බ්‍රිතාන්‍ය වාර්තා සදහන් කර ඇත්තේ ඊයේ හැරි කුමරු ගමන් ගත් රේන්ජ් රෝවර් වර්ගයේ රථයට ආරක්ෂාව සපයමින් ගමන් කළ පොලිස් මෝටර් සයිකලය හැරී කුමරුගේ දෑස් ඉදිරිපිට අනතුරට ලක්වු බවයි.
හැරී කුමරු මේ පිළිබදව කම්පාවට සහ කළබලයට පත්ව සිටින අතර අනතුරේ ශබ්දය පමණක් ඇසුනු ඔහුගේ රියදුරා ලන්ඩනයට ත්‍රස්ත ප්‍රහාර එල්වී ඇතැයි බියවී අධි වේගයෙන් අනතුර සිදුවු ස්ථනයෙන් බැහැරට රිය පදවා තිබේ.මෙහිදී හැරී කුමරු විසින් රියදුරාට කරුණු පැහැදිලි කිරීමෙන් පසු යළි අනතුර සිදුවු ස්ථානයට පැමිණ සිද්ධිය විමසා තිබේ.
මෙහිදී මාර්ගය් ටැක්සි සේවයේ යොදවා තිබු ටොයෝටා පියර්ස් වර්ගයේ හයිබ්‍රිඩ් වාහනයක හැරීගේ ආරක්ෂක නිලධාරියා ගැටී ඇති අතර ඉන් ඔහුට තුවාල සිදුවී තිබේ.
(lfn.lk)