා වූ යෝජනාව ලබන 23 වන දා රැස්වන කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කරන බව එජාප මහලේකම්වරයා පවසයි. එම යෝජනාවට කෘත්‍යාධිකාරී මණ්ඩලය එකඟ නොවන්නේ නම් තුනෙන් එකකට නොඅඩු සාමාජික පිරිසගේ අත්සනින් යුතු ලිපියක් මගින් විකල්ප යෝජනාවක් ඉදිරිපත් කළ හැකි බවද ඒ මහතා සති අන්ත පුවත් පතක් සමග පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබේ.
විවිධ විනෝදාංශ වෙත යොමු වූ පුද්ගලයින් ලොව වෙසෙන අතර මෙම පුද්ගලයා අමුතු ම ආකාරයේ විනෝදාශයක් සිදු කරයි.
සිය ආරක්ෂාවට ගමන් කළ පොලිස් මෝටර් සයිකලයක් මෝටර් රියක ගැටෙනු දුටු හැරී කුමරු කම්පනයට පත්ව ඇති බව වාර්තා වෙයි.
අති සුඛෝපභෝගී රථයකින් කුඩු විකුණමින් ගිය අඹුසැමියන් ගාල්ල පෝද්දලදී පොලිසියට කොටුවෙද්දී බිරිඳ කාරයේ තනිකර දමා සැමියා පලාගොස් ඇත.
