ජාත්‍යන්තර පාසලක ගංජා ජාවාරමක් වටලයි

Published in පුවත්
Saturday, 13 September 2014 11:23

arestකොළඹ ජාත්‍යන්තර පාසලක පාසල් දරුවන්ට ගංජා බෙදාහරින පෞද්ගලික ආරක්ෂක සේවාවක නිලධාරියෙකු ගංජා ග්‍රෑම් තිස් පහක් සමගින් ඊයේ (12) දහවල් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ ආරක්ෂක නිලධාරියා තිස්සමහරාම ප්‍රදේශයේ පදිංචි තිස් දෙහැවිරිදි අයෙකු බව සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරි රොහාන් විජේරත්න මහතා පවසයි. අදාළ ආරක්ෂක නිලධාරියා මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ මෙම ජාත්‍යන්තර පාසලේ දරු දැරියන් හට කංසා අලෙවි කොට ඇතැයි සුරාබදු නිලධාරීහු පවසති.

අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ(12) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ උපදෙස් මත සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ අධිකාරී රොහාන් විජේරත්න ස්ථානාධිපති නන්දන පෙරේරා, පරීක්ෂක ගැමුණු කුමාරගේ, සැරයන් මේජර් ලක්මාල් බණ්ඩාර යන මහත්වරු ඇතුළු නිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us