‘මා ආණ්ඩුවට අභියෝග කරනවා මේ අභියෝගය භාර ගන්න කියලා. හරීන් ඌවේ මහ ඇමති වෙනවා. ඒක ස්ථීරයි. ඒක කාටවත් වළක්වන්න බැහැ. මම ඡන්ද ඔට්ටුවක් අල්ලනවා. එ.ජා.ප. යට ඌව පළාත් සභාව ජයග‍්‍රහණය කිරීමට නොහැකි වුවහොත් විපක්ෂ නායක ධූරයෙන් හා මන්ත‍්‍රී ධූරයෙන් මා ඉල්ලා අස් වෙනවා. ඒ ඡුන්ද ඔට්ටුව ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරයෙකුට භාර ගන්නා ලෙස මා අභියෝග කරනවා’
යයිද ඒ මහතා පැවසුවේය.

නොබෝ දිනකින් පැවැත්වෙන ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂයට ජයග‍්‍රහණය කිරීමට නොහැකි වුවහොත් තමන් දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයෙන් හා මන්ත‍්‍රී ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානම් බව දකුණු පළාත් සභාවේ විපක්ෂ නායක තෙන්නකෝන් නිළමේ මහතා පවසයි.